9. නාරද බුද්ධවංස වර්ණනාව
පදුම සර්වඥයන් වහන්සේ පිරිනිවි කල උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් වූ පසු වසර ලක්ෂයක් ආයු ඇති මිනිස්සු අනුක්රමයෙන් පිරිහී දසවස් ආයු වූහ. නැවත වැඩී අසංඛ්යායුෂ්කව පිරිහී අනූලක්ෂයක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. එකල දසබලධාරී ත්‍රිවිද්‍යා ඇති චතුර්වෛශාරද්ය විශාරද විමුත්තිසාර දෙන්නා වූ නාරද නම් නරසත්වෝත්තම ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ සාරාසංඛ්‍ය කප්ලක්ෂයක් පැරුම් පුරා තුසිත භවනයෙහි ඉපිද එතැනින් චුතව ධඤ්ඤවතී නුවර ස්වකීය වීර්යයෙන් දිනන ලද වාසුදේවයන් බඳු සුදේව නම් රාජකුලයෙහි අගමෙහෙසි නිරූපම අනොම දේවිය කුස පිළිසිඳ ගත්හ. දසමස් ඇවෑමෙන් ධනඤ්ජය උයන්හි මවුකුසින් බිහිවූහ. නම් තබන දින නම් කිරීම කරන කල්හි සියලු දඹදිව් වැසියන්ට පරිභෝගයට ප්‍රමාණවත් අනුරූප ආභරණ අහසින් කල්ප වෘක්ෂාදියෙන් පතිත විය. එහෙයින් උන්වහන්සේට මිනිසුන්ට සුදුසු ආභරණ දුන්හයි නාරද යයි නම් කළහ.
උන්වහන්සේ නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. විජිත විජිකාවි ජිතාභිරාමයයි තුන් ඍතුවට යෝග්‍ය තුන්පහයක් විය. නාරද කුමාරයා හට කුල සීල ආචාර රූප සම්පන්න මනෝකූල වූ විජිතසේනා නම් අතිශයින් පින්වත් කැත් කුමරිය අගමෙහෙසි කළහ. කුමරිය ප්‍රධාන විසිදහසක් අධික ස්ත්‍රීහු ලක්ෂයක් වූහ. ඒ විජිතසේනා දේවියට සකල ලෝකනද කර නන්දුත්තර කුමරු උපන් කල්හි සතර නිමිති දැක සිවුරඟසෙන් පිරිවරා නන්පැහැ වතින් සැරසූ සිරුරු ඇතිව පැළඳගත් මුතුහර මිණිකොඬොල් ඇතිව උතුම් කේයූර මකුට කටකධාරීව පරම සුගන්ධවත් ගඳමලින් සැරසී පයින්ම උයනට ගොස් සියලු අබරණ මුදා භාණ්ඩාගාරික අතට දී තමන්ම නිමල නිල්මහනෙල් පත් සමාන සියුම් මුවහත් කඩුවෙන් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූහ. සක්දෙව් රජ එය රන්කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනයට ගෙන ගොස් සිනෙරු මුදුනෙහි තුන්යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කළේය.
මහපුරිස්සු දෙවියන් දුන් කසාවත් හැඳ එම උයන්හිම පැවිදි වූහ. උන්වහන්සේ අනුව දහස්ගණන් පුරුෂයෝ පැවිදි වූහ. උන්වහන්සේ එහිම සතියක් ප්‍රධන් වීර්යය කොට වෙස් පුන්පොහෝ දින විජිතසේනා අගමෙහෙසිය දුන් කිරිබත් වළඳා එම උයන්හිම දිවාවිහාර කොට සුදස්සන උයන්පල්ලා දුන් අටතණමිට ගෙන මහාසොණ බෝධිය පැදකුණු කොට අටපනස් රියන් තණ ඇතිරි අතුරා වැඩහිඳ මරබල නසා තුන්යම්හි ත්‍රිවිද්‍යා උපදවා සර්වඥතාඥානය ප්‍රතිවේධ කොට අනේකජාති සංසාරං -පෙ- යන උදන් අනා ධනඤ්ජය උයන්හි තමන් වහන්සේ සමග පැවිදි වූ ලක්ෂයක් භික්ෂූන් පිරිවරා එහි දම්සක් පැවැත්වූ සේක. එකල්හි කෙළලක්ෂයකට ධර්මාවබෝධ විය. එයින් කියන ලදි-
පදුමස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො
නාරදො නාම නාමෙන අසමො අප්පටිපුග්ගලො
නාරදො නාම නාමෙන අසමො අප්පටිපුග්ගලො
සො බුද්ධො චක්කවත්තිස්ස ජෙට්ඨො දයිතඔරසො
ආමුත්තමාලාභරණෙ උය්යානං උපසංකමි
ආමුත්තමාලාභරණෙ උය්යානං උපසංකමි
තත්ථාසි රුක්ඛො යසවිපුලො අභිරූපො බ්රහා සුචි
තමජ්ඣප්පත්වා උපනිසීදි මහාසොණස්ස හෙට්ඨතො
තමජ්ඣප්පත්වා උපනිසීදි මහාසොණස්ස හෙට්ඨතො
තත්ථ ඤාණවරුප්පජ්ජි අන්තං වජිරූපමං
තෙන විචිනි සංඛාරෙ උක්කුජ්ජමවකුජ්ජකං
තෙන විචිනි සංඛාරෙ උක්කුජ්ජමවකුජ්ජකං
තත්ථ සබ්බකිලෙසානි අස්සෙමභිවාහයි
පාපුණි කෙවලං බොධිං බුද්ධඤාණෙච චුද්දස
පාපුණි කෙවලං බොධිං බුද්ධඤාණෙච චුද්දස
පාපුණිත්වාන සම්බොධිං ධම්මචක්කං පවත්තයි
කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
එහි චක්කවත්තිස්ස යනු; සක්විති රජුගේ. ජෙට්ඨො යනු; පළමු උපන්නහු. දයිතඔරසො යනු; දයිත යනුද ඖරස පුත්‍රයායි. දයිතව උරෙහි ගෙන නැලවූ පුත්‍රයායි. ආමත්තමාලාභරණෙ යනු; පැළඳගත් මුතුහර බාහුවළලු අත්වළලු වොටුනු කොඩොල්මාලා ඇත්තේ. උය්යානං යනු; නුවරින් පිටත ධනඤ්ජය නම් උයනට ගියේය.
තත්ථාසි රුක්ඛො යනු; ඒ උයනෙහි එක් රත්තසොණ නම් වෘක්ෂයෙක් විය. එය අනූරියන් උසය. සමවට කඳය. නොඑක් විට ශාඛායෙන් යුක්තය. නිල්ගණ බහුල පත්‍ර ඇත්තේය. ගණසෙවණ සහිතය. දේතාධිගෘහිතය. විහඟ ගණ සේවනයෙන් තොරය. පොළෝතලයට තිලකයක් බඳුය. තරුරාජ්යය කරවන්නාක් මෙන් පරම රමණීය දැකුම් ඇත්තේය. රතු කුසුමින් සමලංකෘත සකල ශාඛායෙන් දෙව්මිනිසුන්ම නයන රසායන වූයේය. යසවිපුලො යනු; මහයසස් ඇත්තේ. මුළු ලොව ප්‍රකට වූයේ තම සම්පතින් හැමතැන ප්රකටව පැතිර ගියේය යන අර්ථයි. සමහරු තත්ථාසි විපුලො රුක්ඛො යි හදාරති. බ්රහා යනු; මහත් දෙවියන්ගේ පරසතු ගස මෙනි යන අර්ථයි. තමජ්ඣප්පත්වා යනු; ඒ සෝණ රුක වෙත පැමිණ, අධිප්රාප්තව, එළඹ යන අර්ථයි. හෙට්ඨතො යනු; ඒ ගස යට