17. තිස්ස බුද්ධවංස වර්ණනාව
ඒ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේට පසුව එක් කල්පයක් බුද්ධශුන්ය විය. මෙයින් දෙයානූකපින් මතු තිස්ස, ඵුස්ස යයි එකම කල්පයෙහි බුදුවරු දෙනමක් උපන්හ. එහි තිස්ස නම් මහා පුරුෂයාණෝ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව බේම නුවර සච්චසන්ධ නම් රජුගේ අගමෙහෙසි පියුම් පෙති වන් නුවන් ඇති පදුම නම් දේවිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් අනෝම උයන්හි මවුකුසින් බිහි වූහ. සත්දහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. උන්වහන්සේට ගුහසෙල නාරිය නිසභ නම් තුන්පහයක් විය. සුභද්දා දේවිය ප්රමුඛ තෙතිස් දහසක් ස්ත්රීහු වූහ.
උන්වහන්සේ සතර නිමිති දැක සුභද්දා දේවියට පුත්ර ආනන්ද කුමරු උපන්කල සෝණුත්තර නම් අනුත්තර තුරංගාරූඪව මහබිනික්මන් කොට පැවිදි වූහ. මිනිස්සු කෙළක් උන්වහන්සේ අනුව පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්රධන් වඩා වෙසක් පුන්පොහෝදින වීර නියම්ගම්හි වීර සිටුදියණියන් පිදූ මීකිරිබත් වළඳා සල්ලවනයෙහි දිවාවිහාර කොට සවස් කල විජිතසංගාම යවපාලක දුන් අටතණමිට ගෙන පියාබෝධිය වෙත ගොස් සතළිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ මරබල පරදා සර්වඥතාඥාන ප්රතිවේධ කොට උදන් අනා බෝධි සමීපයෙහිම සත්සති ගෙවා හංසවතී නුවර බ්රහ්මදේව උදයන යන හේතුසම්පත් ඇති දෙරජකුමරුන් දැක අහසින් වැඩ හංසවතී නුවර මිගදායෙහි බැස උයන්පල් ලවා රජකුමරුන් කැඳවා පිරිවර සහිත ඔවුන්ට අවිසාරි ව්යාපී මධුර බ්රහ්මස්වරයෙන් දසදහස්රී ලෝකධාතුවට ද හඟවමින් දම්සක් පැවැත්වූහ. එකල්හි සියකෝටියක් දෙනාට ධර්මාවබෝධ විය. ඒ ප්රථමාභිසමයයි. එයින් කියන ලදි-
සිද්ධත්ථස්ස අපරෙන අසමො අප්පටිපුග්ගලො
අනන්තසීලො අමිත යසො තිස්සො ලොකග්ගනායකො
අනන්තසීලො අමිත යසො තිස්සො ලොකග්ගනායකො
තමධෙකාරං විධමිත්වා ඔභාසෙත්වා සදෙවකෙ
අනුකම්පකො මහාවීරො ලොකෙ උප්පජ්ජි චක්ඛුමා
අනුකම්පකො මහාවීරො ලොකෙ උප්පජ්ජි චක්ඛුමා
තස්සාපි අතුලා ඉද්ධි අතුලං සීලං සමාධි ච
සබ්බත්ථ පාරමිං ගන්ථවා ධම්මචක්කං පවත්තයි
සබ්බත්ථ පාරමිං ගන්ථවා ධම්මචක්කං පවත්තයි
සො බුද්ධො දසසහස්සිම්හි විඤ්ඤාපෙති ගිරං සුචිං
කොටිසතානි අභිසමිංසු පඨමෙධම්ම දෙසනො
කොටිසතානි අභිසමිංසු පඨමෙධම්ම දෙසනො
එහි සබ්බත්ථ යනු; සියලු ධර්මයන්හි පාරයට ගොස්. දසසහස්සිම්හ යනු; දසසහස්රයෙහි. ඉක්බිති පසුකලෙක තිස්ස ශාස්තෘන් වහන්සේ සමග මහණ වූ භික්ෂූන්ගෙන් කෝටියක් මහාපුරුෂයාණන්ගේ ගණවාසය අතහැර බෝමුලට වඩින සමයෙහි වෙනත් තන්හි ගියාහු තිස්ස සම්මා සම්බුදුහු ධම්සක් පැවැත්වූහයි අසා යසවතී මිගදායට පැමිණ දසබලයන් වහන්සේට වැඳ උන්වහන්සේ පිරිවරා හුන්හ. භාග්යවතුන් වහන්සේ උන්වහන්සේලාට දම් දෙසූහ. එකල අනූකෝටියකට දෙවන ධර්මාවබෝධය විය. නැවත මහාමංගල සමාගමයෙහි මංගල දේශනා කෙළවර හැටකෝටියකට තෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
දුතියො නවුතිකොටීනං තතියො සට්ඨිකොටියො
බන්ධනාතො පමොචෙසි සම්පත්තෙ නරමරූතදාති
බන්ධනාතො පමොචෙසි සම්පත්තෙ නරමරූතදාති
එහි දුතියො නවුතිකොටීනං යනු; දෙවන අභිසමය අනූකෙළක් ප්රාණීන්ට විය යන අර්ථයි. ඛන්ධනාතො යනු; බන්ධනයෙන්, දස සංයෝජනයෙන් මුදාලූහ යන අර්ථයි. දැන් මුදන ලද සත්ත්වයන් ස්වරූපයෙන් දක්වමින් නරූමරූ යි කීය. නරමරූ යනු; මිනිසුන් දෙවියන්,
යසවතී නුවර වනාහි ඇතුළුවස පැවිදිව රහත් වූ ලක්ෂයක් පිරිවර ඒ ප්රථම සන්නිපාතය විය. මවුපිය දෙපසින් සුජාත වූ සුජාතා නම් රජුගේ නාරිවාහන නම් කුමරු භාග්යවතුන් වහන්සේ නාරිවාහන නුවරට වැඩිකල්හි සපිරිවරින් පෙරගමන්කොට බික්සඟන සහිත දසබලයන් වහන්සේට ආරාධනාකොට සතියක් අසදෘශ දන් පුදා සිය රාජ්යය පුතුට පවරා සපිරිවරින් සකල ලෝකාධිපති තිස්ස භාග්යවතුන් වහන්සේ වෙත ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි විය. එතුමාගේ එම පැවිද්ද සියලු දිසාවන්හි ප්රකට විය. එහෙයින් ඒ ඒ දිසාවෙන් අවුත් මහජනයා නාරිවාහන කුමරු අනුව මහණ වූහ. එකල ගථාගතයන් වහන්සේ අනූලක්ෂයක් භික්ෂූන් මැද පාමොක් දෙසූහ. එය දෙවන සන්නිපාතයයි. නැවත ඛේමවතී නුවර ඤාතිසමාගමයෙහි බුද්ධවංස ධර්මකථාව අසා අසූ ලක්ෂයක් උන්වහන්සේ වෙත පැවිදිව රහත්වූහ. උන්වහන්සේලා පිරිවරා සුගතයන් වහන්සේ පාමොක් උදෙසූහ. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-
සන්නිපාතා තයො ආසුං තිස්සෙ ලොකග්ගනායකෙ
ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං
ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං