5. ජනවසභ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං ජනවසභ සූත්‍රය, එහි මේ ගැඹුරු පද වර්ණනාවයි. පරිතො පරිතො ජනපදෙසු - ජනපදවල හාත්පසම, පරිචාරකෙ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් පුදන නමදින උවසුවන්. උප්පත්තීසු ඤාණ, ගති පින් උප්පත්තිවල කාසිකොසෙලෙසු කාසි රටෙහි ද කෝසලයෙහි ද, කසී කොසොල් රටවල යන අර්ථයයි. සියළුතන්හි මෙම පිළිවෙළයි. අංග, මගධ, යෝනක, කම්බෝජ, අස්සක, අවන්ති යන රටවල් සයෙහි මියගිය පුද්ගලයන් ඉපදුණු ස්ථාන ප්‍රකාශ නොකරන ලදී. මේ සොලොස් ජනපදවලින් කාසි කොසලාදී දහයේ පමණක් ප්‍රකාශ කරන ලදී. නාදිකියා නාදික ගම්වාසීහු,
තෙන - ඒ අනාගාමි ආදී භාවයෙන්, සුත්වා - සර්වඥතා ඥානයෙන් පිරිසිඳ විස්තර කරන භාග්‍යවතුන් වහන්සේගේ පැණ විසඳුම් අසා අනාගාමි ආදියෙහි අවසානයට ගිය. ඒ අනාගාමි ආදි ස්වභාවයෙන් සතුටු වූහ. අටුවාවෙහි වනාහි තෙ නාති ඔවුහු නාදිකියා යයි කියන ලදී. මේ අර්ථයෙහි න කාරය නිපාත මාත්‍රයක් වේ.
භගවන්තං කිත්තයමාන රූපො - බුදුරදුන්ට ප්‍රශංසා වේවා. ධර්මයට සංඝයාට ප්‍රශංසා වේවා. ධර්මය පැහැදිලිව දේශනා කිරීමට ප්‍රශංසා වේවා. මෙසේ ගුණ වර්ණනා කරමින් ම කලුරිය කෙළේය. බහුජනො පසීදෙය්‍ය- අපගේ පියා -මව සහෝදරයා-සහෝදරී-පුතා-දුව-යහළුවා ඔවුහු අප සමග එකට නිදාගත්හ. ඒ ඒ ප්‍රියමනාප දේ කළහ. දැන් වනාහි අනාගාමි සකෘදාගාමි සෝවාන් අනේ සාධු. ඉතා හොඳයි. මෙසේ බොහෝ ජනයා ප්‍රසාදයට පැමිණෙන්නේය.
ගති ඤාණ ගතියෙහි අභිසම්පරාය - ඤාණය ලැබීම. අද්දසා ඛො - ගුණ කියන ජනයින් දැක්කේද? සූවිසි ලක්ෂයක්.
උපසන්තපදිස්සො - උපශාන්ත දර්ශනය. භාතිරිවා වඩාත් බබළයි. වඩාත් දිලෙයි. ඉන්ද්‍රියානං - මනස හවෙනි කොට ඇති ඉන්ද්‍රියයන්. අද්දසං ඛො අහං ආනන්ද දහසක් නොව විස්සක් නොව සියයක් නොව දාහක් නොව අඩුවැඩි නැති සූවිසි ලක්ෂයක් දැක්කෙමි යි කීහ.
දැක, මෙපමණ ජනයා මා නිසා දුකින් මිදුනේ යයි බලවත් සතුටක් ඇතිවිය. සිත පහන් විය. සිතේ පහන් බව නිසා සිත ආශ්‍රිත රුධිරය පහන් විය. රුධිරය ප්‍රසන්නවීමෙන් මනස සවැනි කොට ඇති ඉන්ද්‍රියයන් ප්‍රසන්න විය. මේ සියල්ල වදාරා නැවත ආනන්ද යනාදිය කීහ. එහි හේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව අසා දස දහසක් ලක්ෂයකට ජේෂ්ඨ වී සෝවාන් විය. එහෙයින් ඔහුට ජනවසභ නම ඇතිවිය.
ඉතො සත්තා - මේ දෙව්ලොවින් චුතව හතක්. තතො සත්තා - මිනිස් ලොවින් චුතව සතක්. සංසාරානි චතුද්දසා - සියළු දාහතර කඳ පිළිවෙළ. නිවාසමභිජානාමි - ජාති වශයෙන් නිවාස දනිමි. යත්ථ මෙ වුසිතං පුරෙ - වෙසමුණිගේ සමාගමට පැමිණීමෙන් දෙවියන් කෙරෙහි ද රජබවට පැමිණීමෙන් මිනිසුන් කෙරෙහි ද මේ ආත්මභාවයෙන් පෙර මවිසින් වාසය කරන ලදි. පෙර මෙසේ වසන ලද බැවින් ද දැන් සෝවාන් වී ත්‍රිවිධ රත්නයෙහි බොහෝ පින්කම් කොට එහි අනුභාවයෙන් ඉහළ ඉපදීමට හැකි වූවත් බොහෝ කලක් විසූ තැන ආශාව බලවත් බැවින් මෙහිම ඉපදුනේය.
ආසා ච පනමෙ සන්තිට්ඨති - මම මෙයින් සෝවාන් වීමියි නිදාගැනීමටවත් ප්‍රමාද නොවී කාලය ගත කෙළෙමි. සකෘදාගාමි මාර්ගය සඳහා මගේ විදර්ශනාව අරඹන ලදී. අද අදම අවබෝධ කරන්නෙමියි මෙසේ උත්සාහයෙන් වාසය කරමියි දක්වයි. යදග්ගෙ වැල්මී වනයෙහි පළමු දර්ශනයෙහි සෝවාන් වූ දවස සඳහා කියයි. තදග්ගෙ අහං භනෙත දීඝ රත්තං අවිනිපාතො අවිනිපාතං සඤ්ජානාමි ඒ දවස ආදිකොට ස්වාමීනි මම පෙර තුදුස් ආත්මභාව සංඛ්‍යාත දීර්ඝ කාලයක් අපායට නොවැටුණේ වැල්මි වනයෙහි සෝවාන් මාර්ග වශයෙන් අවබෝධ කළ අපායට නොවැටෙන ස්වභාවය දනිමියි යන අර්ථයයි. අනච්ඡරියං - අනු අසිරිය සිතමින් නැවත නැවත මෙය අසිරිය වේ. කිසියම් කාර්යකට යන්නේ භාග්‍යවතුන් වහන්සේ අතරමග දුටුවෙමි. මෙය ද අසිරියකි. වෙසමුණි මහරජහුගේ පිරිසෙන් අනුසාසනා ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා හා සමානව අබිමුවෙහි දී අසන ලදී. අතරමග දෙව පච්චයා - දුටුබවද වෙසමුණි රජුගේ හමුවෙහි අසනලද බව දන්වනු කැමති බවද,
සන්නිපතිතා කුමක් සඳහා රැස්වූවෝද? ඔවුහු වනාහි කරුණු සතරකින් රැස්වන්නාහුය. වස් විසීම් සංග්‍රහය සඳහා, වස්පවාරණ සංග්‍රහය සඳහා, ධර්මශ්‍රවණය සඳහා සහ පරසතු ක්‍රීඩාව සඳහා, එහි හෙට වස් එළඹීම යයි ඇසළ පුණු පොහෝදින දෙව්ලොව දෙකෙහිම දෙවියෝ සුධර්මා දිව්‍ය සභාවේ රැස්වී සාකච්ඡා කරති. අසවල් විහාරයෙහි එක් භික්ෂුවක් වස් එළඹියේය. අසවල් විහාරයෙහි දෙදෙනෙකි. තුනක්, හතරක්, පහක්, දහයක්, විස්සක්, තිහක්, හතලිහක් පනසක්, සීයක්, දාහක් භික්ෂූහු වස් එළඹියහ. මේ මේ තැන්වල ආර්යන් වහන්සේගේ, ආරක්ෂාව සංවිධානය කරන්න. මෙසේ වස් එළඹීමේ සංග්‍රහය කියන ලද්දේ වේ.