18. ඵුස්ස බුද්ධවංස වර්ණනාව
උන්වහන්සේට පසුව අනුක්රමයෙන් හානියට පත්ව නැවත වැඩී අපරිමිත ආයු ඇත්තෝව ක්රමයෙන් පිරිහී අනූදහසක් අවුරුදු ආයු වූ කල්හි එම කපම ඵුස්ස නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් චුතව කසීනුවර ජයසේන රජුගේ අගමෙහෙසි සිරිමා දේවිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සිරිමා උයන්හි මවුකුසින් බිහිවූහ. උන්වහන්සේ සදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. උන්වහන්සේට ගරූළපක්ඛ හංස සුවණ්ණ හාරා නම් තුන් පහයක් විය. කිසාගෝතමී ප්රමුඛ තිස්දහසක් ස්ත්රීහු උවටැන් කළහ.
උන්වහන්සේ සතර නිමිති දැක කිසාගෝතමිය අනුපම නම් පුතු වැදූ කල්හි සරසන ලද ඇත්කඳ මත නැගී මහබිනික්මන් නික්ම පැවිදි වූහ. කෙළක් දෙන උන්වහන්සේ අනුව පැවිදි වූහ. උන්වහන්සේලා පිරිවරා සමසක් ප්රධන් වඩා ඉක්බිති ගණයා කෙරෙන් වෙන්ව එකලාව එකචර්යාව වඩමින් සතියක් වැස වෙසක් පුන්පොහෝ දින එක්තරා නුවරක එක්තරා සිටුවරයකුගේ සිරිවඩ්ඪා නම් දියණියක පිදූ මීකිරිබත් වළදා ඇට්ටේරිය වනයෙහි දිවාවිහාර ගෙවා සවස් වේලෙහි සිරිවඩ්ඪ නම් තාපසයන් දුන් අටතණමිට ගෙන නෙල්ලි බෝධිය වෙත පැමිණ අටතිස් රියන් තණ ඇතිරි අතුරා බුදු බවට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන්වහන්සේ සමග මහණ වූ කෙළක් භික්ෂූන්ගේ ධර්මාවබෝධයට සමත්බැව් දැන අහසින් අවුත් සංකස්ස නුවර ඉසිපතන මිගදායෙහි බැස උන්වහන්සේලා මැද දම්සක් පැවැත්වූහ. එදා කෙළලක්ෂයක් දෙනාට ප්රථම ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
තත්ථෙව මණ්ඩකප්පම්හි අහු සත්ථා අනුත්තරො
අනුපමො අසදිසො ඵුස්සො ලොකග්ගනායකො
අනුපමො අසදිසො ඵුස්සො ලොකග්ගනායකො
සොපි සබ්බං තමං හනත්වා විජටෙත්වා මහාජටං
සදේවකං තප්පයන්තො අභිවස්සි අමතම්බුනා
සදේවකං තප්පයන්තො අභිවස්සි අමතම්බුනා
ධම්මචක්කං පවෙත්තන්තෙ ඵුස්සෙ නක්ඛත්තමංගලෙ
කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
එහි තත්ථෙව මණ්ඩප්පම්හි යනු; යම්කපක බුදුවරු දෙනමක් උපදිත්ද ඒ කප මණ්ඩකප්පයයි යට කියන ලද්දේමය. විජටෙත්වා යනු; විසඳා. මහජටං යනු; මෙහි ජටා යනු මෙය තෘෂ්ණාවට නාමයකි. එය රූපාදි අරමුණුවල උඩු යටි වශයෙන් නැවත නැවත උපදින බැවින් ගෙතෙන අර්ථයෙන් නූල් පන්දුවක් දැල්පූපයක් බඳු අවුල් ජාලයක් මෙනැයි ජටා යි කියන ලදි. එය මහාජටාවයි. සදේවකං යනු; දෙවියන් සහිත ලෝකයයි. අභිවස්සි යනු; වැස්සවීය. අමතම්බුනා යනු; අමෘත සංඛ්යාත ධර්මකථා ජලයෙන් සත්වමින් වැස්සවීය යන අර්ථයි.
යම් කලෙක්හි බරණැස් නුවර සිරිවඩ්ඪ නමැත්තේ මහසම්පත් අතහැර තවුස් පැවිද්දෙන් පැවිදි වූයේද ඔහු සමග පැවිදි වූ තාපසයෝ අනූලක්ෂයක් වූහ. භාග්යවතුන් වහන්සේ ඔවුන්ට දම් දෙසූහ. එකල අනූ ලක්ෂයකට දෙවන ධර්මාභිසමය විය. යම්දාක සිය පුත් අනුපම කුමරුට දහම් දෙසූ සේක්ද එකල අසූ ලක්ෂයකට තෙවන ධර්මාභිසමය විය. එයින් කියන ලදි-