එහිදී සියලු සුනඛ සිවල් ආදීන්ට ප්රත්යක්ෂ වශයෙන් සමාන කළ, වෙන්කළ යන අර්ථයෙන් තුලං නම් වේ. එය කුමක්ද? කාමාවචර කර්මය සමාන නැත. සමාන නොවන්නේය. මෙයට සමාන වූ අන්ය ලෞකික කර්මයක් නැත්තේනුයි අතුලං. එය කුමක්ද? මහග්ගත කර්මයක්ද? නැත්නම් කාමාවචර ද රූපාවචර ද සමාන, අරූපාවචර අතුල වේ. අල්ප වූ විපාක ඇත්තේනුයි තුලං. බොහෝ විපාක ඇත්තේ අතුල. සම්භවං හටගැන්මට හේතු වූ පිඬු කරන්නා වූ එක්රැස් කරන්නා වූ යන අර්ථයි. භව සංඛාරං නැවත භවයක් සකස් කරන්නා වූ අවස්සජි. විසුරුවා හැරියේය. මුනි යනු බුද්ධමුනි. අජ්ඣත්තරතො ස්වකීය අධ්යාත්මයේ ඇලුනු. සමාහිතො උපචාර, අර්පනා සමාධි වශයෙන් සංසුන්, අභින්දි කවචමීවා යනු යුද ඇඳුමක් මෙන් බිඳී ගියේය. අත්ත සම්භවං යනු තමා තුළ හටගත් කෙලෙස් මෙය කියන ලදි. විපාක සහිත යන අර්ථයෙන් හටගත් භවය සකස් කිරීමේ අර්ථයෙන් භව සංඛාර යැයි ලබන ලද නම් ඇති තුල අතුල සංඛ්යාත වූ ලෞකික කර්මද අත්හළේය. යුදබිමෙහිදී මහා යෝධයෙක් යුද ඇඳුමක් මෙන් තමා තුළ හටගත් කෙලෙස්ද අභ්යන්තරයේ ඇලුනු සමාධියෙන් යුක්ත වී බිඳ දැම්මේය.
එසේ නැත්නම්, තුලං යනු සමාන කරන්නේ, තීරණය කරන්නේ. අතුලංව සම්භවං නිර්වාණයත්, භවයත් භවසංඛාරං යනු භවගාමී වූ කර්මය. අවස්සජි මුනී යනු පංච ස්කන්ධයන් අනිත්යය. පස්කඳ නිරෝධ කිරීම නිර්වාණයයි. නිත්යයි ආදී ලෙසින් සමකර බලන්නේ බුද්ධමුනි භවයෙහි ආදීනවත් නිර්වාණයේ ආනිසංසත් දැක ඒ ස්කන්ධයන්ට මුල් වූ භවසංඛාර නම් වූ කර්මයත් කර්මක්ෂය කිරීම සඳහා හේතු වන්නේය යන ලෙස කියන ලද කර්මක්ෂය කරන්නා වූ ආර්ය මාර්ගයෙන් අත්හැර දැමීය. කෙසේද යත්, අධ්යාත්මයේ ඇලුනේ සමාධිගත වූයේ තමා කෙරෙහි හටගත්, යුද ඇඳුම මෙන් බිඳ දැම්මේය. එයද විදර්ශනා වශයෙන් අධ්යාත්මයේ රැඳුනා වූ ද සමථ වශයෙන් සමාධිගත වූ ද යන ලෙස පූර්ව කොටසේ පටන් සමථ විදර්ශනා බලයෙන් යුදඇඳුමක් බඳු ආත්මභාවය හාත්පසින් වටකරගෙන සිටියා වූ තමා තුළ හටගත් බැවින් ‘අත්ත සම්භව’ කියා ලබන ලද නම් ඇති සියළු කෙලෙස් ජාලාව සිඳ දැම්මේය. කෙලෙස් නොමැති බැවින් කර්මය ප්රතිසන්ධියක් ඇති නොකරන බැවින් අවශ්යතාවක් නැතිවෙයි යනාදී ලෙස කෙලෙස් ප්රහාණය කිරීමෙන් කර්මය අත්හළේය. ප්රහීණ වූ කෙලෙස් ඇත්තාට බියක් නැත. ඒ නිසා බිය නැතිවම ආයු සංස්කාර අත්හළේය. බිය නොවූ බව දැන්වීම පිණිස උදානයක් ප්රකාශ කළේය යැයි දතයුතුයි.
යං මහා වාතා යම්කලකින් හෝ යම්කලක මහා වායු හමයිද, මහා වායු හමමින් උපක්ඛෙපක නම් වූ වාතයෝ හමා යත්. ඒ වායු හමමින් හැටදහසකට අධික යොදුන් නව ලක්ෂයක් ජලය දරණ වාතය සිඳ දමත්. එයින් අහසේ ජලය පහත බසී. එය පහළ බසිනවිට පෘථිවිය පහතට බසී. නැවත වායුව තම බලයෙන් පෙරහන්කඩයක මෙන් ජලය පිරෙයි. එයින් ජලය පිටත ගලයි. එය උඩට මතුවන විට පෘථිවිය උඩට පනී. මෙසේ ජලය කම්පා වී පෘථිවිය කම්පා වෙයි. මේ කම්පනය අද කාලයේ ද වෙයි. ඝන බව නිසා උඩ යට යන බවක් පෙනෙයි.
මහිද්ධිකො මහානුභාවො සමෘද්ධියේ මහන්තත්වය නිසා මහද්ධිකය. අනුභව කළයුත්තහුගේ මහත් බව නිසා මහානුභාව නම් වේ. පරිත්තා යනු දුර්වල අප්පමාණ බලවත්. සො ඉමං පඨවිං කම්පෙති හෙතෙම සෘද්ධිය උපදවා උත්සාහවත් වන්නේ මහ මුගලන් තෙරුන් මෙන්, විමසා බලන්නේ හෝ මහානාග තෙරුන්ගේ බෑනා වූ සංඝ රක්ඛිත සාමණේර මෙන් පෘථිවිය කම්පා වෙයි. ඒ ආයුෂ්මතුන් වහන්සේ වනාහි හිසකෙස් බාන තැනදීම රහත්බවට පත්ව මෙසේ සිතීය. යම් භික්ෂුවක් පැවිදි වූ දවසේම රහත්බවට පත්ව වෛජයන්ත ප්රාසාදය කම්පා කළේ නම් එබඳු භික්ෂුවක් සිටීද? එහිදී එබඳු කිසිවෙක් නැතැයි දැන මම කම්පා කරන්නෙමියි අභිඥා බලයෙන් වෛජයන්ත ප්රාසාදය මස්තකයේ සිට පාදයෙන් පහරදී කම්පා කරන්නට නොහැකිවිය. ඉක්බිති ඔහුට ශක්රයාගේ නාටක ස්ත්රීහු මෙසේ කීහ. පුත, සංඝරක්ඛිතය, ඔබ ගඳ ගසන හිසකින් යුක්තව වෛජයන්තය සොළවන්නට සිතන්නෙහිය. දරුව, මේ ප්රාසාදය මනාව පිහිටා ඇත්තකි. කෙසේනම් සොළවන්නට හැකිවන්නෙහිද?
සාමණේරයෝ මෙසේ සිතූහ. මේ දේවතාවෝ මා සමග සෙල්ලම් කරති. මම වනාහි ගුරුවරයකු නොලද්දෙමි. මාගේ ගුරුවරයා වූ සාමුද්දිකා මහානාග තෙරුන් කොහිදැයි ආවර්ජනය කරමින් මහා සමුද්රයෙහි ජල ලෙනක් මවා දවල් දවස එහි වැඩසිටින්නේ යැයි දැනගෙන එහි ගොස් තෙරුන් වැඳ සිටියේය. ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ මෙසේ කීහ. කිම දරුව සංඝරක්ඛිත, ඉගෙන නොගෙන යුද්ධයට පිවිසියේද කියා, දරුව, වෛජයන්තය, සොලවන්නට නොහැකි වූයේදැයි ඇසීය. ස්වාමීනි, නොහැකි විය. ඉක්බිති ඔහුට තෙරුන් දරුව, ඔබ වැනි කෙනෙක් නොසොල්වන්නේ නම් අන් කවරෙක් සොලවන්නේද? දරුව, ඔබ ජලය මතුපිට පාවෙන ගොම වැරටියක් දැක තිබේද? කියා දරුව, කබලෙහි සාදන කැවිලි වර්ගයක් සාදන අය අගින් අග කඩත්. මේ උපමාවෙන් දැනගන්න යයි කීය. හෙතෙම ස්වාමීනි, මෙපමණක්ම ඇතැයි කියා ප්රාසාදය පිහිටි ප්රදේශය ජලය වේවායි අධිෂ්ඨාන කොට වෛජයන්තය දෙසට ගමන් කළේය.