පෙර ද මේ පදයෙහි මහතෙරවරුන්ගේ සාකච්ඡාවක් ඇති වූයේමය. ත්‍රිපිටක චූලනාග ස්ථවිරයන් වහන්සේ පූර්වභාග සතිපට්ඨාන මාර්ග යයි කීහ. ආචරිය ත්‍රිපිටක චුල්ල සුම්ම ස්ථවිරයන් වහන්සේ මිශ්‍රක මාර්ගයයි කීහ. ස්වාමින් වහන්ස පූර්වභාගයද? ඇවැත්නි මිශ්‍රකය. ආචාර්යන් වහන්සේ නැවත නැවත කියන කල්හි වලක්වා නිශ්ශබ්ද විය. ප්‍රශ්නය විනිශ්චය නොකොට ම නැගී සිටියහ. ඉක්බිති ආචරිය තෙරුන් නාන කොටුවට යන්නේ මා විසින් මිශ්‍රක මාර්ගය කියන ලදී. චුල්ලනාග පූර්වභාග පූර්වභාග මුලපිටපත් පෙරළෙන්නේ “යො කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරෝ සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත වස්සානි” යන මේ ස්ථානයෙහි සැලකීය. ලෝකෝත්තර මාර්ගය ඉපිද සත් වසක් සිටින්නේ නම් නැත. ම විසින් කියන ලද මිශ්‍රක මාර්ගය නො ලැබේ. චුල්ලනාග විසින් දකින ලද පූර්වභාග මාර්ගයම ලබා යයි දැන අටවක්දින ධර්මශ්‍රවණය සඳහා ඝෝෂණය කළ විට එළඹියේය.
පුරාණ තෙරවරු ධර්මශ්‍රවණය ප්‍රිය වෙති. ශබ්දය අසාම මම පළමුව මම පළමුව යයි එකවිටම රැස්වෙති. ඒ දිනයෙහි චුල්ලනාග තෙරුන්ගේ වාරයයි. ධර්මාසනයෙහි විජිනිපත ගෙන පුර්ව ගාථා කී කල්හි තෙරුන් වහන්සේගේ ආසනය පිටිපස සිටියහුට මෙසේ සිත් විය. රහසිගතව සිට කියන්නෙමි. පොරාණ තෙරවරු අසන්නෝ වෙති. තමාට රුචි උක්භරක් මෙන් ඔසවා නොහැසිරෙති. කරුණුම ගනිති. නො කරුණු අත් හරිති. එහෙයින් තෙරුන් වහන්සේ, ඇවැත්නි චුල්ලනාග යයි කීය. හේ ආචාර්යන් වහන්සේගේ ශබ්දය වගේ යයි ධර්මය නවත්වා ස්වාමීනි කිමදැයි ඇසීය. ඇවැත්නි චුල්ලනාග, මා විසින් කියන ලද මිශ්‍රක මාර්ගය නොලැබේ. ඔබ විසින් කියන ලද පූර්වභාග සතිපට්ඨාන මාර්ගය ම ලැබේ යයි. සුළුනා තෙර සිතී. අපගේ ආචාර්යන් වහන්සේ සියළු පරියත්තිකය. ත්‍රිපිටකධරය, සුත බුද්ධය. එබඳු වූ භික්ෂූන් වහන්සේ මේ ප්‍රශ්නය කළඹයි. අනාගතයෙහි මාගේ සහෝදරයන් මේ ප්‍රශ්නය කළඹන්නාහ. සූත්‍රය ගෙන මේ ප්‍රශ්නය නිශ්චල කරන්නෙමි යයි පටිසම්භිදා මාර්ගයෙන් එකායන මාර්ගය කියනු ලැබේ. පූර්වභාග සතිපට්ඨාන මාර්ගය
සස් කෙරෙන් සිව්සස් - අටඟමග වෙයි මගිනුත්
දහමින් විරාගය - දෙපදයින් සෙට බුදුහිමි
මෙයම මග වෙන නැත - දසුනට ද පිරිසිදුවට
මරසෙන් පැරදුමට - පිළිපදිනු මෙම මග හැම
පිළිපන් ඔබ මෙයට - දුක් කෙළවර කරන්නෙය.
සූත්‍රය ගෙනහැර තැබීය.
මග්ගො - කුමන අර්ථයකින් මාර්ගය වේද? නිවන් ගමන අරුතෙන්. නිවන් කැමැත්තවුන් විසින් මාර්ගයට පමුණුවන බැවින් ද සත්තානං විසුද්ධියා - රාගාදි කිලුටෙහි ද අභිධ්‍යා විෂම ලෝභයෙහි ද උපක්ලේශවලින් කිලිටි සිත් ඇති සත්වයින්ගේ පිරිසිදු බව සඳහා, එසේම මේ මාර්ගයෙන් ම මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර එකම කල්පයක උපන් තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර නම් බුදුවරුන් ආදිකොට සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ අවසන්කොට ඇති අනේක සම්මා සම්බුදුවරු නොයෙක් සිය ගණන් පසේ බුදුවරු සත්වන පථය ඉක්මවන ආර්ය ශ්‍රාවකයෝ ද මේ සියළු සත්වයෝ සිත්වල සියළු කිලිටි සෝදාහැර පරම පවිත්‍රත්වයට පත්වූහ. රූප කිලිටි වශයෙන් වනාහි කිලිටි පිරිසිදු පැනවීම් නැත.
රුව කිලිටි වීමෙන් - මිනිසුන් කිලිටි වේ යයි
රුව විසුදුයෙන් විසුදු - වන බව් නොකී මුනිතුම
සිත කිලිටිවීමෙන් - කිලිටිවෙත් මානවයෝ
සිත විසුදයෙන් - විසුදුවන බව් කී මුනි.
යම්සේ කීහ: “මහණෙනි, සිත කිලිටිවීමෙන් සත්වයෝ කිලිටි වෙති. සිත පිරිසිදු වීමෙන් විසුද්ධ වෙති” ඒ සිතේ පිරිසිදුවීම මේ සතිපට්ඨාන මාර්ගයෙන් වේ. එයින් කීය: සත්වයින්ගේ විසුද්ධිය පිණිස සෝක පරිදේවයන්ගේ ඉක්වීම සඳහා
සොකපරිද්දවානං සමතික්කමාය - සෝකයන්ගේ ද පරිදේවයන්ගේ ද සමතික්‍රමණය ප්‍රහානය යන අර්ථය සඳහා, මේ මාර්ගය භාවිත කිරීමෙන් සන්තති මහාමාත්‍යාදීන් මෙන් සෝක නැති කිරීම සඳහා ද, පරිදේව නැති කිරීම සඳහා ද පටාචාරාදීන් මෙන් පවතී. එයින් කීහ “සොකපරිද්දවානං සමතික්කමාය” සෝක පරිදේව ඉක්මවීම සඳහා සන්තති මහ ඇමති -
පෙර යම් කෙලෙස් වෙද - පිරිසිදු කරනු මැනවින්
මැද නොගන්නෙහි නම් - හැසිරෙහි නිවුනකු ලෙසින්
[missing]