9. මහාසතිපට්ඨාන සූත්ර වර්ණනාව
මහා සතිපට්ඨාන සුත්රය මා විසින් මෙසේ අසන ලදී. එහි අපූර්ව පද වර්ණනාව මෙසේය. එකායනො අයං භික්ඛවෙ මග්ගො - භාග්යවතුන් වහන්සේ කුමක් නිසා මේ සූත්රය වදාළසේක්ද? කුරුරට වාසීන්ගේ ගැඹුරු දහම් පිළිගැනීමේ සමත්කම නිසාය. කුරුරට වාසීහු වනාහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ඍතු ප්රත්ය සම්පන්න බැවින් ඒ රටෙහි සත්ප්රාය වූ සෘතු ප්රත්ය වශයෙන් නිතර මහා ශරීර ද මනා සිත් ද වේ. ඔහු සිත හා ශරිර යහපත් බැවින් අනුග්රහිත ප්රඥා බලයෙන් ගැඹුරු කථා පිළිගැනීමට සමත් වෙති. ඔවුන්ගේ මේ ගැඹුරු දේශනා පිළිගැනීමේ සමත්කම බලන්නාවූ භාග්යවතුන් වහන්සේ එක්විසි තැනක කමටහන් රහත් බවෙහි බහා මේ ගැඹුරු අරුත් ඇති මහා සතිපට්ඨාන සූත්ර දේශනාව වදාළහ.
පුරුෂයෙක් යම්සේ රන් කරඬුවක් ලැබ එහි නොයෙක් මල් බහා තබන්නේය, රන් පෙට්ටියක් හෝ ලැබ සත්රුවන් බහා තබන්නේය. එසේම භාග්යවතුන් වහන්සේ කුරුරටවාසී පිරිස ලැබ ගැඹුරු දහම් දේශනා කරති. එහෙයින් ම මෙහි අනිකුදු ගැඹුරු අරුත් ඇත. මෙම දීඝනිකායෙහි මහානිදාන සූත්රය, මජ්ඣිම නිකායෙහි - සතිපට්ඨාන, සාරොපම, රුක්ඛූපම, රට්ඨපාල, මාගන්ධිය, ආනෙඤ්ජ සප්පාය යන අනිත් සූත්ර දේශනා කළහ.
තවද ඒ ජනපදයෙහි සිව් පිරිස් ස්වභාවයෙන්ම සතිපට්ඨාන සූත්ර භාවනාවේ යෙදී වාසය කරති. යටත් පිරිසෙයින් දැස් කම්කරු සේවකයෝ ද සතිපට්ඨාන සංයුක්ත කථාම කරති. දිය තොටෙහි නූල් කටින ස්ථානවල ද නිරර්ථක කථා නොපවත්වති. ඉඳින් කිසිවෙක් ස්ත්රියකට අම්මේ, ඔබ අද කවර සතිපට්ඨාන භාවනාවක් සිහි කෙරෙහි දැයි ඇසූවිට කිසිවක් නැතැයි කියයි. ඇයට ගරහන්නී සිට නින්දා වේවා. තී ජීවත්වුනත් මළ එකියක වගේය. ඉක්බිති ඇයට නැවත මෙසේ නොකරන්නැයි අවවාද දී එක්තරා සතිපට්ඨානයක් උගන්වයි. ඕ වනාහි මම අසවල් සතිපට්ඨානය සිහිකරමි යි කියයි ද ඇයට සාධු යයි සාධුකාර දී ඔබේ ජීවිතය යහපත්ය. ඔබ නම් මිනිසත් බවට පැමිණියහ. ඔබ සඳහා සම්බුදුහු උපන්හ. ආදියෙන් ප්රශංසා කරති. හුදෙක් මිනිසුන් පමණක් සතිපට්ඨාන මෙනෙහි කිරීමෙන් යුක්ත වූවෝ නොවෙති. ඔවුන් ඇසුරුකර වසන තිරිසන්නු ද එසේ කරති.
එහි මේ වස්තූව වේ. එක්තරා නාට්ය කණ්ඩායමක් ගිරා පැටියෙකු ගෙන හික්මවන්නේ හැසිරෙති. ඔව්හු භික්ෂුණි උපස්සයක් ඇසුරු කොට වාසය කර යනවිට ගිරා පැටියා අමතක කර ගියහ. ඌ සාමනේරියෝ ගෙන පෝෂණය කළහ. බුද්ධරක්ඛිත යයි ඌට නමක් තැබීය. එක් දිනක් ඌ ඉදිරියෙහි සිටිනවා දැක මහ තෙරණියෝ මෙසේ කීය. බුද්ධරක්ඛිත ආර්යයෙනි කුමක්ද, ඔබ කිසියම් භාවනාවක් මෙනෙහි කරනවාද? ආර්යෙනි, නැත. ඇවැත්නි, පැවිද්දන් ලඟ වෙසෙන්නන් විසිරුණු ආත්මභාවයෙන් වීම නොවටිනේය. කිසි මෙනෙහි කිරීමක් කැමති විය යුතුය. ඔබට වෙන මොකවත් නො හැකිනම් අට්ඨි අට්ඨි යයි සජ්ඣායනා කරන්න. හේ තෙරණියගේ අවවාදයෙහි සිට අට්ඨි අට්ඨි යයි සජ්ඣායනා කරන්නේ හැසිරෙයි.
හේ එක් දිනක් උදේම තොරණ අග හිඳ තරුණ හිරු රැස් විඳින්නේ එක් පක්ෂියෙක් නිය පඳුරෙන් ගත්තේය. හේ කී හැටි ශබ්ද කෙළේය. සාමණේරියො අසා, ආර්යයෙනි බුද්ධරක්ඛිත පක්ෂියකු විසින් ගන්නා ලද්දේය. ඔහු මුදවමු. ගල්කැට දඬු ආදිය ගෙන ලුහු බඳින්නේ මිදවූහ. ඌ ගෙනවුත් ඉදිරියේ තබන ලද්දේ තෙරණිය කීවාය. බුද්ධරක්ඛිත පක්ෂියා විසින් අල්ලාගත් කාලයෙහි කුමක් සිතුවෙහි ද? ආර්යෙනි, වෙන දෙයක් සිතුවේ නැහැ. ඇට සමුහයක් ඇට සමූහයක් විසින් ගෙන යනු ලබනවා යයි සිතුවෙමි. සාධූ සාධූ බුද්ධරක්ඛිත. අනාගත භව ක්ෂය සඳහා ප්රත්ය වන්නේය. මෙසේ එහි තිරිසන්ගතව ද සතිපට්ඨාන මෙනෙහි කිරීමෙන් යුක්තය. එහෙයින් භාග්යවතුන් වහන්සේ සතිපට්ඨානයෙහි බුද්ධියම පහළ කරන්නේ මේ සූත්රය වදාළහ.
එහි එක් මාර්ගය. එකායනො - මාර්ගයෙනි.
මග පන්ථ පථ පදී - අංජස වටුම අයනය
නැව උතුරු හේ සහ - පහුරු පඩව් යන්නෙ එහි
නැව උතුරු හේ සහ - පහුරු පඩව් යන්නෙ එහි
මෙහි බොහෝ නම් ඇත. මෙහි අයන නමින් කියන ලදී. එහෙයින් “එකායනො භික්ඛවෙ මගගෝ” මෙහි මහණෙනි මේ එකම මග මාර්ගයයි. මාර්ග දෙකක් නොවේ යයි මෙසේ අර්ථය දත යුතුය. නැතහොත් පිළිපැදිය යුතු එකායනො - එකකින්. සමූහයාගෙන් වෙන්ව හුදකලාව විවේකයෙන් පිළිපැදිය යුතු, අයංවා එතෙනානි - අයනො - මාර්ගය, සසරින් නිවනට යයි යන අර්ථයයි. එකස්ස අයනො - එකායනො, එකස්ස යනු ශ්රේෂ්ඨයාගේ - සියළු සත්වයන්ට ශ්රේෂ්ඨ වූ භාග්යවතුන් වහන්සේ එහෙයින් භගවතො යයි කියන ලද්දේ වේ. කිම අනිත් ඒවාත් අයන වේද? මෙසේ ඇති කල්හි භාග්යවතුන් වහන්සේම ඒ අයනය උපදවන ලබ බැවින් කීය: “සො හි බ්රහ්මණ භගවා අනුප්පත්තස්ස මග්ගස්ස උප්පාදෙතා” බමුණ භාග්යවතුන් වහන්සේ නූපන් මග ඉපද වූ සේක ආදිය වේ. අයතීති - අයනො, යයි පවත්වයි යන අර්ථ වේ. එකස්මිං අයනො එකායනො, එකෙක්හි ම අයනය. ධර්ම විනයෙහි මෙයම පවත්වයි. වෙනත් තැනක නොකියන ලද්දේ වේ. යම් සේ කීය: සුභද්ර, මේ ධර්ම විනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලැබේ. දේශනා භේදයෙන් මිස අර්ථයෙන් වනාහි එකමය. තව ද එකං අයතීති - එකායනො. පූර්ව භාගයෙහි විවිධ භාවනාවන් පැවැත් වූයේ ද අපරභාගයෙහි එකම නිවනට යයි. කියන ලද්දේ වේ. යම්සේ කීය. සහම්පති බ්රහ්මයා විසින්: