23. කොණාගමන බුද්ධවංස වර්ණනාව
කකුසඳ භාග්‍යවතුන් වහන්සේගෙන් පසුකාලයෙහි උන්වහන්සේගේ සසුන අතුරුදන් වීමෙන් පසු සත්මසක් තිස්දහසක් ආයුවූ කල්හි පරහිත සඳහා නැමුණු කෝනාගමන නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. මෙහිලා ආයුෂය කෙමෙන් පිරිහුණු සේ දක්වන ලදි. එසේ පිරිහුණේ නොවෙයි. මෙසේ පිරිහී වැඩී පිරිහිණැයි දතයුතුය. කෙසේ ද? මෙම කල්පයෙහිම කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේ සතළිස් දහස් වස් කාලයෙහි උපන්හ. එම ආයුෂය පිරිහෙනුයේ දසවස් කාලයට පැමිණ නැවත අසංඛ්‍යය වී නැවත අසංඛ්‍ය වී එයින් පිරිහෙනුයේ තිස්වස් දහස් කාලයෙහි පිහිටියේය. එකල්හි කෝනාගමන භාග්‍යවතුන් වහන්සේ උපන්හයි දතයුතුය.
උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව සෝභවතී නුවර පඤ්ඤදත්ත බ්‍රාහ්මණයාගේ භාර්යාව වූ රූපාදි ගුණයෙන් අනුත්තර උත්තරා නම් බැමිණිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සුභගවතී උයන්හි මවුකුසින් බිහිවූහ. උපදිද්දී මුළු දඹදිව වැස්ස රන් වරුසාවක් වැස්සේය. එයින් උන්වහන්සේට රන්වැසි ආ කරුණින් කනකාගමනයයි නම් කළහ. උන්වහන්සේ ඒ නම පරිණාම වනුයේ කෝනාගමනයයි විය. උන්වහන්සේ තුන්දහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. තුසිත, සන්තුසිත, සන්තුට්ඨි නම් තුන් පහයක් විය. රුචිගත්තා බ්‍රාහ්මණිය ප්රමුඛ සොළොස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
උන්වහන්සේ සතර නිමිති දැක රුචිගත්තා බ්රාහ්මණියට සත්ථවාහ නම් පුතු උපන් කල්හි ඇත්යානයෙන් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. තිස්දහසක් පුරුෂයෝ උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවරන ලද උන්වහන්සේ සමසක් ප්‍රධන් වඩා වෙසක් පුන් පොහෝදින අග්ගිසොණ බ්‍රාහ්මණයාගේ දියණිය දුන් මීකිරිබත් වළඳා කිහිරි වෙනෙහි දිවාවිහාර කොට සවස් කල තින්දුක නම් යවපල්ලා දුන් අටතණමිට ගෙන පුණ්ඩරීක බෝධියෙහි කී පමණ ඵලවිභූතියෙන් යුත් උදුම්බර බෝධිය වෙත දකුණින් පැමිණ විසිරියන් පමණ තණ ඇතිරි අතුරා පලක් බැඳ මරබල නසා දසබල ඤාණ ලබා උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග පැවිදි වූ තිස්දහසක් පමණ භික්ෂූන්ගේ හේතුසම්පත් දැක අහසින් වැඩ සුදස්සන නුවර ළඟ ඉසිපතනයෙහි බැස උන්වහන්සේලා මැද සිට දම්සක් පැවැත්වූහ. එකල්හි තිස්කෙළ දහසකට ප්‍රථම ධර්මාභිසමය විය.
නැවත සුන්දර නුවර දොර මහසල් රුක මුල යමක ප්රාතිහාර්යය කොට විසිකෙළ දහසකට දහම් අමා පෙවූ සේක. එය දෙවන අභිසමය විය. සිය මෑණි උත්තරාවන් ප්රමුඛකොට දසදහසක් සක්වළ රැස්වූ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ විජම්පිටකය දෙසද්දී දසකෙළ දහසකට තෙවන ධර්මාභිසමය විය. එයින් කියන ලදි-
කකුසන්ධස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො
කොනාගමනො නාම ජිනො ලොකජෙට්ඨො නරාසභො
කොනාගමනො නාම ජිනො ලොකජෙට්ඨො නරාසභො
දසධම්මෙ පූරයිත්වා කනතාරං සමතික්කමි
පවාහිය මලං සබ්බං පත්තො සම්බොධිමුත්තමං
පවාහිය මලං සබ්බං පත්තො සම්බොධිමුත්තමං
ධම්මචක්කං පවත්තෙන්තෙ කොනාගමනායකො
තිංසකොටිසහස්සානං පඨමාභිසමයො අහූ
තිංසකොටිසහස්සානං පඨමාභිසමයො අහූ
පාටිහීරං කරොන්තෙ ච පරවාදප්පමද්දනෙ
වීසතිකොටිසහස්සානං දුතියාභිසමයො අහූ
වීසතිකොටිසහස්සානං දුතියාභිසමයො අහූ
තතො විකුබ්බණං කත්වා ජිනො දෙවපුරං ගතො
වසති තත්ථ සම්බුද්ධො සිලාය පණ්ඩුකම්බලෙ
වසති තත්ථ සම්බුද්ධො සිලාය පණ්ඩුකම්බලෙ
පකරෙණ සත්ත දෙසෙන්තො වස්සං වසති සො මුනි
දසකොටිසහස්සානං තතියාභිසමයො අහූති
දසකොටිසහස්සානං තතියාභිසමයො අහූති
එහි දසධම්මෙ පූරයිත්වා යනු; දසපාරමී ධර්ම පුරා. කනතාරං සමතික්කමී යනු; ජාති කාන්තාරය ඉක්මවීය. පවාහිය යනු; පා කොට. මලං සබ්බං යනු; රාගාදි මලතුන. පාටිහීරං කරොන්තෙ ච පරවාදප්පමද්දනෙ යනු; භාග්‍යවතුන් වහන්සේ පෙළහර කරද්දී යන අර්ථයි. විකුබ්බණං යනු; විකුර්වණ ඍද්ධිය. සුන්දර නුවර දොර යමාමහ පෙළහර කොට දෙව්පුරයට වැඩ එහි පඩුඇඹුල් සලසුනෙහි විසූහ. කෙසේ විසූහුද පකරෙණ සත්ත දෙසෙන්තො යනු; එහි දෙවියන්ට සප්ත ප්රකරණ සංඛ්‍යාත අභිධර්ම පිටකය දේශනා කරමින් විසූහ. මෙසේ එහි භාග්‍යවතුන් වහන්සේ අභිධර්මය දේශනා කරද්දී දසකෙළ දහසකට ධර්මාවබෝධය විය යන අර්ථයි.
පිවිතුරු පැරුම් පුරා පැමිණි කෝනාගමන භාග්‍යවතුන් වහන්සේට ද එකම ශ්‍රාවක සන්නිපාතයක් විය. සුරින්දවතී නුවර සුරින්දවතී උයන්හි වසන සේක් තිස්දහසක් පිරිවර ඇති භීයස රාජකුමාරයාට සහ උත්තර රාජ පුත්‍රයාට ද යන දෙදෙනාට දහම් දෙසා ඒ සියලු දෙන එහිභික්ෂු පැවිද්දෙන් පැවිදි කරවා උන්වහන්සේලා මැද නවම් පුන් පොහෝ දින පාමොක් දෙසූහ. එයින් කියන ලදි-
තස්සාපි දෙවදෙවස්ස එකො ආසි සමාගමො
ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං
ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං
තිංසභික්ඛු සහස්සානං තදා ආසි සමාගමො
ඔඝා නමතික්කන්තානං භිජ්ජිතානඤ්ච මච්චුයාති
ඔඝා නමතික්කන්තානං භිජ්ජිතානඤ්ච මච්චුයාති