21-23. කණිකාරපුප්ඵිය වර්ගය
මින්පසුව සියලු තන්හි ගැඹුරු පද වර්ණනාව කරන්නෙමි. විසිඑක් වැනි විසිදෙවැනි විසිතුන්වැනි වර්ගයෙහි ද මනාසේ කරන ලද පිනින් ලද නම් ඇත්තා වූ කරන ලද පින් ඇත්තවුන් ද සියලු තෙරුන් වහන්සේලාගේ විවිධත්වය ද, විවරණ දෙන්නා වූ බුදුවරුන්ගේ නම් ද, වාසය කරන ලද නගර ද යට කියන ලද පරිද්දෙන් සියල්ල නොගැඹුරු ය. අපදාන ගාථාවන්හි අර්ථය ද නයානුසාරයෙන් දතයුතුය.
24. උදකාසන වර්ගය
[missing trans]
තුන්වැනි අපදානයෙහි අරුණවතියා නගරෙ යනු හාත්පසින් ආලෝක කරමින් උදෙති උඩට නැගේනුයි අරුණ නමි. එය එහි දක්නට ලැබේනුයි අරුණවතී. ඒ නගරය එලිය කරමින් සූර්යයා උඩට නැගේ යන අර්ථයි. සෙසු නගරවලද හිරු උදාව දක්නට ලැබෙද්දීත් විශේෂ වචනයකි. සියලු සිව්පාවුන්ට පොළොවෙහි වසානුයි පොළොවෙහි නිදිනුයි මහිසයයි කියන්නාක් මෙන් රූඪි වශයෙන් කියන ලදැයි දතයුතුය. නැතහොත් ප්රාකාර ප්රාසාද මන්දිර ආදියෙහි රන්රිදී මිණිමුතු ආදී සත්රුවන් පැහැයෙන් අරුණ නැගෙන්නාක් මෙන් ප්රභා ඇත්තී අරුණවතී නමි. ඒ අරුණවතී නගරයෙහි පූපිකො මම කැවුම් විකිණීමෙන් ජීවිකාව කරන්නේ වීමි යන අර්ථයි.
සිව්වැනි අපදානයෙහි තීවරායං පුරෙ රම්මෙ යනු පවුරු තුනකින් පරිවාරිතා වටකරන ලද්දේදනුයි තීවරා. කෑම්බීම් උපභෝග වස්ත්රාභරණ ආදී නැටුම් ගැයුම් ආදියෙන් රමණීය වේනුයි රම්මං. ඒ තීවරා පුරෙ රම්ය නගරයෙහි මම කුළුපොත්තෙක් වීමි යනු සම්බන්ධයි.
පස්වැනි අපදානය නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
සවැනි අපදානයෙහි වණ්ණකාරො අහං තදා යනු නිල් කහ රතු ආදී වරණ වශයෙන් වස්ත්ර කරානුයි වර්ණ ගන්වානුයි වර්ණකාර නමි. එහි රජකයෙක් ව චෛත්යය වස්ත්රවලින් වසනකල්හි නොයෙක් වර්ණ ඇති රෙදිවලින් වර්ණ ගැන්වීම් යන අර්ථයි.
සත්වැනි අපදානයෙහි පියාලං පුප්ඵිතං දිස්වා මැනවින් පිපුණු මොරගසක් දැක ගතමග්ගෙ ඛිපිං අහං යනු මම මුවන් මරන වැද්දෙක්ව මොරමල් නෙළා බුදුරජාණන් වහන්සේ වැඩි මාර්ගයෙහි ඛිපිං පූජා කෙළෙමි යන අර්ථයි.
අටවැනි අපදානයෙහි සකෙ සිප්පෙ අපත්ථද්ධො යනු තමාගේ තර්ක ව්යාකරණ ආදී ශිල්පයෙහි අපත්ථද්ධො පිහිටියේ දක්ෂවූයේ මම වනයට අගමං ගියේ වෙමි. සම්බුද්ධං යන්තං දිස්වාන යනු වනාන්තරයෙහි වැඩම කරන්නා වූ විපස්සි සම්බුදුරජාණන් වහන්සේ දැක. අම්බයාගං අදාසහං යනු මම අඹදානයක් දුනිමි යන අර්ථයි.
නවවැනි අපදානයෙහි ජගතී කාරිතා මය්හං යනු අත්ථදස්සී භාග්යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් නිදන් කළ චෛත්යයෙහි ජගති සුන්බුන් ආලින්ද මල්දෙන තැන් සංඛ්යාත වූ ජගති මා විසින් කාරිතා කරවන ලද්දේය යන අර්ථයි.
දසවැනි අපදානය නොගැඹුරු අරුත් ඇත්තේමය.
විසිහතරවැනි වර්ග වර්ණනාව නිමියේය.
25. තුවරදායක වර්ගය
විසිපස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි භරිත්වාතුවරමාදාය යනු තුවරට්ඨි මෑ ඇට වැනි තුවර ඇට තලා පුපුරවා භාජනයකින් ගෙන සංසස්ස වනමැද වෙසෙන සංඝයාට අද්දිං දුනිමි යන අර්ථයි.
දෙවැනි අපදානයෙහි ධනුං ද්වෙජ්ඣං කත්වාන යනු මුව ආදීන් මරනු පිණිස දුන්න සාදාගෙන හැසිරෙමින්. තෙසරං ඔසවං දිස්වා යනු මැනවින් මල් පිපුණු කුඩා විලක් දැක. බුද්ධස්ස අභිරොපෙසිං යනු මම සිත පහදවාගෙන වනයට සපැමිණි තිස්ස භාග්යවතුන් වහන්සේට අභිරොපෙසිං පූජා කෙළෙමි යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි ජලකුක්කුටො යනු ජාතස්සරයෙහි හැසිරෙන දියසැවුළා. තුණ්ඩෙන කෙසරිං ගය්හ යනු නෙළුම්විලක් මුවතුඩින් ඩැහැගෙන, අහසින් වඩින්නා වූ තිස්ස භාග්යවතුන් වහන්සේට අභිරොපයිං පිදුවෙමි යන අර්ථයි.
සිව්වැනි අපදානයෙහි විරවපුප්ඵං පග්ගය්හ යනු විවිධ ලෙස නද කරානුයි ශබ්ද නගානුයි විරවං, හඬ නගන වේලාවෙහි පිපෙන විරවයයි නම් ලද මල් සමූහයක් ආදාය ගෙන සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේට අභිරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.
පස්වැනි අපදානයෙහි කුටිගොපකො යනු සෙනසුන් පාලකයා. කාලෙන කාලං ධූපෙසිං යනු පැමිණි පැමිණි කාලානුකාලයෙන් ධූපෙසිං දුමින් සුවඳ කෙළෙමි යන අර්ථයි. සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ ගඳකිළිය කාලානුරූප සුවඳ දුමින් සුවඳවත් කළෙමියි කියන ලද්දේ වෙයි.