මහාපදෙසෙ විශාල අවකාශයක මහත් වූ කාරණය - බුද්ධාදී උත්තමයෝ මහත් වූ මහත් වූ කාරණා සාක්ෂ්ය ලෙස දක්වා කියන ලද මහා කාරණා යන අර්ථයි.
නෙව අභිනන්දිතබ්බං තුටුපහටු වූවන් විසින් සාධුකාර දී කලින්ම නොඇසිය යුතුයි. මෙසේ කළ කල්හි පසුව මෙය නොගැලපේයැයි කියන්නේ නමුත් කිම කලින් මෙය ධර්මයකි. දැන් ධර්මයක් නොවේය කියා විශ්වාසය අත් නොහරියි. න පටික්කොසිතබ්බං යනු මේ බාලයා කුමක් කියයිද මෙසේ කලින් කිවයුතුව තිබින. මෙසේ කීකල්හි කිවයුතු දෙයද නොකියන්නේය. ඒ නිසා කියන ලදි. ‘සතුටු නොවී, නොකැඳවා’ යනාදී ලෙස පද ව්යඤ්ජනානි පද සංඛ්යාත වූ සලකුණු. සාධුකං උග්ගහෙත්වා මෙතැන පෙළ කියන ලදි. මෙතැන අර්ථය කියන ලදි. මෙතැන අනුසන්ධි ගැලපීම කියන ලදි. මෙතැන පූර්ව අපර ගැලපීම යනාදී ලෙස මනාව අවබෝධ කරගෙන සුත්තෙ ඔතාරෙතබ්බා සූත්රයන් බැස්සවිය යුතුයි. විනයෙ සන්දස්සෙතබ්බානි විනයෙහිදී සැසඳිය යුතුය.
මෙහි දී සුත්තං යන්නෙන් විනය ගැනේ. මෙසේ කියා ඇත. කොහි දමන ලදද? සැවැත්නුවර සූත්ර විභංගයෙහි විනය නම් ඛන්ධකයි. මෙසේ කියා ඇත. කොසඹෑ නුවර විනයේ මෙසේ විනය පිටකයද හාත්පසින් ගනු නොලැබේ. උභතො විභංගයට වනාහි සූත්ර, ඛන්ධක, පරිවාර, විනය යන ලෙස විනය පිටකය හාත්පසින් ගනු ලබයි. එසේ නැත්නම් සූත්ර පිටකය - සූත්ර විනය පිටකය, විනය මේ පිටක දෙක ගනු ලබති. සූත්රාන්ත අභිධර්ම පිටකයන් හෝ සූත්ර-විනය පිටකය, විනය මෙසේ පිටක තුන ඇතුළත් නොවේ. සූත්ර නොවන බුද්ධ වචනයන්ද ඇත. කෙසේද යත් ජාතක පටිසම්භිදා නිද්දෙස, සුත්ත නිපාත, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්ථු, පේතවත්ථු, ථෙරගාථා - ථෙරිගාථා අපදාන යැයි
සුදින්න තෙරුන්වහන්සේ වනාහි සූත්ර නොවන බුද්ධවචනයක් නම් නැත්තේ යැයි ඒ සියල්ල එකට දමා ත්රිපිටකයැයි සූත්ර විනය දැක්වීය. ඉක්බිති ඒ කාරණය දක්වන්නේ මේ සූත්රය ගෙනහැර දැක්වීය.
ගෞතමිය! ඔබ යම් ධර්මයක් දන්නෙහිද, මේ ධර්මයෝ සරාගී බව පිණිස හේතු වන්නේය. විරාගය පිණිස නොවේ. එක්වීම පිණිස හේතුවන්නේය. වෙන්වීම පිණිස නොවේ. දැඩිව ගැනීම පිණිස හේතුවෙයි. දැඩිව නොගැනීම පිණිස නොවේ. බොහෝ දේ පැතීම සඳහා හේතු වේ. අල්පේච්ඡතාවය සඳහා නොවේ. අසතුට පිණිසය. සතුට පිණිස නොවේ. කුසීතබව සඳහාය. වීර්ය ආරම්භය සඳහා නොපවතී. එක්රැස්වීම පිණිස හේතු වේ. උතුම් විවේකය සඳහා හේතු නොවේ. එක්රැස් කිරීම පිණිස වන්නේය. විසුරුවා හැරීම පිණිස නොවේ. ගෞතමිය, ස්ථිර වශයෙන්ම දැනගන්න. මේ ධර්මය නොවේ. මේ විනය නොවේ. මෙය ශාස්තෲ ශාසනය නොවේ. ගෞතමිය, යම් ඒ ධර්මයක් දන්නේද මේ ධර්මයෝ විරාගය පිණිස හේතුවෙත්ද රාගය පිණිස නොවේද, වෙන්වීම පිණිස හේතුවේ. එක්වීම පිණිස නොවේ. දැඩිව නොගැනීම පිණිස හේතුවේ. මෙය අල්පේච්ඡතාවය පිණිස වේ. බොහෝ දේ පැතීම සඳහා නොවේ. සතුට පිණිස හේතු වේ. අසතුට පිණිස නොවේ. වීර්යාරම්භය පිණිස හේතුවේ. කුසීත බව සඳහා නොවේ. උතුම් විවේකය පිණිසය. එක්රැස්වීම පිණිස නොවේ. අත්හැරීම පිණිස හේතුවන අතර එක්රැස් කිරීම පිණිස නොවේ. ගෞතමිය ඒකාන්ත වශයෙන් දැනගන්න. මේ ධර්මයයි. මේ විනයයි. මේ ශාස්තෲ ශාසනයයි.
ඒ නිසා සුත්තෙ යන්නෙහි සියළු ත්රිපිටක බුද්ධවචනය අඩංගු වේ. විනයෙ යනු මේ රාගාදී විනය කාරණා හා සැසඳිය යුතුය යන අර්ථයි. න චෙව සුත්තෙ ඔතරන්ති සූත්ර පිළිවෙලින් කිසිතැනක නොගොස් වැස්ම ඉවත්කර සැඟවුනු වෙස්සන්තර, සැඟවුනු උම්මග්ග, සැඟවුනු විනය වේදල්ල පිටක යන කවර හෝ තැනකින් ආවේයැයි දක්වන්නේය යන අර්ථයි. මෙසේ ආවා වූ ඒවා රාගාදී විනයෙහි නොපෙනෙත්ද අත්හළ යුතු වේ. ඒ නිසා කියන ලදි. මහණෙනි! මෙසේ වනාහි අත්හළ යුතුයි. මේ උපක්රමයෙන් සියළු තන්හි අර්ථ දතයුතුයි.