මේ තෙරුන්වහන්සේට චෙතිය පර්වතයේ ගිරි භාණ්ඩ මහා පූජාවේ දන්දෙන තැනට ගොස් මේ දානයෙහි වටිනාම භාණ්ඩය කුමක්දැයි ඇසීය. ස්වාමීනි! සළු දෙකකි. එසේනම් ඒවා මට දෙන්න යැයි පැවසීය. මෙය ඇසූ ඇමතියෙක් ඒ බව රජුට දැන්වීය. එක් තරුණ භික්‍ෂුවක් මෙසේ කියයි. ඒ දහර භික්‍ෂුවට මෙබඳු සිතක් ඇත කියා සියුම්සළු ගැලපෙන්නේ මහතෙරවරුන්මය කියා ඒවා මහතෙරවරුන්ට දෙමියි තැබීය. භික්‍ෂූන් පිළිවෙලට සිටිකල්හි පූජා කරන්නහුගේ හිසමත තබන ලද ඒ සළු අතට අත නොහැකි විය. වෙන ඒවාම අතට එයි. තරුණ භික්‍ෂුවට දෙන වාරය පැමිණිකල්හි වනාහි ඒ සළු ඔහුගේ අතට නැගී හෙතෙම ඔහුගේ අතේ තබා ඇමැතියාගේ මුහුණ බලා තරුණ භික්‍ෂුවව වඩා හිඳුවා දන් දී සංඝයා පිටත්කර යවා තරුණ භික්‍ෂුව සමීපයේ වාඩිවී ස්වාමීනි! මේ ධර්මය කවදා අවබෝධකර ගත්තේදැයි ඇසීය.
හෙතෙම දහම් කොටසක් හෝ තමන්ට නැතිබව නොකියා මහරජ! මා තුළ ලෝකෝත්තර ධර්මයක් නැතැයි කීය. ස්වාමීනි! මුලදීම මේ බව ප්‍රකාශ කළා නේද? එසේම මහරජතුමනි, මම සාරාණීය ධර්ම පුරණ කෙනෙක් වෙමි. ඒ ධර්මය පිරූ කාලයේ පටන් බෙදන තැන්වලදී උසස් භාණ්ඩයක්ම ලැබේ. ස්වාමීනි! සාධු. සාධු. ඔබවහන්සේට මෙය සුදුසුය කියා වැඳ නික්ම ගියේය. මේ බෙදන තැන උතුම් භාණ්ඩයක් ලැබෙයි යනු මෙහි කථා වස්තුවයි.
බ්‍රාහ්මණතිස්ස සාගතය කල්හි භාකර ගම්වැසියෝ නාග තෙරණියට නොදන්වාම පළා ගියහ. තෙරණිය අළුයම් වේලෙහි අතිශයින් ගම නිහඬය. කුමක්දැයි බලන්නට තරුණ භික්‍ෂූනීන්ට පැවසීය. ඔව්හු ගොස් ගමේ සියළුදෙනාම ගිය බව දැනගෙන අවුත් තෙරණියට දැන්වූහ. ඕ තොමෝ එය අසා නුඹලා ඔවුන් ගිය බව ගැන නොසිතන්න. තමන්ගේ උද්දේස විචාරීම සිහිනුවණින්ම යෙදෙන්න යැයි කියා පිඬුසිඟා වඩින වේලාවේ සිවුරු පොරවා දොළොස්දෙනෙක් ගම්දොරටුවේ නිග්‍රෝධ වෘක්‍ෂ මූලයක සිටියාහ. ගසෙහි අධිගෘහිත දේවතාවා භික්‍ෂුණීන් දොළොස්දෙනාට පිණ්ඩපාතය දී ස්වාමීනි! වෙන තැනකට නොයන්න. නිරන්තරයෙන් මෙහිම එන්න යැයි කීවේය. තෙරණියගේ නාගථෙර නම් කනිටු සොහොයුරෙක් සිටී. ඔහු මහත් බියකි. ජීවත්වන්නට නොහැක. වෙන දේශයකට යන්නෙමියි තමන් දොළොස්වෙනියාව තමන් වසන තැනින් නික්මයන්නේ තෙරණිය දැක යන්නෙමියි සොයුරුගමට ආවේය. තෙරණිය භික්‍ෂූන් වහන්සේලා වැඩියේදැයි අසා ඔවුන් සමීපයට ගොස් ස්වාමීනි, කෙසේදැයි විචාළාය. ඔහු ඒ පුවත දැන්වීය. ඕ තොමෝ අද එක දවසක් විහාරයේම නතරව සිට හෙට යන්නෙමියි කීවේය. තෙරුන්වහන්සේලා විහාරයට ගියහ.
තෙරණිය පසුදා ගසමුල පිඬුසිඟා හැසිර තෙරුන් වෙත පැමිණ මේ පිණ්ඩපාතය වළඳන්න යැයි කීවාය. තෙරුන්වහන්සේ, තෙරණියනි, වටී යැයි කියා නිහඬවිය. පියාණෙනි! පිණ්ඩපාතය ධාර්මිකය. කුකුසක් නැතිව වළඳන්න. තෙරණියනි! සුදුසුද? ඇය පාත්‍රය ගෙන අහසට දැම්මාය. පාත්‍රය අහසේ රැඳින. තෙරුන්වහන්සේද තල්ගස් සතක් පමණ සිටි භික්‍ෂුණියගේ පාත්‍රය, තෙරණියයි කියා බියනම් සැමකල්හි නොපවතී. භය සංසිඳුනු විට අරියවංස දේශනාව කරමින් පින්වත් පිණ්ඩපාතිකය! ඔබ භික්‍ෂුණියගේ බත් වළඳා කල්ගත කළෙහි යයි සිතෙන්ම දොස් පවරා ගනිමින් පීඩාවට පත්වන්නට නොහැක්කෙමි. තෙරණිවරුනි, අප්‍රමාදී වන්න යැයි කියා මගට පිළිපන්නේ ය.
වෘක්‍ෂ දේවතාවා ද ඉදින් තෙරුන් වහන්සේ තෙරණියගේ අතින් පිණ්ඩපාතය වළඳින්නේ ද ඔහුව වළක්වන්නේ නැත. ඉදින් නොවළඳන්නේ නම් නතර කරන්නෙමියි සිතමින් සිටින්නී තෙරුන්ගේ ගමන දැක ගසින් බැස ස්වාමීනි! පාත්‍රය දෙන්නයැයි පාත්‍රය ගෙන තෙරුන්වහන්සේව ගස මුලට කැඳවා ගෙනවිත් අසුනක් පනවා පිණ්ඩපාතය දී දන් වළඳා අවසානයේ පොරොන්දු කරවාගෙන භික්‍ෂුණීන් දොළොස් දෙනාටත් භික්‍ෂූන් දොළොස් දෙනාටත් වර්ෂ හතක් උපස්ථාන කළේය. මේ දේවතාවා උනන්දුවට පත්වන්නේය යනු මෙහි වස්තුවයි. එහි වනාහි තෙරණිය සාරාණීය ධර්ම පුරන්නියක් වූවාය.