11. සුමෙධ බුද්ධවංස වර්ණනාව
පියුමතුරා බුදුන් පිරිනිවියද උන්වහන්සේගේ සසුන ද අතුරුදන් වූ පසු සැත්තෑකප් ලක්ෂයක් (බුදුවරු නූපන්හ) බුද්ධශුන්ය විය. මෙතැන් පටන් තිස්කප් ලක්ෂයකින් මතු එක් කපෙක සුමේධ සුජාත නම් බුදුවරු දෙනමක් උපන්හ. එහි ප්රඥාධිගත සුමේධ නම් බෝසතාණෝ පැරුම් පුරා තුසී පුර ඉපිද එයින් චුතව සුදස්සන නුවර සුදත්ත නම් රජුගේ අගමෙහෙසි සුදත්තා නම් දේවිය කුස පිළිසිඳ දසමස් ගෙවීමෙන් සුදසුන් උයන වලා විවරගත තරුණ හිරු මෙන් මවුකුසින් බිහිවූහ. උන්වහන්සේ අවුරුදු නවදහසක් ගිහිගෙයි විසූහ. උන්වහන්සේට සුචන්දක කොඤ්ච සිරිවඩ්ඪ නම් ප්රාසාදත්රයක් විය. සුමනා මහාදේවිය ප්රමුඛ හතලිස් අටදහසක් ස්ත්රීහු වූහ.
සතර නිමිති දැක සුමනා දේවියට පුනබ්බසුමිත්ත නම් පුතු උපන් කල්හි ඇත්යානයෙන් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. සිය කෝටියක් මිනිස්සු අනුව පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්රධන් වීර්යය කොට වෙසක් පුන්පොහෝ දින නකුල නිගමයෙහි නකුල සිටුදියණිය දුන් මීකිරිබත් වළඳා සල්උයන්හි දිවාවිහාර කොට සිරිවඩ්ඪ ආජීවක දුන් අටතණමිට ගෙන මිදෙල්ල බෝමුල විසිරියන් පුළුලැති තණ ඇතිරි අතුරා මරබල නසා අභිසම්බෝධියට පැමිණ අනේකජාති ආදි ක්රමයෙන් උදන් අනා බෝධි සමීපයෙහි සත් සති ගෙවා අටවන සතියෙහි බඹහුගේ ධර්මායාචනය පිළිගෙන භව්ය පුද්ගලයන් බලන සේක් සිය බාල සොහොයුරු සරණ කුමරු ද සච්චකාල කුමරු ද තමන් සමග මහණ වූ භික්ෂූන් කෙළසියය ද සිවුසස් අවබෝධයට සමත් බැව් දැන අහසින් වැඩ සුදසුන් නුවර ළඟ සුදසුන් උයන්හි බැස උයන්පල්ලා ලවා සිය සොහොයුරන් කැඳවා පිරිස් සහිත ඔවුන් මැද දම්සක් පැවැත්වූහ. එකල කෙළලක්ෂයකට ධර්මාවබෝධ විය. මේ ප්රථම අභිසමය වෙයි. එයින් කියන ලදි-
පදුමුත්තරස්ස සුමෙධො නාම නායකො
දුරාසදො උග්ගතෙජො සබ්බලොකුත්තමො මුනි
දුරාසදො උග්ගතෙජො සබ්බලොකුත්තමො මුනි
පසන්න නෙත්තො සුමුඛො බ්රහා උජු පතාපවා
හිතෙසී සබ්බසත්තානං බහූ මොචෙසි බන්ධනා
හිතෙසී සබ්බසත්තානං බහූ මොචෙසි බන්ධනා
යදා බුද්ධො පාපුණිත්වා කෙවලං බොධිමුත්තමං
සුදස්සනම්හි නගරෙ ධම්මචක්කං පවත්තයි
සුදස්සනම්හි නගරෙ ධම්මචක්කං පවත්තයි
තස්සාභිසමයාතීනි අහෙසුං ධම්මදෙසනො
කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
එහි උග්ගතෙජො යනු; උග්රතේජස් ඇත්තේ. පසන්ධා නෙත්තො යනු; මනාපහන් නුවන් ඇත්තේ. සෝදා ඔපදමා තිබූ මිණිගුළියක් වැනි නුවන් වෙයි. එහෙයින් එබඳු නුවන් ඇත්තේ වෙයි කියන ලදි. මුදු සිනිඳු නිල් පහන් සියුම් පිහාටුයෙන් වටවූ අතිශයින් ඇස් ඇත්තේ යන අර්ථයි. සුපසන් පසැස් ඇත්තේයි යනු ද වටී. සුමුඛො යනු; පිරිපුන් සරාසඳ වන් මුහුණු ඇත්තේ. බහ්රා යනු; අසූඅට රියන් පමණ සිරුරැති බැවින් බොහෝ මහත් වූයේ. අන්යයන්ට අසාධාරණ ශරීර ප්රමාණ ඇත්තේ යන අර්ථයි. උජූ යනු; බ්රහ්මර්ජුගාත්ර ඇත්තේ. ඍජුවම උස්වූ ශරීර ඇත්තේ. දෙව්නුවරක නැගූ රන්තොරණක වන් උතුම් ශරීර ඇත්තේ යන අර්ථයි. පතාපවා යනු; බබළන ශරීර ඇත්තේ. හිතෙසී යනු සිත සොයන. අභිසමයා තීන යනු; අභිසමය තුනෙකි. ලිංග විපර්යාසයකි.