24. කස්සප බුද්ධවංස වර්ණනාව
කෝනාගමන භාග්‍යවතුන් වහන්සේගෙන් පසුව උන්වහන්සේගේ ශාසනයද අතුරුදන් වීමෙන් පසු තිස්දහසක් අවුරුදු ආයු ඇති සත්ත්වයෝ කෙමෙන් පිරිහී දසවස් ඇත්තෝව නැවත වැඩී අපමණ ආයුෂ ඇත්තෝ වූහ. යළි පිරිහී සත්ත්වයන් විසිදහසක් වස් ඇත්තන් වූ කල්හි නොඑක් මනුෂ්‍යයන්ට සදහම් පෙන්වන්නා වූ කස්සප නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළවූහ. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද එයින් චුතව බරණැස් නුවර බඹදත් නම් බමුණහුගේ මහා ගුණැති ධනවතී නම් බැමිණිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් ඉසිපතන මිගදායෙහි මවුකුසින් බිහිවූහ. ගෝත්‍ර වශයෙන් උන්වහන්සේට කස්සප කුමාරයි නම් කළහ. උන්වහන්සේ අවුරුදු දෙදහසක් ගිහිගෙයි විසූහ. හංසවා යසවා සිරිනන්ද යයි උන්වහන්සේට තුන්පහයක් විය. සුනන්දා නම් බැමිණිය ප්රමුඛ අටසාළිස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
උන්වහන්සේ සතර නිමිති දැක සුනන්දා බැමිණියට විජිතසේන නම් පුතු උපන් කල්හි උපන් සංවේග ඇත්තාහු මහබිනික්මන් නික්මෙතියි සිතූහ. උන්වහන්සේගේ පරිවිතර්කයත් සමගම ප්‍රාසාදය කුඹල් සකක් මෙන් කැරකී අහස්කුසට නැග තරුගණ පිරිවැරූ සඳ මෙන් නොඑක් සියගණන් මිනිසුන් පිරිවරා අහස්තලය අලංකාර කරන්නාක් මෙන් පින් අනුහස් ප්‍රකාශ කරන්නාක් මෙන් ජනනුවන් ඇදගන්නාක් මෙන් රුක් අග් පොළඹන්නාක් මෙන් ගොස් නිග්රොධ බෝධිය මැදිකොට බිම පිහිටියේය. එවිට මහසත් බෝසත්හු පොළොවෙහි පිහිටා දෙවියන් දුන් අර්හත් ධජ ගෙන පැවිදි වූහ. උන්වහන්සේගේ නාටක ස්ත්‍රීහු පහයෙන් බැස අඩගව්වක් මඟ ගොස් පිරිවර සහිතව සමූහව සිටියහ. ඉක්බිති පිරිවර ස්ත්‍රීන් හැර සමඟ ආ සියල්ලෝ මහණ වූහ.
ඔවුන් විසින් පිරිවරන ලද මහසත්හු ප්‍රධන්හි යෙදී වෙසක් පුන් පොහෝදා සුනන්දා බැමිණිය පිදූ මීකිරිබත් වළඳා කිහිරිවෙනෙහි දිවාවිහාර කොට සවස සොම නම් ගවපාලක දුන් අටතණමිට ගෙන නුග බෝධිය වෙත පැමිණ පසළොස්රියන් තණ ඇතිරි අතුරා එහි වැඩහිඳ අභිසම්බෝධියට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග පැවිදි වූ කෝටියක් භික්ෂූන්ගේ හේතුසම්පත් දැන අහසින් වැඩ බරණැස ඉසිපතන මිගදායෙහි බැස එහි ඔවුන් පිරිවරන ලදුව දම්සක් පැවැත්වූහ. එකල විසිකෙළ දහසක් දෙනාට ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
කෝනාගමනස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො
කස්සපො නාම නාමෙන ධම්මරාජා පභංකරො
කස්සපො නාම නාමෙන ධම්මරාජා පභංකරො
සංජඩ්ඩිනං කුලමූලං බවහන්නපානභොජනං
දත්වාන යාචකෙ දානං පරයිත්වාන මානසං
[missing pali]
දත්වාන යාචකෙ දානං පරයිත්වාන මානසං
[missing pali]
ධම්මචක්කප්පවත්තෙන්තෙ කස්සපෙ ලොකනායකෙ
වීසතිකොටිසහස්සානං පඨමාභිසමයො අහූති
වීසතිකොටිසහස්සානං පඨමාභිසමයො අහූති
එහි සඤ්ජඩ්ඩිතං යනු; දමන ලද ඉවත් කරන ලද හැරදමන ලද. කුලමූලං යනු; කුලගෙය. අප්‍රමාණ භොගරාශිය නේකළ දහස් ධන රාශිය ශක්‍ර භවනය සමාන භවනය යන හැර දැමීමට අතිදුෂ්කර දේ කණපරචලනු සේ හැරදමන ලදි යන අර්ථයි. යාචකෙ යනු; යදියනට දී. අලකං යනු; ගාල. යම්සේ ඍෂභයා ගල බිඳගෙන සුවසේ කැමති තැනට යන්නේ ද මෙසේ මහපුරිස්හුද ගෘහබන්ධන කඩා අභිසම්බෝධියට පත්වූහ යන අර්ථයි.