සමාධි සම්බොජ්ඣංගයේ “මහණෙනි, සමථ නිමිත්ත, සැක රහිත නිමිත්ත ඇත. එහි නුවණින් මෙනෙහි කිරිම බහුලාකාර වූයේ නූපන්නා වූ හෝ සමාධි සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස උපන්නා වූ හෝ සමාධි සම්බොජ්ඣංගයේ බොහෝ බව මහත් බව භාවනා සම්පූර්ණ වීම පිණිස එයම හේතු වී පවතී. මෙසේ ඉපදීම වේ. සමථයම සමථ නිමිත්ත වේ. වික්ෂෙප නොවන අර්ථයෙන් ද සැක රහිත නිමිත්ත වේ.
තවද කරුණු එකොළොසක් සමාධි සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස පවතී. වත්ථු විසද කිරියතා, ඉන්ද්‍රිය සමත්ත පටිපාදත්තා, නිමිත්ත කුසලතා, සමයෙ විත්තස්ස පග්ගණහතනතා සමයෙ චිත්තස්ස නිග්ගණනත්තා, සමයෙ සපහංසත්තා, සමයෙ අජඣූපෙක්ඛන්තා, අසමාහිත පුග්ගල පරිචජ්ජනතා, සමාහිත පුග්ගල සේවනතා, ඣාන විමොක්ඛ පච්චවෙක්ඛණතා, තද්ධිමුත්තතා යනුවෙනි. අරමුණෙහි ප්‍රකට බව, ඉන්ද්‍රිය සංවරව පවත්වා ගැනීම,
සටහන පිළිබඳ දක්ෂතාවය, සුදුසු අවස්ථාවේ සිත දැඩිකර ගැනීම, සුදුසු අවස්ථාවේ සිත යටපත් කරගැනීම, සිත දිරිමත් කිරිම, සිත මනාව මැදහත්ව තබා ගැනීම, සමාධිගත නොවන පුද්ගලයන් දුරු කිරීම, සමාධිගත වන පුද්ගලයන් ඇසුරු කිරීම, ධ්‍යාන විමෝක්ෂය මෙනෙහි කිරීම එහි සිත දැඩි කර ගැනීම කියනලද නයින් ම දත යුතුය. නිමිත්ත කුසලතා නම් කසිණ නිමිත්ත ඉගනීමෙහි දක්ෂතා, සමයෙ චිත්තස්ස පග්ගණ්හතා නම් යම් වේලාවක ඉතා ලිහිල් විරියබව නිසා සිත ලීන (සැඟවේ) වේ. ඒ වෙලාවේ ධම්මවිචය විරිය පීති සම්බොජ්ඣංග නගා සිටුවීමෙන් ඒ සිත උනන්දු කළ යුතුය. යම් කලෙක තද වීර්ය නිසා විසිරුණු සිත් ඇති වේ. ඒ කාලයේ පස්සද්ධි සමාධි උපෙක්ඛා සම්බෝජඣංග පිහිටුවා සිතට නිග්‍රහ කළ යුතුය. යම් කලක සිත ප්‍රඥා ප්‍රයෝග මඳ බැවින් නො උපසම සැප නො ලැබීමෙන් හෝ ආශ්වාද රහිත වේද? ඒ කාලයෙහි සංවේග වස්තු අට සිහි කිරීමෙන් සංවේග කෙරේ. සංවේග වස්තු අට ජාති ජරා ව්‍යාධි මරණ අපාය දුක් අතීත සසරදුක් අනාගත සසර දුක් වත්මන් ආහාර ගවෙට්ඨි දුක යන මේවාය. තෙරුවන් ගුණ සිහිකිරීමෙන් ද පැහැදීම ඇති කරයි. සුදුසු කාලයෙහි උනන්දු කරවීම මෙය යයි කියනු ලැබේ.
සමයෙ අජඣූපෙක්ඛණ්තා නම් යම් කාලයක යහපත් ප්‍රතිපදාවට පැමිණ නො සැඟවී නොවිසිරී ආශ්වාද රහිතව අරමුණෙහි මනාව පවත්නා සමථ වීථියට බට සිත වේ. එකල ඊට පග්ගහ නිග්ගහ සමපහංසන ව්‍යාපාර නොපැමිණේ. මනාව පවතින අසුන් යෙදූ රථයක රියැදුරා මෙන් පවතින මේ සමය අජඣූපෙක්ඛන යයි කියනු ලැබේ. අසමාහිත පුග්ගල පරිචජ්ජනතා නම් උපචාර හෝ අර්පනා හෝ නොපැමිණි වික්ෂිප්ත සිත් ඇති පුද්ගලයන් දුරුකිරීම. සමාහිත පුග්ගල සේවනතා නම් උපචාරයෙන් හෝ අර්පනාවෙන් සමාහිත සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම භජනය, පයිරුපාසනයයි. තද්ධි මුත්තතා නම් සිටින හිඳින තැන්වල සමාධි ඉපදවීම සඳහාම ඉතා තදින් නැඹුරු වූ (නින්න පොණපබ්භාර) සිත් ඇති බව. මෙසේ පිළිපදින්නාට සමාධි සම්බොජ්ඣංගය උපදී. මෙසේ උපන් එය අර්හත් මාර්ගයෙන් භාවනා සම්පූර්ණ වන බව දැනගනී.
උපෙක්ඛා සම්බොජ්ඣංගයේ “මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගයට ආධාර වූ ධර්ම ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලාකාර වූයේ නූපන් උපේක්ෂා සම්බෝධ්‍යංගයේ ඉපදීම සඳහා උපන් සම්බෝධි අංගයේ බොහෝ බව මහත් බව භාවනාව සම්පූර්ණවීම පිණිස ඒවාම හේතුවේ. මෙසේ ඉපදීම වේ. එහි මැදහත් බව උපෙක්ඛා සම්බොජ්ඣංග ඨානීය ධම්ම නම් වේ.