විනෙය්ය ලොකෙ අභිජඣා දොමනස්සං - එහි ලෝකය කුමක්ද? ඒ කයම ලෝකයයි. උපාදාන ස්කන්ධ පහ ලෝකයයි. මෙය ලෝකය යයි කියනු ලැබේ. එහි අභිධ්යාව කුමක්ද? යම් රාගයක්, රාග සහිත වීමක්, ඇලීමක්, අනුරෝධයක් (අනුකූලත්වය) බැඳීමක්, බැඳීම් රාගයක් වේද මෙය අභිධ්යාව යයි කියනු ලැබේ. එහි දොමනස්සං - කුමක්ද? යම් චෛතසිකයක් අමිහිරි ද දුක්ද සිත හා ගැටීමෙන් උපන් අමිහිරි දුක් වේදනාව, මෙය දොම්නස යයි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්යාව ද දොම්නස ද මේ ලෝකයෙහි විනීත වේ. ප්රතිවිනීත වේ. සාන්ත වේ. සමනය වේ. ඉවත් වේ, අස්තයට ගියේ, විනාශ වූයේ ඇතුළට වැදුනේ වියළුණේ අවසන් කරන ලද්දේ එයින් විනාශය වේ යයි කියනු ලැබේ.
මෙසේ මේ පදවල අර්ථය කියන ලදී. එය සමග මේ අටුවා නයයි. මේ තවම කායානුපස්සනා සතිපට්ඨානයෙහි උද්දේසයේ අර්ථ වර්ණනාවයි.
දැන් “වේදනාවල චිත්ත - ධර්මවල ධර්මය අනුව බලමින් වාසය කරයි...අභිධ්යා දොමනස්ස දුරු කරන්නේය යන” මෙහි වේදනාවල වේදනාව වේදනාව අනුව බලන්නේ යයි මේ ආදියෙහි වේදනාදීන්ගේ නැවත වචනයෙහි ප්රයෝජනය කායානුපස්සනාවෙහි කියන ලද ආකාරයෙන්ම දත යුතුය. වේදනාවල වේදනාව අනුව බලන්නේ සිතෙහි සිත අනුව බලන්නේ ධර්මවල ධර්මය අනුව බලන්නේ යයි මෙහි වනාහි වෙදනා - තුන් වේදනාය. ලෞකික සිත ද ලෞකිකය. ඒවායෙහි විභාගය නිද්දේස වාරයෙහි ප්රකට වන්නේය. හුදෙක් මෙහි යම්සේ වේදනාව අනුව බැලිය යුතු ද එසේ එය බලන්නේ වේදනාව අනුව බලන්නේ යයි දත යුතුය. චිත්ත, ධර්මවල ද මෙම නයම වේ. වේදනාව අනුව බලන්නේ කෙසේද? පළමුව සැප වේදනාව දුක් වශයෙන්, දුක් වේදනාව උලක් මෙන්, අදුක්ඛමසුඛ වේදනාව අනිත්ය වශයෙන් යම් සේ කීහ:
යමෙක් සුව දුක සේ - දකී දුක උල සේ ඔහු
අදුක් අසුව - අනිත් - ලෙස ඔහු එය දකින්නේ
යහ සේ දකින බිකු - හැසිරෙයි උපසාන්තව
අදුක් අසුව - අනිත් - ලෙස ඔහු එය දකින්නේ
යහ සේ දකින බිකු - හැසිරෙයි උපසාන්තව
සියළුම සිතිවිලි දුක් යයි ද අනුව බැලිය යුතුය. මෙය කියන ලදී” යම් කිසිවක් විඳියි ද ඒ සියල්ල දුක්යයි කියමි” සැපය දුක් වශයෙන් ද බැලිය යුතුය. යම්සේ කීහ: “සැප වේදනාව ස්ථිතිය සැපය. වෙනස්වීම දුකය” යයි සියල්ල විස්තර කළයුතුය. තව ද අනිත්යාදි සත අනුපස්සනා වශයෙන් ද අනුව බැලිය යුතුය. සෙස්ස නිද්දේස වාරයෙහි ප්රකට වන්නේය.
චිත්ත ධර්මවල ද පළමුව සිත ආරම්මණ අධිපති, සහජාත භූමි කර්මවිපාක කිරියාදි නානාවිධ භේදයන්ගේ අනිත්යාදි අනුපස්සනාවන්, නිද්දේස වාරයෙහි එන සරාගාදි භේදයන්ගේ ද වශයෙන් අනුව බැලිය යුතුය. ධර්ම ස්වලක්ෂණ සාමාන්ය ලක්ෂණයන්ගේ ශුන්යතා ධර්මයේ අනිත්යාදි සත් අනුපස්සනාවන්ගේ නිද්දේස වාරයෙහි සන්ත අසන්තාදි භේන්දයන්ගේ ද වශයෙන් බැලිය යුතුය. සෙස්ස කියන ලද්ද අනුවමය. කාය සංඛ්යාත ලෝකයෙහි යමෙකුගේ අභිධ්යා දෝමනස්ස ප්රහීනවේද වේදනාදි ලෝකයෙහි ද ඔහුගේ අභිධ්යා දොමනස්ස ප්රහීන වේ. නානා පුද්ගල වශයෙන් වනාහි නානා චිත්තක්ෂණික සතිපට්ඨාන භාවනා වශයෙන් ද සැමතැනම කියන ලදී. යම් හෙයකින් එක් තැනක ප්රහීන නම් සෙස්සෙහි ද ප්රහීන වේ. එහෙයින් ඔහුගේ එහි ප්රභානය දැකීම ද කියන ලද යයි දත යුතුය.