4. මහා සුදර්ශන සූත්ර වර්ණනාව
එවම්මේසුතං යනු මහා සුදස්සන සූත්රයයි. මෙය එහි පෙර වර්ණනා නොකළ පද වර්ණනාවය. සබ්බරතනමයො යනු මෙහි එක් ගඩොලක් රුවන්මුවා වේ. එකක් රිදීමුවා වේ. එකක් වෛදුර්ය මැණික් වේ. එකක් පලිඟු මැණික් වේ. එකක් මැසිරිගල් වේ. එකක් සියළු රන්මුවා වේ. මේ පවුර සියළු පවුරුවල ඇතුළත උසින් සැට රියනක් විය. ඇතැම් තෙරුන් වහන්සේලා නගරය වනාහි ඇතුළෙහි සිට බලන්නන්ට දර්ශනීයව වැටහේ. එහෙයින් සියළු බාහිරව සැටරියනකි. සෙස්ස පිළිවෙළින් පහත් යයි කියති. ඇතමෙක් පිටත සිට බලන්නන්ට දර්ශනීයව වැටහේ. එනිසා සියළු අභ්යන්තරය සැට රියණකි. සෙස්ස පිළිවෙළින් පහත් වේ. ඇතමෙක් ඇතුළත ද පිටතද සිට බලන්නන්ට දර්ශනීයව වැටහේ. එහෙයින් මැදපවුර හැටරියනකි. ඇතුළ ද පිටත ද තුන පිළිවෙළින් පහත් වේ.
එසිකා - යනු එසිකා ස්ථම්භයයි. ඉන්ද්රකීලයයි. තිපොරිසනිඛාතා - යනු එක් පුරුෂයකු තමාගේ අතින් පස් රියනකි. එහෙයින් පුරුෂයන් තිදෙනෙකුගේ ප්රාකාරය පාලොස් රියන් පමණ යන අර්ථයයි. ඒවා කෙසේ පිහිටියේද? නගරයේ එක එක මහා දොර උළුවහු නිසා එක එකක් එක එකක් කුඩා දොර උළුවහු නිසා එක එකක් මහදොර උළුවහු කුඩා දොර උළුවහු අතර තුන්වැන්න සදායයි ද තල් පන්ති අතර සියළු රන්මුවා වූ තල්වලින් එක් රන්මුවාමයයි පවුරේ කී ලක්ෂණ අනුව දතයුතුයි. කොලගෙඩි ආදියෙහි ද මෙම පිළිවෙළමයි. ඒ තල්ගස් පන්තිය වනාහි අසූ රියනක් උසට විසිරුණු වැලිතලා සමභූමියෙහි පවුරු අතර එක එකක් වෙන වෙනම පිහිටියේය.
වග්ගු යනු සුන්දර රජනියො - යනු ඇලීමට සමත් වූ කමනියො - යනු දවසක් ඇසුවත් කැමති වේ, එපා නොවේ. මදනියො - යනු මාන මදය පුරුෂමදය උපදවන. පඤ්චඞගිකස්ස - යනු ආතත, විතත, ආතතවිතත, බෙරවලින් සහ නලා, තාලම්පට යන මේවායින් යුක්ත වූ, එහි ආතත නම් සමින් යුත් බෙරවලින් එක් තලයක් පිටක් ඇති තූර්ය භාණ්ඩයකි. විතත නම් දෙපසම තල ඇති, ආතත විතත නම් සියළු ආකාරයෙන් වඩන ලද, සුසිර නම් තලා ආදියයි. ඝන නම් සම් ආදියයි. සූවිනීතස්ස - යනු ඇදීම් බුරුල් කිරීම් ආදියෙන් මඩනා ලද සුප්පටිකාලිකස්ස යනු උපොෂථ අංශයේ - ප්රමාණයෙහි සිටි බව දැනගැනීමට මනාව කුසලෙන සමන්නාගතස්ස - යන යමෙක් වාදකිරීමට දක්ෂ සමර්ථ ඔවුන් සමග වාදකරන්නන්ගේ ධුත්තා යනු සූදුවෙහි සුරාවෙහි ඇලීම. සොණ්ඩා යනු සුරාවෙහි ඇලීම. එයම නැවත නැවත පානය කිරීමට කැමැත්ත වශයෙන් ඇති පිපාසාව. පරිවාරෙසුං - යනු අත් පා විසිකරමින් නටමින් ක්රීඩා කළහ.
සීසං නහාතස්ස - යනු හිස සමග සුවඳ ජලයෙන් නෑම. උපොසථිකස්සා - යනු සමාදන් වූ පෙහෙවස් ඇත්තේ. උපරිපාසාදස්සවරයාතස්ස ප්රාසාදයේ ඉහළමාලයට පැමිණ, ආහාර වළඳා ප්රාසාදයේ ඉහළ මහතලයෙහි සිරියහන් ගැබට පිවිස සිල් ආවර්ජනා කරන්නේ. එදා වනාහි රජතුමා උදේම ලක්ෂයක් වියදම්කර මහාදානයක් පිරිනමා සුවඳ පැන්කල සොළොසකින් හිසෙහි ස්නානය කොට උදේ ආහාර කිස නිමවා පිරිසිදු උතුරු සළුව එකස්කොට පෙරවා, ඉහළ ප්රාසාදයේ සිරියහනෙහි එරමිනිය ගොතා හුන්නේ තමාගේ දානමය පින් සමූහය ආවර්ජනා කරමින් සිටියේය. මෙය සියළු සක්විති රජුන්ගේ ධර්මතාවකි.
එසේ ආවර්ජනා කරන්නාවූ ඔවුන්ට කියන ලද ආකාර පින්කම් හේතුවෙන් ඍතුවෙන් හටගත් නිල්මැණික් සමුහයක් මෙන් පෙරදිග මුහුදු ජලතලය දෙබෑ කරන්නාක් මෙන් අහස අලංකාර කරන්නාක් මෙන් දිව්ය චක්රරත්නය පහළ වේ. මහා සුදර්ශන රජතුමාට ද එය එසේම පහළ විය. එය දිව්යනුභාවයෙන් යුත් නිසා දිව්ය යයි කියන ලදී. මෙහි අර (ගරාදි) දහසක් නිසා සහස්සාර - නම් වේ. නිම් වලලු (පට්ටම්) සහ නාභියෙන් ..යුත් නිසා සනෙමිකං සනාභිකං - වේ. සියළු ආකාරයෙන් සම්පූර්ණ නිසා සබ්බාකාර පරිපුරං - වේ.
එහි රෝදයද ඇල්ම ඇතිකරන අර්ථයෙන් රත්නයද චක්කරතනං - වේ. යම් නාභියකින් යුක්ත වූ නිසා සනාභිකං යයි කියන ලදී. එය ඉඳුනිල්මිණිමුවා වේ. මැද වනාහි රිදීමුවා පනෙල් වේ. සුදු සිනිඳු දත් පෙළින් සිනා සෙන්නාක් මෙන් බබළයි. මැද සිදුරකින් මෙන් ඇතුළත පිටත දෙපසෙහි ම සඳමඬලේ රිදීපටකින් කරන ලද පරික්ෂේප ඇත්තේ වේ. නැබ පනෙල් වෙළන ලද පටවල සුදුසු තැන්වල වෙන්කොට දක්වන ලද රේඛා මනාව බෙදන ලද්දාක් මෙන් පෙනේ. මෙය නාභියෙන් සියළු ආකාර සම්පූර්ණ වීමකි.
අර සත්රන්මුවා වේ. හිරුරැස් මෙන් ප්රභා සම්පන්න වේ. ඒවායෙහිද ගැටි මැණික් වෙන්කිරීමේ රේඛාදිය මනාසේ බෙදුවාක් මෙන් පෙනේ. මෙය අරවල සබ්බාකාර පරිපූරිතා - වේ.
යමකින් වනාහි ඒ නේමි සනේමිකං - යයි කියන ලදි. එය තරුණ සූර්ය රශ්මි කලාප සිරියෙන් අපහාස කරන්නාක් මෙන් ඉතා රතු පිරිසිදු පබලුමුවා වේ. මෙහි සන්ධිවල වනාහි සන්ධ්යා වර්ණයෙන් යුත් රතු ජම්බුනදියෙහි හටගත් රන්පටිමෙන් වට වූ වෙන්වූ රේඛාවලින් බෙදනලද්දා මෙන් පෙනේ. මෙය නෙමියා සබ්බාකාර පරිපූරිතා - නම් වේ.