ඛරො යනු ඵරුස, ආබාධො විෂම වූ රෝග. බාළ්හා බලවත්, මාරණන්තිකා මරණය සමීපයට පැමිණවීමට සමර්ථ. සතො සම්පජානො අධිවාසෙසි සිහිය මනාව පිහිටුවා ඤාණයෙන් පිරිසිඳ ඉවසීය. අවිහඤ්ඤමානො වේදනාවට අවනතවීම් වශයෙන් එකිනෙක පරිවර්තනය නොකොට පීඩාවට පත් නොකර, දුක් නොවී ඉවසීය. අතාමන්තෙත්වා යනු නොකැඳවා, අනපලොකෙත්වා නොදන්වා අවවාද අනුශාසනා නොදී යයි කියන ලදි. විරියෙන පූර්වභාග වීර්යයෙන්ද ඵලසමාපත්ති වීර්යයෙන් ද පටිප්පණාමෙත්වා දුරුකොට. ජීවිත සංඛාරං මෙහි ජීවිතයද ජීවිත සංඛාරයයි. යමකින් ජීවිතය සකස් කෙරේද, සිඳෙන දෙය ගලපා තබයිද ඒ ඵලසමාපත්ති ධර්මයත් ජීවිත සංඛාර නම් වේ. මෙහිදී එය අදහස් කෙරේ. අධිට්ඨාය යනු ඉහළින් සිට පවත්වා, ජීවිතය පවත්වා ගැනිමට සමර්ථ ඵලසමාපත්තියකට සමවදින්නේය යනු මෙහි කෙටි අර්ථයි.
කුමක් නිසා භාග්යවතුන් වහන්සේ මෙයින් පෙර ඵලසමාපත්තියට සමවදින්නේ නැද්ද? සමවදියි. එය වනාහි ක්ෂණිය සමාපත්තියයි. ක්ෂණිය සමාපත්තියද අභ්යන්තර සමාපත්තියක්මය. වේදනාව පහකරයි. සමාපත්තියෙන් නැගී සිටියහුගේ වනාහි ලීදඬු වැටීමෙන් හෝ කැබිලිති වැටීමෙන් හෝ සිඳීගිය දියසෙවෙල් ඇති ජලය මෙන් නැවත ශරීර වේදනාව වසාගෙන පැතිරේ. යම් ඒ වනාහි රූප සත්තකද අරූප සත්තකද අවුල් නැති ගැටලු නැතිකොට මහා විදර්ශනා වශයෙන් සමවන් සමාපත්තිය වනාහි, එය මනාව ඉවත්කර දමයි. යම්සේ වනාහි පුරුෂයකු විසින් පොකුණට බැස අත්වලින් ද පාවලින් ද මනාව ඉවත්කරන ලද දියසෙවෙල් නොබෝ වේලාවකින් ජලය වසාගෙන පැතිරේ. එපරිද්දෙන් එයින් නැගිටියහුට බොහෝ කලකින් වේදනාව හටගනී. මෙසේ භාග්යවතුන් වහන්සේ ඒ දවස මහා බෝ මැඩ අලුත් විදර්ශනාවක් පිහිටුවන්නාක් මෙන් රූප සත්තකයත් අරූප සත්තකයත් අවුල් නැති ගැටළු නැතිකොට සතළොස් ආකාරයකින් එකට හනා මහා විදර්ශනාවෙන් වේදනාව ඉවත්කර දසමාසයක් නූපදීවායි සමාපත්තියට සමවැදුනේය. සමාපත්තියෙන් පහ වූ වේදනාව මාස දහයක් උපන්නේ නැත.
ගිලානා වුට්ඨිතො ගිලන්ව නැවත එයින් නැගී සිටියේ මධුරකජාතො විය හටගත් බර බව, හටගත් තද බව, උලෙහි හිඳුවන ලද්දකු මෙනි. න පක්ඛායන්ති ප්රකාශ නොකරත්. නොයෙක් හේතූන් නිසා නොඑළඹෙත්. ධම්මාපි මං නප්පටිභන්ති සතිපට්ඨාන ධර්මයෝ වනාහි මට පැහැදිලි නොවෙත්යැයි දක්වයි. බුද්ධ වචනය වනාහි තෙරුන්ට මනාව ප්රගුණය. උදාහරති යනු අවසාන අවවාදය නොදෙයි යන්න ගැන කියයි.
අනන්තරං අබාහිරං ධර්ම වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් යන දෙකම නොකොට මෙතෙක් ධර්මය අනුන්ට දේශනා නොකරන්නෙමියි සිතන්නේ ධර්මය අන්තර, අභ්යන්තර කිරීම නම් වේ. මේ පුද්ගලයාට දේශනා කරන්නෙමියි සිතන්නේ වනාහි පුද්ගලයා අභ්යන්තර කිරීම නම් වේ. මොහුට දේශනා නොකරන්නෙමියි සිතන්නේ පුද්ගලයා බාහිර කිරීම නම් වේ. මෙසේ නොකොට දේශනා කරන ලද්දේය යන අර්ථයි. ආචරියමුට්ඨි යනු යම්සේ පිටස්තර අයට ආචරියමුට්ඨි නම් වේ. තරුණ කාලයේ කිසිවකුටත් නොකියා පසුකාලයේ මරණාසන්නව සිටින්නෝ ප්රියමනාප වූ අතවැසියකුට කියත්. මෙසේ තථාගතයන් වහන්සේ, මෙය මහලු කාලයේ, පසු කාලයේ කියන්නෙමියි සඟවා තබාගත් කිසිවක් නැතැයි දක්වයි.
අහං භික්ඛුසංඝං මම ම භික්ෂු සංඝයාව පරිහරණය කරන්නෙමි කියා හෝ, මමුද්දෙසිකො යනු මම උදෙසිය යුතු තැන, කියාදෙන්නා වන්නේය. නියම කරන්නා වන්නේය. භික්ෂු සංඝයා මා පමණක්ම උදෙසා මා පමණක්ම බලාපොරොත්තු වෙමින් පවතිත්වා. මගෙන් පසුව හේ නොවේවා. යමක් හෝ එය හෝ වේවායි මෙසේ හෝ මොහුට වේවා යන අර්ථයි. න එවං හොති (මෙසේ නොවෙයි.) බෝමැඩදීම ඊර්ෂ්යාව හා මාත්සර්ය නැතිකළ බැවින් මෙසේ නොවෙයි. සකිං යනු හෙතෙම කුමක් නිසා ආසීතිකො අසූවයස් ඇත්තේ මේ අවසන වයස් සීමාවට පැමිණි බව දැන්වීමට කියන ලදි. වෙඛමිස්සකෙන රෝද බැඳීම ආදී නොයෙක් ප්රතිසංස්කරණවලින් යුක්තව. මඤ්ඤෙ යනු නොයෙක් ප්රතිසංස්කරණවලින් යුත් දිරාගිය කරත්තයක් මෙන් යයි සිතමි. රහත්ඵල නමැති ප්රතිසංස්කරණවලින් යුත් සිව් ඉරියව් පැවැත්ම භාග්යවතුන් වහන්සේම වන්නේ යැයි දක්වයි.
දැන් ඒ කාරණය ප්රකාශ කරමින් ‘යස්මිං ආනන්ද සමයෙ (ආනන්දය! යම්කලෙකදී) ආදිය කීය. එහි සබ්බ නිමිත්තානං රූප නිමිති ආදිය. එකච්චානං වේදනානං ලෞකික වේදනාවන්ගේ. තස්මාතිහ ආනන්ද යම් හෙයකින් මේ ඵලසමාපත්ති වාසයෙන් අපහසුතාවයක් නොවෙයි. ඒ නිසා නුඹලාට ඒ සඳහා මෙසේ වාසය කරව්යැයි දක්වයි. අත්තදීපා මහා සමුද්රය මැද දිවයිනක් මෙන් තමාව දීපයක්, පිහිටක් කොට වාසය කරව්. අත්තසරණා තමාම පිහිට කරගන්න. අනුන් පිහිට කර නොගන්න. ධම්මදීප - ධම්මසරණ යන පදවලදී ද මේ ක්රමයමයි. තමතග්ගෙ ඔහුව උසස් තැන්හි - මැද ‘ත’ කාරය පද සන්ධි කිරීම සඳහා කියන ලදි. මෙය සඳහා ඇත. මොව්හු අග්රතමයෝය. අග්ගතම යන තන්හි ‘තම’ යෙදීම සිඳ දමා ආනන්දය! ඔව්හු අතිශයින් අග්ර ස්ථානයෙහි උත්තම වූ ස්ථානයෙහි සිටිත්. ඔවුන්ගේ අතිශයින්ම අග්ර ස්ථානයෙහි වන්නාහ. යම් ඒ ශික්ෂාකාමීහු වෙත්ද ඒ සියල්ලන් අතර අතර සතර සතිපට්ඨානයට නැඹුරු වූ භික්ෂුව අග්ර වන්නේය. රහත්බව කුළුගැන්වීමෙන් දේශනාව සංග්රහ කෙරේ.