තිත්‍ථවාසො යනු නැවත නැවතත් ගුරුවරුන් ළඟ ඉගෙනීම, සවන්දීම, විචාරීම, ධාරණය යන මේවා අදහස් කෙරේ. එය තෙරුන්වහන්සේට වනාහි අතිශයින් පිරිසිදුය. ඒ නිසා මේ තෙරුන්වහන්සේට ගැඹුරු වූ ද පටිච්චසමුප්පාද ධර්මය නොගැඹුරු ලෙස වැටහෙයි.
සෝවාන් වූවන්ට වනාහි ප්‍රත්‍යාකාරය නොගැඹුරු ලෙස වැටහේ. මේ තෙරුන් වහන්සේද සෝවාන් කෙනෙක් බහුශ්‍රැතයන්ට වනාහි රියන් සතරක් වූ කාමරයක පහනක් දැල්වෙන විට ඇඳ පුටු මෙන් නාමරූප පරිච්ඡේදය පැහැදිලිව පෙනෙයි. මේ තෙරුන් වහන්සේ ද බහුශ්‍රැතයන් අතර අගතැන්පත් කෙනෙකි. බහුශ්‍රැත බව නිසා මොහුට ගැඹුරු වූ ප්‍රත්‍ය පිළිවෙල නොගැඹුරු ලෙස වැටහේ.
එහි අර්ථයෙහි ගැඹුරු බව නිසාත් ධර්මයේ ගැඹුරු බව නිසාත් දේශනාවේ ගැඹුරු බව නිසාත්, අවබෝධයේ ගැඹුරු බව නිසාත් යන සිව් ආකාරයෙන් පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරුය.
එහි ජාති මරණ දෙකෙහි ජාති ප්‍රත්‍ය නිසා හටගත් යන අර්ථය ගැඹුරුය. -පෙ- සංස්කාරවල අවිජ්ජාව නිසා හටගත්තේය. අර්ථය ගැඹුරුය යන මේ අර්ථයෙහි ගැඹුරු බවයි.
අවිජ්ජාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වේ යන [missing trans] අර්ථය ගැඹුරුය.
කිසියම් සූත්‍රයක පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් දේශනා කරයි. සමහර තැනක ප්‍රතිලෝම ලෙස තවත් තැනක අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. කිසියම් තැනක මැදසිට, අනුලෝම වශයෙන්, ප්‍රතිලෝම වශයෙන් අනුලෝම පටිලෝම ලෙස, කිසි තැනක ත්‍රිසන්ධි චතුසංඛෙප ලෙස, තවත් තැනක ද්විසන්ධි සංක්‍ෂේප ලෙස කිසියම් තැනක එකසන්ධි ද්විසංඛෙප ලෙස යන මේ ක්‍රමයෙන් දේශනා ගම්භීරතාවයයි.
අවිජ්ජාව නිසා නොදැනීම, නොදැකීම, සත්‍ය අවබෝධ නොවීම යන ලෙස අර්ථ වශයෙන් ගැඹුරුය. සංස්කාරයන්ගේ සම්පාදනය, රැස්කිරීම, හටගැනීම යන ලෙස නිදාන (හේතු) අර්ථයි. විඤ්ඤාණයේ ශූන්‍ය බව, අව්‍යාපාර, අසංඛත බව යන්න ප්‍රතිසන්ධිය ඇතිවීමේ අර්ථයි. නාමරූපයන්ගේ එකුප්පාද, බෙදා වෙන්කිරීම නම් වූ විනිබ්භොග, අවිනිබ්භොග, අරුප්පන (වෙනස් නොවීම) අර්ථයි. ෂඩායතනයන්ගේ අධිපති, ලෝකද්වාර ඛෙත්තවිසයී භාව අර්ථයයි. ස්පර්ශයේ, ස්පර්ශ වීම, ගැටීම, එක්වීම, රැස්වීමේ අර්ථයි. වේදනාවන්ගේ අරමුණ, රස විඳීම, සැප දුක මධ්‍යස්ථ බව නිජ්ජිවි අවබෝධ අර්ථයි. තණ්හාවගේ සතුටුවීම, බලවත් ඇල්ම, එක්තැන්වීම, තෘෂ්ණා නදිය, තෘෂ්ණා සමුද්‍රය පිරවීමට අපහසු බව යන අර්ථයි. උපාදානයාගේ දැඩි ලෙස ගැනීම, ඇලීම, ස්පර්ශ කිරීම (පරාමාස) ඉවත් කිරීමට අපහසු යන අර්ථයි. භවයාගේ රැස්කිරීම, සකස්කිරීම, යෝනි, ගති, ඨිති, වාස යන මේවායේ හෙළීම යන අර්ථයි. ජාතියේ, ජාති, සජාති පිහිටීම, උපත පහළවීම යන අර්ථයි. ජරාමරණයාගේ ක්‍ෂයවීම, වැයවීම, භේදවීම, වෙනසට පත්වීම යන අර්ථ ගම්භීරතාවය ඇත. මෙසේ යම් යම් අවිද්‍යා ආදීන්ගේ ස්වභාවය යම් ප්‍රතිවේදයකින් අවිජ්ජා ආදී ධර්මයන් ස්වකීය ලක්‍ෂණයන්ගෙන් අවබෝධ වූයේ වේද එය ගම්භීරය කියා. මේ ප්‍රතිවේධ ගම්භීරතාවයයි.
ඒ සියල්ලම තෙරුන්ට සරල ලෙස වැටහිණ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ව වළක්වමින් මාහෙවං ආදිය වදාළහ. මේ වනාහි මෙහි බලාපොරොත්තුවයි. ආනන්දය! නුඹ මහා ප්‍රාඥයෙකි. තියුණු නුවණ ඇත්තෙකි. ඒ නිසා නුඹට ගැඹුරු වූ පටිච්චසමුප්පාද ධර්මය නොගැඹුරු ලෙස පෙනෙයි. එබැවින් මෙය මටම නොගැඹුරු ලෙස පෙනෙයි. නැතහොත් අන් අයටත් එසේම යැයි මෙසේ නොකියන්න කියා
යමක් කියන ලද ද එය දෝෂාරෝපණයක්ය. එහි අදහස මෙසේය. ආනන්දය, යම්සේ වනාහි ගැඹුරු දෙය නොගැඹුරු ලෙස පෙනේ යයි නොකියන්න. ඉදින් වනාහි ඔබට මේ ගැඹුරු දෙය නොගැඹුරු ලෙස පෙනෙයිද? කුමක් නිසාද? නුඹ තමාගේ ස්වභාවය අනුව සෝවාන් වූයේ නොවේ. මා දුන් න්‍යාය මාර්ගයේ සිට සෝවාන් මාර්ගය අවබෝධ කරගත්තෙහිය. ආනන්දය! මේ නිර්වාණයම ගැඹුරුය. ප්‍රත්‍යාකාරය (පටිච්ච සමුප්පාද) වනාහි බවට නොගැඹුරු එකක් විය. ඉක්බිති කුමක් නිසා ඕලාරික වූ කාමරාග සංයෝජනයත්, පටිඝ සංයෝජනයත් (ව්‍යාපාද) ඕලාරික වූ කාමරාගයත්, පටිඝයත් යන කෙලෙස් සතර නසා සකෘදාගාමී ඵලය අවබෝධකර නොගන්නෙහිද? ඒ අනුසහගත වූ කෙලෙස් සතර මුලිනුදුරා දමා අනාගාමී ඵලය අවබෝධකර නොගන්නෙහිද? රූපරාග ආදී වූ සංයෝජන පස මානයත්, භවරාගයත් අවිජ්ජාවත් යනමේ කෙළෙස් අට මුලිනුපුටා දමා රහත්බව අවබෝධ කර නොගන්නෙහිද?
කුමක් නිසා කල්ප ලක්‍ෂයකට අධික ඒකාසංඛ්‍ය කල්පයක් පුරණ ලද පාරමිතාවන් ඇති සැරියුත් මුගලන් දෙනම මෙන් ශ්‍රාවක පාරමී ඤාණය අවබෝධ කර නොගන්නෙහිද? ඉදින් ඔබට මේ සියල්ල සරල ලෙස වැටහේ නම් කුමක් නිසා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් හෝ අටක් හෝ සොළසක් අසංඛ්‍ය කල්පයක් පාරමිතා පුරන සම්මා සම්බුදුවරයන් වහන්සේලා මෙන් සර්වඥතාඥානය අවබෝධ කර නොගන්නෙහිද? කුමක් නිසා මේ විශේෂ අධිගමයන්ගෙන් වියුක්ත වන්නේද බලන්න. ඤාණයේ කොටසක පමණක් පිහිටි ශ්‍රාවකයකු වන ඔබ වරදකරුවෙකි. කුමක් නිසාද? අතිශයින් ගැඹුරු වූ ප්‍රත්‍යාකාරය (පටිච්ච සමුප්පාදය) මට ඉතා සරල ලෙස වැටහේයැයි කියන්නෙහිය. ඒ ඔබගේ වචනය බුදුවරයන් වහන්සේලාගේ වචනයට විරුද්ධ වූවකි. එබඳු වූ භික්‍ෂුවක විසින් බුදුවරයන්ගේ කථාවට විරුද්ධව කථා කළයුතුයැයි සිතීම සුදුසුද?
ආනන්දය! මේ ප්‍රත්‍යාකාරය වටහාගන්නට උත්සාහ කරන වටකල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති සිව් අසංඛ්‍යයක් කල් ගතවිය. මේ ප්‍රත්‍යාකාරය වටහාගැනීම පිණිස නුදුන් දානයක් නම් නැත. නොපිරූ පාරමිතාවක් නැත. ප්‍රත්‍යාකාරය අවබෝධකර ගන්නෙමියි උත්සාහයක් නැති බව මාරබලය පරාජය කරද්දී මේ මහපොළව අඟල් දෙකක්වත් සෙලවූයේ නැත. එසේම ප්‍රථම යාමයේදී පෙරවිසූ කඳපිළිවෙල මධ්‍යම යාමයේදී දිවැස, පිරිසිදු කරන්නා වූ, පශ්චිම යාමයෙහි එසේම ඉතා අළුයම අවිජ්ජා සංඛාර පිළිබඳ නව ආකාරයකින් ප්‍රත්‍ය වන්නේ යැයි දුටු විගසම දස සහශ්‍රී ලෝකධාතුව යකඩයකින් පහරදෙන ලද ලෝහ තැටියක් මෙන් සියවරක් හඬ නඟමින් වාතයෙන් පහරලත් නෙලුම් පත්‍රයක දියබිඳුවක් මෙන් කම්පා විය. ආනන්දය! එපරිද්දෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරු ආලෝකයක් ඇත්තේය. ආනන්දය, මේ ධර්මය අවබෝධ නොවීමෙන් -පෙ- ඉක්මවා නොයයි.