16. සිද්ධත්ථ බුද්ධවංස වර්ණනාව
ධම්මදස්සි භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ සසුන ද අතුරුදන් වූ පසු ඒ කල්පයද ගතවූ පසු කල්ප එක්දහස් සත්සිය සයකින් එක් කල්පයක ලෝකාර්ථවර පරමාර්ථාධිගත සිද්ධාර්ථ නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළවූහ. එයින් කියන ලදි-
ධම්මදස්සිස්ස අපරෙන සිද්ධත්ථො ලොකනායකො
නිහනිත්වා තමං සබ්බං සුරියොවබ්භූග්ගතො තදාති
නිහනිත්වා තමං සබ්බං සුරියොවබ්භූග්ගතො තදාති
සිද්ධාර්ථ බෝසතාණෝ ද පැරුම් පුරා තුසිත භවනයෙහි ඉපිද එයින් චුතව වේහාර නගරයෙහි උදේන රජුගේ අගමෙහෙසි සුඵස්සා දේවිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් විරිය උයන්හි මුවකුසින් බිහිවූහ. මහසතුන් උපන් කල්හි සියල්ලන්ගේ පටන් ගත් කර්මාන්තද ප්රාර්ථනා කළ කටයුතුද සම්පූර්ණ විය. එබැවින් උන්වහන්සේට ඤාතීහු සිද්ධාර්ථ කියා නම් කළහ. උන්වහන්සේ හවුරුදු දසදහසක් ගිහිගෙයි විසූහ. උන්වහන්සේට කෝකා උප්පල පදුම යයි තුන් පහයක් විය. සොමනස්ස දේවිය ප්රධාන අටසාළිස් දහසක් ස්ත්රීහු උවටැන් කළහ.
උන්වහන්සේ සතර නිමිති දැක සොමනස්ස දේවියට අනුපම කුමරු උපන් කල්හි ඇසළ පුන්පොහෝ දින රන්සිවිගෙයකින් නික්ම විරිය උයන්හි පැවිදි වූහ. කෙළලක්ෂයක් මිනිස්සු උන්වහන්සේ අනුව මහණ වූහ. මහාපුරුෂයාණෝ ඔවුන් සමග දසමසක් ප්රධන් කොට වෙසක් පුන්පොහෝ දින අසදිස බමුණුගම සුනෙත්තා නම් බ්රාහ්මණ කන්යාව පිදූ මීකිරිබත් වළදා ඩෙබර වෙනෙහි දිවාවිහාර කොට සවස වරුණ යවපල්හු දුන් අටතණමිට ගෙන කිනිහිරි බෝධිය වෙත පැමිණ සතලිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ සර්වඥතාඥාන ලැබ උදන් අනා එහි සත්සති ගෙවා තමන් වහන්සේ සමග පැවිදි වූ කෙළලක්ෂයක් භික්ෂූන්ගේ සිවුසස් අවබෝධයට සමර්ථතා දැක අහසින් ගොස් ගයා මිගදායෙහි බැස ධම්සක් දෙසූ සේක. එදින කෙළලක්ෂයක් දෙනාට ප්රථම ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
සොපි පත්වාන සම්බොධිං සන්තා රෙත්වා සදෙවකං
අභිවස්සි ධම්මවෙසෙන නිබ්බාපෙන්තො සදෙවකං
අභිවස්සි ධම්මවෙසෙන නිබ්බාපෙන්තො සදෙවකං
තස්සාපි අතුලතෙජස්ස අහෙසුං අභිසමයාතයො
කොටි සතසහස්සානං පඨමාභිසමයො අහූති
කොටි සතසහස්සානං පඨමාභිසමයො අහූති
එහි සදේවකං යනු; සදේවක ලෝකය. ධම්මමෙඝෙන යනු; ධර්මකථා නමැති මේඝ වර්ෂාවෙන්. නැවත භීමරථ නුවර භීමරථ නම් රජු විසින් ආරාධනා කරන ලදුව නුවරමැද තැනූ සන්ථාගාරයෙහි වැඩ හිඳ කරවීක නාදය මෙන් මිහිරි කනට සුව පරමමධුර පණ්ඩිතයන්ගේ සිත්ගන්නා අමා අභිෂෙකයක් බඳු බඹගොසින් දසදිගුන් පුරවමින් දහම් අමා බෙරය ගැසූහ. එදින නවකෙළක් දෙනාට දෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-