තෙනුපසංකමි - කුමක් හෙයින් පැමිණියේද? හේ වනාහි සිතීය. තවම සෙසු ඒවා ශ්‍රමණ ගෞතම වචනයට සමානය. මියගිය අය නැගිට අන්‍යයන් හා කථා නැත. මම ගොස් අසමි. ඉදින් කථා කෙළේ නම් සුන්දරය. නොඑසේ නම් ශ්‍රමණ ගෞතමයන්ට බොරුවෙන් නිග්‍රහ කරන්නෙමි යි මේ කරුණින් පැමිණියේය. ආකොටෙසි - පහර දුන්නේය. ජානාමි ආවුසො - මතක කලේබරයක් නැගිට කථා කිරීමට සමර්ථ නම් නැත. මෙය කෙසේ කථා කෙළේද? බුද්ධානුභාවයෙන්. භාග්‍යවතුන් වහන්සේ වනාහි කොරක්ඛත්තියා අසුර යෝනියෙන් ගෙන්වා ශරීරය ආවේශ කරවා කථා කරවීය. ඒ ශරීරයම හෝ කථා කරවීය. බුද්ධවිසය නොසිතිය හෙන්නේය.
කථෙව තං විපාකං - උන්වහන්සේගේ ඒ වචනයේ විපාක එසේම වීද නැතහොත් නොවීද? ලිංග විපර්යාශය කරන ලදී. ඒ විපාකය එසේය යන අර්ථය වේ. කිසිවෙක් විපක්කං - යයි කියයි. ඉපදෙති යන අර්ථය වේ.
මෙහි සිට ප්‍රාතිහාර්ය එක් කළ යුතුය. ප්‍රාතිහාර්ය සියල්ලම පහක් වේ. සත්වන දවසෙහි මැරෙන්නේ යයි කියන ලදී. හේ එසේම මළේය. මේ පළමුවන ප්‍රාතිහාර්යකි. අලසක රෝගයෙන් කියන ලදී. අලසක රෝගයෙන්ම මළේය. මේ දෙවැන්නයි. කාලකඤ්ජිකයන් කෙරෙහි උපදී යයි කියන ලදී. එසේම ඉපදුනේය. මේ තෙවැන්නයි. බීරණත්ථම්භක සොහොනෙහි දමන්නේ යයි කියන ලදී. එසේම දමන ලදී. මේ සිව් වැන්නය. උපන් තැනින් අවුත් සුනක්ඛත්ත සමග කථා කරන්නේ යයි කියන ලදී. හේ කථා කළේය. මේ පස්වන ප්‍රාතිහාර්ය යයි.
කළාරමට්ඨුකො - නෙරා ඇති දත් නිසා හෝ මේ නාමය ඔහුට වේ. ලාභග්ගප්පත්තා - අග්‍ර වූ ලාභය පැමිණි. යසග්ගප්පත්තතො - අග්‍ර පිරිවර ඇතියි කියන ලදී. වතපදානි, වෘත්තම. කොටස හෝ. සමත්තාති - ගන්නා ලදී. සමාදින්නා - එහිම වචනයකි. පුරත්ථිමෙන වෙසාලියා වේසාලිය ආසන්නයේ පෙර දිශාව. චෙතියං - යක්ෂ චෛත්‍ය ස්ථානය. සියළු තැන මෙම නයයි.
යෙන අචෙලකො - භාග්‍යවතුන් වහන්සේ වත්කොට කලාරමට්ඨු වෙත ගියහ. පඤ්හං පුච්ඡි - ගැඹුරු වූ ත්‍රිලක්‍ෂණය ගෙනෙන ප්‍රශ්නයක් විචාළේය. න සම්පායාසි - මනාව ඤාණ ගතියට නොගියේය. (දැන නොගත්තේය) අන්ධයකු මෙන් ඒ ඒ තැනට පැකිලී මුලක් අගක් නො දැක්කේය. නැතහොත් න සම්පායාස සම්පාදනය නො කෙළේය. සම්පාදනය කොට කීමට නොහැකි විය. අසම්පායන්තො - මිශ්‍ර වර්ණයෙන් ඇස කරකවා බලන්නේ සික්ෂිත නොවූවෙක් ලඟ සිටියෙහි. අනවකාශයෙහි ද පැවිද්දන් ප්‍රශ්න විචාරමින් හැසිරෙහි. පහවෙව. මෙතන නො සිටවයි. කියන්නේ. කොපඤ්ව දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි - කිපෙන ආකාරය කෝපයයි. නොඉවසනාකාරය දෝසයයි. අසතුටු ආකාර වූ දොම්නස් සංඛ්‍යාත අප්‍රත්‍යකාරය ද ප්‍රකට කළේය. ආසාදිමහසෙ - නො ඉවසන්නේ ගැටුණේය. මා වත නො අහොසි - අහෝ, ඒකාන්තයෙන් මා නොවන්නේ නම් “මා නොවූයේ නම්” යනු ද පාඨයි. එහි ‘මං’ යනු සාමි අර්ථයේ කර්ම වචනයි. අහොසි ඒකාන්තයෙන් මා නුවූයේ නම් අර්ථයයි. මෙසේ ද සිතා උක්කුටිකයෙන් හිඳ ස්වාමීනි මට සමාවන්නැයි ඔහු කමා කෙළේය. හේ ද මෙතැන් පටන් අනිත් කිසිම ප්‍රශ්නයක් නම් නො අසන්නේද? එය නො අසන්නෙමි. ඉදින් මෙසේ යන්න. ඔබට සමාවුනෙමි ඔහු පිටත් කළේය.