545. නන්දක ථේර අපදාන වර්ණනාව
පස්වැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් නන්දක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේය ආදී සියල්ල පෙළ අනුසරින් පහසුවෙන් දතහැක්කේමය.
නන්දක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
546. කාළුදායි ථේර අපදාන වර්ණනාව
සවැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් කාළුදායී තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසන්නේ ශාස්තෲන් වහන්සේ භික්ෂුවක කුල පහදන්නවුන් අතර අගතන්හි තබනු දැක එබඳු ප්රාර්ථනාවක් කොට ඒ තනතුර පැතීය. ශාස්තෲන් වහන්සේ විවරණ දුන් සේක. හේ දිවි ඇති තාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ බෝධිසත්ත්වයන් මව්කුස පිළිසිඳ ගන්නා දවසෙහි දෙව්ලොවින් චුතව කපිල වස්තුවෙහිම ඇමති කුලයෙක පිළිසිඳ ගත්තේය. බෝසතුන් සමග එකම දවසෙහිම උපන්නේය. එදවසම ඔහු දුහුල් සුඹුළුවක හොවා බෝසතුන්ට උපස්ථානයට ගෙන ගියහ. බෝසතුන් සමග බෝධිවෘක්ෂය, රාහුල මාතාව, සතරමහා නිධාන, ආරෝහනී හස්තියා, කන්ථක, ඡන්න, කාළුදායී යන මේ සත්දෙන එක්දිනයෙක උපන් බැවින් සහජාත නම් වූහ. ඉක්බිති ඔහුට නම් තබන දවසෙහි සියලු නගරයෙහි උද්දාමයට පත් සිත් ඇති දවසෙහි උපන් බැවින් උදායි යැයි නමක් තැබූහ. මදක් කාළවර්ණ බැවින් කාළුදායී යැයි ප්රසිද්ධියට පත්විය. හේ බෝධිසත්ත්වයන් සමග කුමරකෙළි කෙළින්නේ වැඩිවියට ගියේය.
පසුකලෙක ලෝකනාථයන් වහන්සේ මහබිනික්මනින් නික්ම අනුක්රමයෙන් සියල්ල දත් බවට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු රජගහනුවර නිසා වේළුවනයෙහි වාසය කරන සේක. සුදොවුන් මහරජතුමා ඒ පුවත අසා පුරුෂයන් දහසක් පිරිවර ඇතිව එක් ඇමතියකු ‘මාගේ පුත්රයා මෙහි කැඳවාගෙන එවයි යැවීය. හේ ශාස්තෲන් වහන්සේ දහම් දෙසන වේලාවෙහි ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසා පිරිවර සහිතව රහත්බවට පැමිණියේය. ඉක්බිති ‘මහණෙනි එවු’යයි අත දිගුකළ සේක. සියලුදෙන එකෙණෙහිම සෘද්ධිමය පාසිවුරු දරන්නාහු සියවස් සපිරූ තෙරුන් මෙන් වූහ. රහත්බවට පත්වූ තැන් පටන් ආර්යයෝ නම් මධ්යස්ථයෝ වෙති. ඒ නිසා යැවූ හසුන දසබලධාරීන් වහන්සේට නොදැන්වීය. රජතෙමේ ‘ගිය තැනැත්තා නොපැමිණේ. හසුනක්ද අසන්නට නොලැබේ’යයි තවත් ඇමතියකු පුරුෂයන් දහසක් පිරිවරකොට යැවීය. ඔහුද එසේ පිළිපන් කල්හි තවත් ඇමතියකුද එනයින්ම පුරුෂයන් දහසක් පිරිවර කොට ඇමතිවරු නවදෙනකු යැවීය. සියලුදෙන ගොස් රහත්බවට පත්ව නිහඬවූහ.
ඉක්බිති රජතුමා මෙසේ සිතීය. ‘මෙපමණක් දෙන මා කෙරෙහි ස්නේහයක් නැති බැවින් දසබලධාරීන් වහන්සේ මෙහි පැමිණවීම පිණිස කිසිවක් නොකීහ. මේ උදායී වනාහි දසබලධාරීන් වහන්සේ සමග සමවයස් ඇත්තේය. එක්ව වැලිකෙළියෙහි යෙදුණේය. මා කෙරෙහිද ස්නේහවත්ය. මොහු යවන්නෙමියි ඉක්බිති ඔහු ගෙන්වා ‘දරුව, ඔබ පුරුෂයන් දහසක් පිරිවරකොට ගොස් දසබලධාරීන් වහන්සේ මෙහි ගෙන එව’යි කියා යැවීය. ඔහු යන්නේ ‘දේවයන් වහන්ස, යම් හෙයකින් පැවිදි වන්නට ලබන්නේ නම් ඒ අයුරින් මම භාග්යවතුන් වහන්සේ මෙහි ගෙන එන්නෙමි’යි කියා රජු විසින් ‘පැවිදි වුවද මාගේ පුත්රයා පෙන්වව’යි කියන ලද්දේ රජගහනුවරට ගොස් ශාස්තෲන් වහන්සේ දහම් දෙසන වේලාවෙහි පිරිස් කෙළවර සිටියේ දහම් අසා පිරිවර සහිතව රහත්බවට පත්ව ඒහිභික්ෂු භාවයෙහි පිහිටියේය. ‘තවමත් දසබලධාරීන් වහන්සේගේ කුල නුවර යාමට කාලය නොවේ. වසන්ත කාලයද නොඑළඹියේය. වන ලැහැබ් මල් පිපුණු කල්හි හරිත තෘණයෙන් භූමිය ගැවසුණු කල්හි ගමනට කාලය වන්නේය’යි ගමනට කාලය අපේක්ෂාවෙන් වසන්නේ වසන්තය පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේට කුලනුවරට යාමට ගමන් වර්ණනාව කළේය. මෙය ථෙර ගාථාවෙහි කියන ලද්දේය.
‘අඞ්ගාරිනො දානි දුමා භදන්තෙ - ඵලෙසිනො ඡදනං විප්පහාය,
තෙ අච්චිමන්තොව පභාසයන්තී - සමයො මහාවීර භාගීරසානං
තෙ අච්චිමන්තොව පභාසයන්තී - සමයො මහාවීර භාගීරසානං
හිමියනි මෙවිට රුක්හිස් සහළගුරු වගේ
පරඬැල් සලා පලදැරුමට ළඟයි වගේ
ඒ රුක් පහන් සිළුමෙන් බබළමින් නැගේ
සැකිකුලවුන්ට අතදෙත මේ කලැයි හැඟේ
පරඬැල් සලා පලදැරුමට ළඟයි වගේ
ඒ රුක් පහන් සිළුමෙන් බබළමින් නැගේ
සැකිකුලවුන්ට අතදෙත මේ කලැයි හැඟේ
දුමානි ඵුල්ලානි මනො රමානී - සමන්තතො සබ්බදිසා පවන්ති,
පත්තං පහාය ඵලමාසයානො - කාලො ඉතො පක්කමනාය වීර
පත්තං පහාය ඵලමාසයානො - කාලො ඉතො පක්කමනාය වීර
විරුවනි එරුක් මල්බර වී මනහරය
සුවඳින් පුරාලයි දසදෙස පරිසරය
පලබර වනුව සැරසෙයි පරඬැල් හැරය
මෙතැනින් නික්මෙනට දැන් කාලය හරිය
සුවඳින් පුරාලයි දසදෙස පරිසරය
පලබර වනුව සැරසෙයි පරඬැල් හැරය
මෙතැනින් නික්මෙනට දැන් කාලය හරිය
නෙවාති සීතං න පනාති උණ්හං - සුබාඋතු අද්ධනියා භදන්තෙ,
පස්සන්තුතං සාකියා කොලියාච - පච්ඡාමුඛං රොහිණීං තාරයන්තං
පස්සන්තුතං සාකියා කොලියාච - පච්ඡාමුඛං රොහිණීං තාරයන්තං