19. විපස්සී බුද්ධවංස වර්ණනාව
ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් පසුකල අන්තරකල්ප සහිත ඒ කල්පය ගත වූ කල්හි මෙයින් ඒකානූවන කප සියලු විකල්ප දත් පරහිත නිරත සංකල්ප ඇති සර්වාර්ථයන් විශේෂයෙන් දක්නා විපස්සී නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ පැරුම්පුරා නන්රුවන් කාන්ති සමූහයෙන් දිදුලන භවනයන් ඇති තුසිත භවනයෙහි ඉපිද ඉන් සැව බන්ධුමතී නම් අගමෙහෙසි කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ දසමස් ඇවෑමෙන් ඛේම මිගදායෙහි මේ වලාරොදින් පුන්සඳ සේ මවුකුසින් බිහිවූහ. උන්වහන්සේට නම්තබන දින ලක්ෂණ පාඨකයෝ ද නෑයෝ ද දිවා රැ අතරතුර මොහොතකුදු අන්ධකාරයක් නොමැතිව පිරිසිදුව දක්නේය. විවෘත ඇසින් දක්නේයයි විපස්සී කියා නම් කළහ. විමස විමසා දක්නේ යයි විපස්සී නමැයිද කියති. උන්වහන්සේ අටවස් දහසක් ගිහිගෙයි විසූහ. නන්ද, සුනන්ද, සිරිමා නම් තුන්පහයක් විය.
සුදස්සන දේවිය ප්රමුඛ, එක්ලක්ෂ විසිදහසක් ස්ත්‍රීහු වූහ. සුතනු යනු ද සුදස්සනායි කියනු ලැබේ. උන්වහන්සේ අටවස දහසක් ඉක්මීමෙන් සතර නිමිති දැක සුතනු දේවියට සමවත්තක්ඛන්ධ නම් පුතු උපන් කල්හි ආජඤ්ඤ රථයෙන් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. උන්වහන්සේ අනුව අසූහාර දහසක් පුරුෂයෝ මහණ වූහ. ඒ මහාපුරුෂයාණෝ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වඩා වෙසක් පුන්පොහෝදින සුදස්සන සිටුදියණිය දුන් මීකිරිබත් වළඳා කුසුමින් සමලංකෘත සාලවනයෙහි දිවාවිහාර ගෙවා සුජාත නම් යවපාලක දුන් අටතණමිට ගෙන සමලංකෘත පළොල් බෝධිය දැක දකුණු දිගින් බෝධිය කරා ගියහ.
ඒ පළොල් බෝධියෙහි සමවටකඳ ඇත්තේය. එදින පනස් රියන්ව උඩ නැගුණේය. ශාඛාව පනස් රියන්ය. උසින් රියන් සියයක් විය. එදිනම ඒ පළොල් රුක කර්නිකබද්ධ වූවාක් මෙන් සුවඳමලින් මුල පටන් හැම ලෙසින් ගැවසී ගත්තේය. දිවසුවඳ හමයි. එකල්හි මේ රුක පමණක් නොවීය. දසදහසක් සක්වළ අභ්‍යන්තරයෙහි ධජමාලායෙන් ආකූල විය. ඒ ඒ තැන මාලාගුළ විසිරී නන් සුවඳ කුසුමින් විසිරී පොළෝතලය සුවඳ දුමින් අඳුරු විය. එම රුක වෙත එළඹ තෙපනස් රියන් පුළුදෙති තණ ඇතිරි අතුරා සතරකින් යුත් වර ඉටු බුදු බව ලබනතුරු නොනැගිටිමි යන ප්‍රතිඥා කොට වැඩහුන්හ. එසේ වැඩහිඳ මරු සහිත මරබල නසා මාර්ග පිළිවෙලින් සතර මාර්ග ඥාන ද මාර්ගයට අනතුරුව සතර ඵලඥාන ද සිවුපිළිසිඹියා චතු යොනි පරිචේඡෙදක ඤාණය පංචගති පරිච්ඡෙදක ඤාණ චතුවෙසාරජ්ජ ඤාණ ෂඩ් අසාධාරණ ද සියලුම බුදුගුණ ද අත්පත් කොට පිරුණු සංකල්ප ඇත්තාහු බෝපලඟෙහිම වැඩහිඳ
නොඑක් ජාතිවල සැරිසැරීමි -පෙ- තෘෂ්ණාක්ෂය සාක්ෂාත් කළෙමි.
යගුළියෙහි පහරන ලද දිලෙන ගින්න අනුපිළිවෙලින් නිවීමට පත්කල්හි ගතිය නොදත හැක්කාක් මෙන්