147. මග්ගදායක ථේර අපදාන වර්ණනාව
උත්තරිත්වාන නදිකං යනාදි වශයෙන් ආයුෂ්මත් මග්ගදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි නිවන් අවබෝධය පිණිස පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ලෝකසම්මත කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසයෙහි වසන්නේ එක් දවසක් භාග්යවතුන් වහන්සේ එක් නදියකින් එගොඩ වී වනාන්තරයට වඩිනු දැක පහන් සිතැත්තේ දැන් මා විසින් භාග්යවතුන් වහන්සේගේ මාර්ගය සම කිරීමට වටනේ යයි සිතා උදැල්ලක්ද කූඩයක්ද ගෙන භාග්යවතුන් වහන්සේ වඩිනාමග සමකොට වැලි විසුරුවා භාග්යවතුන් වහන්සේගේ පා වැඳ ස්වාමීනි, මේ මාර්ග අලංකරණයෙන් උපනුපන් තැන පිදිය යුත්තෙක් වන්නෙමි නිවනටද පැමිණෙන්නෙමි යි ප්රාර්ථනාවක් කළේය. භාග්යවතුන් වහන්සේ අදහස් කළ කරුණ ඉටුවේවායි අනුමෝදනා කියා වදාරා වැඩි සේක.
හේ ඒ පිනින් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ සැමතැන පිදියයුත්තෙක් විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් ප්රසිද්ධ කුලයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය ප්රත්යක්ෂයෙන් දැන හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පුර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘උත්තරිත්වාන නදිකං’ යනාදිය කීය. එහි නදති ශබ්ද නගානුයි නදී, නදියම නදික වෙයි. ඒ නදිකය උත්තරිත්වා අතික්රමණය කොට යන අර්ථයි. කුද්දාල පිටක මාදාය යනු කු යනු පෘථුවියයි. එය විදාලනෙ කෙටීමෙහිදී උඩපැනීමෙහි සුදුසු වේනුයි කුද්දාල නමි. පිටක යනු පස්වැලි ආදියෙ ගෙනයන තල්පත් වේවැල් ආදියෙන් කරන ලද බඳුන. උදැල්ලද ඒ කුඩයද ආදිය ගෙන යන අර්ථයි.
මග්ගදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
148. ඵලකදායක ථේර අපදාන වර්ණනාව
යානකාරො පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ආත්මභාවයන්හි කරන ලද පුණ්යසම්භාර ඇත්තේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි වඩු කුලයෙහි ඉපිද තෙරුවන්හි පැහැදුණේ සඳුනින් එල්ලෙන ලෑල්ලක් කොට භාග්යවතුන් වහන්සේට දුන්නේය. භාග්යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතන්හි සිත්සුවයෙන් පිරුණේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා හටගත් ප්රසාද ඇත්තේ පැවිදිව වෑයම් කරන්නේ නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්රකාශ කරන්නේ ‘යානකාරො පුරෙ ආසිං’ යනාදිය කීය. එහි යානකාරො යනු මෙයින් කැමති කැමති තැනට යත්නුයි යාන නමි. එය කරානුයි යානකර නමි. පුරෙ බුදුන් දක්නා කාලයෙහි මම යානකරුවෙක් වීමි යන අර්ථයි. චන්දනං ඵලකං කත්වා යනු චන්දති පරිදාහය මෙයින් නිවේනුයි චන්දන නමි. නැතහොත් සඳුන් සුවඳ හැමීම පිණිස මෙයින් සිරුර ගල්වත්නුයි චන්දන නමි. එයින් එල්ලෙන ඵලකයක් කොට යන අර්ථයි. ලොකබන්ධුනො යනු සියලු ලොවට බන්ධු නෑවූයේනුයි ලෝකබන්ධු. ඒ ලෝකබන්ධු වූ ශාස්තෲන් වහන්සේට දුනිමි යන අර්ථයි. සේස පහසුවෙන් දතහැක්කේ ම ය.
ඵලදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
149. වටංසකිය ථේර අපදාන වර්ණනාව
සුමෙධො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් වටංසකිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ සුමෙධ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා එහි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව මහවෙනෙහි වාසය කළේය. එසමයෙහි සුමේධ භාග්යවතුන් වහන්සේ විවේක කැමති බැවින් ඒ වනයට වැඩි සේක. ඉක්බිති තවුසා භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැත්තේ පිපුණු හොරමලක් ගෙන නළල් පළඳනාවක ආකාරයෙන් ගොතා භාග්යවතුන් වහන්සේගේ පාමුල පිදුවේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ සිත් පැහැදීම පිණිස අනුමෝදනා කළ සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති කුලයක ඉපිද වැඩිවිය පත්ව සැදැහැ ඇත්තේ පහන් වූයේ පැවිදි ව නොබෝ කලකින්ම රහත්විය.