සුමේධ කථාව
දැන්:-
කප්පෙ ච සතසහස්ස චතුරො ච අසංඛියෙ
අමරං නාම නගරං දස්සනෙය්‍යං මනොරමංති.
ආදි නයින් පවත්නා බුද්ධවංස වර්ණනයට අවස්ථාව ආයේය. එම බුද්ධවංස වර්ණනය යම්හෙයකින් සූත්‍රනික්‍ෂේපය විචරකොට කීමෙන් පැහැදිලි වන්නේද එහෙයින් පළමුකොට සූත්‍රනික්‍ෂෙප විවරණය දතයුතුය. අත්තජ්ඣාස, පරජ්ඣාස ,පුච්ඡාවසික, අට්ඨුප්පත්තිකයයි සූත්‍ර දේසනා සිවුවැදෑරුම් වෙයි. එහි යම් සූත්‍ර භාග්‍යවතුන් වහන්සේ අනුන් විසින් ආරාධනා නොකරන ලදුව හුදෙක් තමන්වහන්සේගේ අදහස අනුව දේශනා කළ සේක්ද, එනම් ආකංඛෙය්‍ය සුත්ත වත්‍ථ සූත්‍රාන්තාදිය මෙනි. එහි ආත්මාධ්‍යාශය බහාලූහ.
යම් සූත්‍ර “පරිපක්කා ඛො රාහුලස්ස විමුත්තිපරිපාචනීයාධම්මා යන්නූනාහං රාහුලං උත්තරි ආසවානං ඛයෙ විනෙය්‍යං”යි මෙසේ අනුන්ගේ අදහස ඉවසීම සිත අවබෝධ කරන බව බලා පරාධ්‍යාශ වශයෙන් රාහුලෝවාද සුත්ත ධම්මචක්කප්පවත්තන සූත්‍රාදිය මෙන් දෙසූ සූත්‍රාන්තවල අනුන්ගේ අදහස බහාලූහ.
බුදුන් කරා එළඹ ඒ ඒ දෙව්මිනිස්සු ප්‍රශ්න අසති. මෙසේ විමසීමෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේවතා සංයුත්ත බොජ්ඣංග සංයුත්තාදි වශයෙන් යමක් දේශනා කරන ලදද එහි පුච්ඡාවසික බව බහාලූහ.
ධම්මදායාද පුත්තමංසූපමාදි උපන් කරුණක් නිසා යමක් දේශනා කරන ලදද එහි අර්ථොත්පත්තිය බහාලූහ. මෙසේ මේ සතර සූත්‍ර නික්‍ෂෙපයන්හි මේ බුද්ධවංස දේශනාව පුච්ඡාවසික නික්‍ෂෙපයෙහි ඇතුළත් වෙයි. පුච්ඡා වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය තබන ලදි. කවරහුගේ ප්‍රශ්න කිරීමක් වශයෙන් ද? ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේය. මේ නිදානයෙහි මෙය කියන ලදි:-
සාරිපුත්තො මහාපඤ්ඤො සමාධිජ්ඣාන කොවිදො
පඤ්ඤාය පාරමිප්පත්තො පුච්ඡති ලොකනායකං
කීදිසො තෙ මහාවීර අභිනීහාරො නරුත්තමාති
ආදියයි. එබැවින් මේ බුද්ධවංස දේසනාව පුච්ඡාවසික යයි දතයුතු.
එහි කප්පෙ ච සතසහස්සෙ යනු; මෙහි මේ කප්ප ශබ්දය වනාහි අභිසද්දහන වොහාර කාල පඤ්ඤත්ති ඡෙදන විකප්ප ලෙස සමන්තභාව ආයුකප්ප මහාකප්ප ආදියෙහි පැනේ. ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මා සමබුද්ධස්ස ආදියෙහි අභිසද්දහනයෙහි පෙනේ. අනුජානාමි භික්‍ඛවෙ පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං මේ ආදියෙහි ව්‍යවහාරයෙහිය. යෙන සුදං නිච්චකප්පං විරහංති ආදියෙහි කාලයෙහිය. ඉච්චායස්මා කප්පො යනු ද නිග්‍රොධ කප්පො ඉති තස්ස නාමං තයා කතං භගවා බ්‍රාහ්මණස්ස යි මෙ ආදියෙහි ප්‍රඥප්තියෙහිය. අලංකත කප්පිත කෙසමස්සු ආදියෙහි ඡෙදනයෙහිය. කප්පති ද්වංගුලකපප්පො ආදියෙහි විකල්පයෙහිය. අත්‍ථි කප්පො නිපජ්ජිතුං ආදියෙහි ස්වල්පයෙහිය. කෙවල කප්පං ජේතවනං ඔභාසෙත්‍වා ආදියෙහි හාත්පස බවෙහිය. තිට්ඨතු භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං මෙහි ආයු කල්පයෙහිය. කීදිසො නු ඛො භන්තෙ කප්පො මෙහි මහා කල්පයෙහිය. ආදී ශබ්දයෙන් සත්තුකප්පෙන වාත භොමයං සාවකෙන සද්ධිං මන්තයමානා නජානිම්හ මෙහි සමානතාවෙහිය. කප්පො නට්ඨො හොති කප්පකතොකාසො ජිණ්ණෙහොති මෙහි විනය කල්පයෙහිය. මෙහි වනාහි මහා කල්පයෙහි දතයුතුය. එහෙයින් කප්පෙ ච සතසහස්සෙ යනු මහාකල්ප ලක්‍ෂයක යන අර්ථයි. චතුරො ච අසංඛියෙ යනු; සතර අසංඛ්‍යෙයකින් මත්තෙහි යයි වචනශේෂය දතයුතුයි. කල්ප ලක්‍ෂයක් අධික සාරාසංඛ්‍ය කල්පයකින් මත්තෙහි යන අර්ථයි. අමරං නාම නගරං යනු; අමරං කියා ද අමරවතී කියා ද ලබන ලද නම් ඇති නගරයක් විය. සමහරු අන් අයුරකින් ද වර්ණනා කරති. ඉන් කම් නැත. ඒ නගර නාමයයි. දස්සනෙය්‍යං යනු; මනාව බෙදූ විචිත්‍ර සිවුමං සන්‍ධි දොරටු සිවුරැස් සන්‍ධි ප්‍රාකාරයෙන් වටකරන ලද ප්‍රාසාද මන්දිර භවනාදියෙන් සමලංකෘත හෙයින් දර්ශනීය. මනොරමං යනු; සම පිවිතුරු පරම රමණීය භූමිභාග හෙයින් ද ඡායා උදක සම්පන්න බැවින් ද සුලභ අහර පැන් ඇති හෙයින් ද සියලු උපකරණ පිරුණු හෙයින් ද සමෘද්ධියෙන් යුක්ත හෙයින් ද දෙව්මිනිසුන්ගේ සිත් අලවන බැවින් මනරම්