7. අනොමදස්සී බුද්ධවංස වර්ණනාව
සෝභිත භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි පසු එක් අසංඛ්‍යයක් බුද්ධෝත්පාද රහිත විය. අසංඛ්‍යය ගෙවීමෙන් එක් කල්පයක අනෝමදස්සී පදුම නාරද නම් තුන්බුදු කෙනෙක් උපන්හ. උන්වහන්සේලාගෙන් අනෝමදස්සි බුදුහු සෝළසාසංඛ්‍ය කප්ලක්ෂයක් පැරුම් පුරා තුසීපුර ඉපිද දේවතායාචනයෙන් සැව චන්දවතී නම් රාජධානියෙහි යසවා නම් රජකුලයෙහි උස්වූ සොඳුරු පියොවුරු ඇති යසෝධරා නම් අගමෙහෙසි කුස පිළිසිඳ ගත්හ. අනෝමදස්සි කුමරු යසොධරා දේවිය කුසවන් තැන් පටන් උන්වහන්සේ පුණ්‍යප්‍රභාවෙන් අසූරියන් තැන් ආලෝකය පැතිර සිටියේය. සඳහිරු එළියෙන් ද මැඩලිය නොහැකි විය. දසමස් ඇවෑමෙන් ඕ සුනන්ද උයන්හිදී බෝසතුන් වැදුවාය. පෙළහර පෙර කී නියායෙනි.
නම් තබන දින උපතෙහි අහසින් සත්රුවන් වැටුණු හෙයින් අලාමක රුවන් ඉපදීමට හේතු වූ හෙයින් උන්වහන්සේට අනෝමදස්සි කියා නම් තැබූහ. කෙමෙන් වැඩුණු උන්වහන්සේ දිව්‍යමය කම්සැපතින් උවටැන් ලබන්නාක් මෙන් දසදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. උන්වහන්සේට සිරි උපසිරි සිරිවඩ්ඪ යයි තුන් පහයක් විය. සිරිමා බිසොව ප්රමුඛ තෙවිසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. සිරිමා දේවිය උපවාන නම් පුතු බිහිකළ පසු සතර නිමිති දැක සිවීකා යානයෙන් මහබිනික්මන් කොට පැවිදි වූහ. උන්වහන්සේ අනුව තුන්කෙළක් ජනයා පැවිදිවූහ.
මහපුරිස්හි ඔවුන් පිරිවරා දසමසක් ප්‍රධන් වැඩූහ. ඉක්බිති වෙසක් පුන්පොහෝ දින අනූපම බමුණුගම පිඬු සිගා වැඩ අනුපම සිටුදියණිය පිදූ මීකිරිබත් වළඳා සල්වෙනෙහි දාවල් දවස් ගෙවා අනෝම ආජීවක දුන් අට තණමිට ගෙන අර්ජුනවෘක්ෂ බෝධිය පැදකුණු කොට අටතිස් රියන් පුළුල් තණ ඇතිරි අතුරා චතුරංග වීර්යය ඉටා පලක් බැඳ බල සහිත මරු පරදවා තුන්යම්හි ත්‍රිවිද්‍යා උපදවා අනෙකජාති සංසාරං -පෙ- යි උදන් ඇනූහ. එයින් කියන ලදි-
සොභිතස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො
අනොමදස්සි අමිතයසො තෙජස්සී දුරකිත්ත මො
අනොමදස්සි අමිතයසො තෙජස්සී දුරකිත්ත මො
සො ජෙත්වා බන්ධනං සබ්බං විද්ධං සෙත්වාතයො භවෙ
අනිවත්ථිගමනං මග්ගං දෙසෙසි දෙවමානුසෙ
අනිවත්ථිගමනං මග්ගං දෙසෙසි දෙවමානුසෙ
සාගරොව අසංඛොබ්බො පබ්බතොව දුරාසදො
ආකාසොව අනන්තො සො සාලරාජාව පුල්ලිතො
ආකාසොව අනන්තො සො සාලරාජාව පුල්ලිතො
දස්සන්නෙපි තං බුද්ධං තොසිතා හොන්ති පාණිනො
ව්යාහරන්තංගිරං සුත්වා අමතං පාපුණන්ති තෙති
ව්යාහරන්තංගිරං සුත්වා අමතං පාපුණන්ති තෙති
එහි අනොමදස්සි යනු; අනුපම දර්ශන ඇත්තේ, අපමණ දර්ශන දත්තේ. අමිතයසො යනු; අපමණ පිරිවර අපමණ කීර්ති ඇත්තේ. තෙජස්ස යනු; සීල සමාධි ප්‍රඥා තෙදින් යුක්ත වූයේ. දුරතික්තමො යනු; යටපත් නොකළ හැක්කේ වෙනත් දෙවියකු මරෙකු කිසිවෙකු විසිනුත් නොමැඩිය හැක්කේ යන අර්ථයි. සො ජෙත්වා බන්ධනං සබ්බං යනු; සියලු දශවිධ සංයෝජන සිඳ විද්ධංසෙත්වං තයො ආවෙ යනු; ත්රිභවගාමී කර්ම කර්මක්ෂයකර ඥානයෙන් නසා, අභාව කොට යන අර්ථයි. අනිවත්ති ගමනං මග්ගං යනු; නිවෘත්ති ප්‍රවෘත්තියට පටහැණි නිවන අනිවත්ති යයි කියැවේ. ඒ අනවත්තියට මෙයින් යේ නුයි අනවත්තිගමනයි. ඒ අනුවත්ති ගමන මාර්ග වූ අරිඅටඟිමඟ දෙසූහ යන අර්ථයි. දස්සෙයි යනුත් පාඨයි. අර්ථය එයමැයි. දෙවමානුසෙ යනු; දෙවිමිනිසුන්ට. ඡට්ඨි අර්ථයෙහි කර්ම පදයි.