අයං වුච්චති භික්ඛවෙ සම්මා සමාධි - මෙය පූර්වභාගයෙහි ලෞකිකය. අපරභාගයෙහි ලෝකෝත්තර සම්මා සමාධිය යයි කියනු ලැබේ.
ඉති අජඣත්තං වා - තමාගේ හෝ සත්‍ය සතර පරික්ෂා කොට ධර්මයෙහි ධම්මානුපස්සීව වාසය කරයි. මෙහි සමුදයවය වනාහි චතුස්සත්‍යයන්ගේ සම්භව වූ පරිදන් උපත නැවැත්ම වශයෙන් දත යුතුය. මින්පසු කියන ලද පිළිවෙළමය. හුදෙක් මෙහි චතු සංඝ විමසීම ඇති කල්හි දුක්ඛ සත්‍ය යයි මෙසේ යොදාගෙන සත්‍ය විමසන භික්ෂුවගේ නිවන් මග දතයුතුය. සෙස්ස එලෙසමය.
චතුසච්ච නිමි.
මෙපමණකින් ආනාපාන, චතු ඉරියාපථ, චතු සම්පජඤ්ඤ, ද්වත්තිංසාකාර, චතුධාතු වවත්ථාන, නවසීවථිකා, වෙදනානු පස්සනා, චිත්තානුපස්සනා, නීවරණ පරිග්ගහ, ඛන්ධපරිග්ගහ, ආයතන පරිග්ගහ, බොජඣඞග පරිග්ගහ, සච්චපරිග්ගහ යයි එක්විසි කමටහන් වේ. ඒවා අතර ආනාපාන ද්වත්තිංසාකාර, නවසීවථික එකොළොස අර්පණා කර්මස්ථාන වේ. දීඝභාණක මහාසීව තෙරුන් වහන්සේ වනාහි නවසීවථිකා ආදීනවානු පස්සනා වශයෙන් කියන ලදැයි කීය. එහෙයින් උන්වහන්සේගේ මතයෙන් අර්පණා කර්මස්ථාන දෙකක් වේ. සෙස්ස උපචාර කමටහන්ය. කිම? මේ සියල්ලෙහි ම අභිනිවේශය ඇතිවේද? නොවේද? ඇතිවේ. ඉරියාපථ සම්පජඤ්ඤ නීවරණ බොජඣංගවල අභිනිවේශය ඇති නොවේ. සෙස්සෙහි ඇතිවේ යයි මහාසීව තෙරහු කීහ. මේවායෙහි ද අභිනිවේශය ඇතිවේ. මෙය වනාහි මගේ සිව් ඉරියව් ඇත්ද? නැතහොත් නැත්ද? මගේ සිව් විමසන නුවණ ඇත්ද නැතහොත් නැත්ද, මගේ පංච නීවරණ ඇත්ද නැතහොත් නැත්ද, මගේ සත් බොජඣංග ඇත්ද නැතහොත් නැත්ද? මෙසේ පිරික්සයි. එහෙයින් සැමතැනම අභිනිවේශය ඇතිවේ.
යොහි කොචි භික්ඛවෙ - මහණෙනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ එවං භාවෙය්ය - මුලපටන් කියනලද භාවනාව අනුක්රමයෙන් වඩන්නේය. පාටිකංඛං - බලාපොරොත්තු විය යුතුය. කැමති විය යුතුය. අවශ්යවීය යන අර්ථයයි. අඤ්ඤා - රහත් බව. සති වා උපාදි සෙසෙ - ගැනීම් ඇති කල්හි හෝ ක්ෂීණ නොවු කල්හි. අනාගාමිතා - අනාගාමි භාවය.
මෙසේ සත් වසක් වශයෙන් ශාසනයේ නෛර්යානිකභාවය. දක්වා නැවත එයින් අල්පතර කාලයක් දක්වන්නේ “තිට්ඨනතු භික්ඛවෙ” (මහණෙනි තිබේවා) යනාදිය කීහ. මේ සියල්ල ද මධ්‍යම විනේය පුද්ගලයෙකුගේ වශයෙන් කියන ලදී. තියුණු ප්‍රඥාවන්තයන් සඳහා වනාහි අළුයම අනුසාසනා කරන ලද්දේ සවස කිසියම් අධිගමයක් වන්නේය. සවස අනුශාසනා කරන ලද්දේ අළුයම යම්කිසි අධිගමයක් වන්නේ යයි කියන ලදී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මගේ ශාසනය මෙබඳු නෛර්යානික යයි දක්වා එක්විසි ස්ථානයෙහි රහත්බව කුළු ගැන්වීමෙන් දේශනා කරන ලදී. දේශනාව බාරදෙන්නේ “භික්ඛවෙ මග්ගො... ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං” යනාදිය කීහ. සෙස්ස නොගැඹුරු අරුත් වේ. දේශනාව අවසානයෙහි වනාහි තිස් දහසක් භික්ෂූන් වහන්සේ රහත් පලයෙහි පිහිටියහ.
මහා සතිපට්ඨාන සූත්‍රය නිමි.