දෙවෙනි ගාථාවේ සබ්බ පාපස්ස යනු සියලු අකුසලයන්ගේ අකරණං නොඉපදවීම. කුසලස්ස යනු සිව්භූමියට අයත් කුසල්. උපසම්පදා යනු ලැබීමයි. සචිත්ත පරියොදපනං තමන්ගේ සිත බබලවන. එය වනාහි රහත්බවෙන් වෙයි. මෙසේ සීල සංවරයෙන් සියළු පාපයන් හැරදමා සමථ විපස්සනාවන්ගෙන් කුසල් උපයාගෙන රහත්ඵලයෙන් සිත පිරිසිදු කරගත යුත්තේය යන මෙය බුදුවරයන්ගේ අනුශාසනයයි. අවවාදයයි.
තුන්වැනි ගාථාවෙහි අනූපවාදො වචනයෙන් කිසිවකුට හෝ අපවාද කිරීමකි. අනූපඝාතො යනු කයින් ඝාතනය නොකිරීම. පාතිමොක්ඛෙ යම් ඒ උතුම් මෝක්‍ෂය, උතුම් මිදී යාම, උත්තමශීලය, සුගතියට බාධාකර ධර්මයන්ගෙන් ආරක්ෂා කරයි. දුගති බියවලින් මුදවා ගනී. යමක් වනාහි ඔහුව ආරක්ෂා කෙරේද ඔහුව මුදවාගනීද යන අර්ථයෙන් පාතිමොක්ඛයැයි කියනු ලැබේ. ඒ ප්‍රාතිමෝක්‍ෂයෙහි සංවර වූයේ. මත්තඤ්ඤුතා පිළිගැනීම හා පරිභෝජනය පිළිබඳ ප්‍රමාදය දන්නා. පන්‍ථඤ්චසයනාසනං සයනාසනයද සම්බන්ධයෙන් තොරවූ යන අර්ථයි. මෙහිද ප්‍රත්‍ය දෙකකින් සිව්පසයෙහි සතුටුවීම දක්නව ලදැයි දතයුතුයි. එතං බුද්ධානසාසනං මෙසේ අනුනට අවමාන නොකිරීම, උපඝාතනය නොකිරීම, ප්‍රාතිමෝක්‍ෂයෙහි සංවරවීම පිළිගැනීම හා පරිභෝජනය පිළිබඳ පමණ දන්නා බව හා අෂ්ට සමාපත්තීන්හි වසීභාවයෙන් විවේක සේනාසන සේවනයද බුදුවරයන්ගේ අවවාදයයි. අනුශාසනයයි. මේවා වනාහි සියළු බුදුවරයන්ගේ ප්‍රාතිමෝක්‍ෂ උද්දේස ගාථාවන්නේ යැයි දතයුතු.
මෙපමණකින් මේ විපස්සී බුදුන්ගේ චරිතාපදාන කථා විස්තරයෙන් ‘මහණෙනි! තථාගතයන් වහන්සේගේම ඒ ධර්මධාතුව මනාසේ අවබෝධ කළ ‘මෙසේ කීමෙන් ධර්මධාතුව මනාලෙස අවබෝධ කරගත් බව ප්‍රකාශ කොට දැන් ‘දෙවියෝ ද තථාගතයන් වහන්සේට මේ කාරණය සැලකළහ යනුවෙන් කියන ලද දෙවියන්ගේ ඉල්ලීම ප්‍රකාශ කරන්නට ‘එකමිදාහං’ ආදිය පැවසීය.
සුභගවනෙ යනු සුභග නම් වූ වනයෙහි සාලරාමූලෙ දෙටු වනස්පතී වෘක්‍ෂයක මුල. කාමච්ඡන්‍දං විරාජෙත්‍වා යනු අනාගාමී මාර්ගයෙන් මුලිනුපුටා දැම්මී වශයෙන් විරාගයට පත් මෙසේ විපස්සී බුදුන්ට මෙන් සෙසු බුදුවරයන් වහන්සේලාගේ ශාසනයෙහි කියන ලද බ්‍රහ්මචරියාව දෙවියෝ සැළ කළහ. පෙළෙහි වනාහි විපස්සී බුදුන්ගේත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේත් යනාදී ලෙස ආවා වූ
එහි තමන්ගේ සම්පත්තියෙන් නොපිරිහෙත්. හැර නොදමත් යන අර්ථයෙන් ‘අවිහා’ නම් වේ. කිසිම සත්ත්වයකු නොතවයිද ඒ නිසා අතප්පා. මනා දැකුම් ඇති මනහර, ප්‍රසාදජනක යන අර්ථයෙන් සුදස්සනා නම් වේ. මනාව දකිත්. මොවුන්ගේ දර්ශනය සුන්දරය. මනාව දකිත්. මොවුන්ගේ දැක්ම සුන්දරය යනුවෙන් සුදස්සී නම් වේ. සියලුම ගුණයන්ගෙන් භව සම්පත්තියෙන් ද ජ්‍යෙෂ්ඨය. මෙහි කනිටු වූවෝ නැත යන අර්ථයෙන් අකනිට්ඨා
[missing trans] බ්‍රහ්මයන් විසින් සියල්ලම බණවර දෙදහස් හයසීයක් වෙයි.
එය ත්‍රිපිටක බුද්ධ වචනයෙහි අන්‍ය සූත්‍රයක් බණවර දෙදහස් හයසීයක් නම් නැත. මේ සූත්‍රාන්තය සූත්‍රාන්ත රාජයැයි දතයුතුයි. මීට පසුව අනුසන්ධි දෙකම දක්වමින් ඉති ඛො භික්ඛවේ ‘මහණෙනි! මෙසේ වනාහි ආදිය කීය. ඒ සියල්ලම ප්‍රකට අර්ථ ඇත්තේමය.
මහාපදාන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
2. මහානිදාන සූත්‍ර වර්ණනාව
එවං මෙසුතං -පෙ- කුරුසු යනුවෙන් ආරම්භ වන මහා නිදානයයි. මේ එහි ගැඹුරු පද වර්ණනාවයි. කුරු නම් ජනපද වැසි රාජකුමාරවරු ඔවුන්ගේ වාසස්ථානය එකම ජනපදයකි. ආරෝපණය කළ ශබ්දයාගේ අර්ථයෙන් ‘කුරුසු’ කියා (කුරු ජනපදවල) කියනු ලැබේ. ඒ කුරු ජනපදවල අටුවාචාරීන් වහන්සේලා මෙසේ කීහ. මහා මන්‍ධාතු රජ කාලයේ දිවයින් තුනේ ජනයා, දඹදිව නම් බුදු පසේ බුදු මහා ශ්‍රාවක චක්‍රවර්තී රජුන්ටත් උත්තම පුරුෂයන්ටත් උත්පත්ති ස්ථාන වූ උතුම් දිවයිනක් යැයි ද එය අති රමණීය යැයි ද අසා චක්‍රරත්නය පෙරටු කොටගෙන දිවයින් සතරෙහි ඇවිදින්නා වූ මහා මන්ධාතු සක්විති රජතුමා සමග ආවාහ. ඉක්බිති රජු පරිනායක රත්නය ගැන ඇසුවේය. මනුෂ්‍ය ලෝකයට වඩා රමණීය තැනක් ඇත්තේ ද? දේවයන් වහන්ස! කුමක් නිසා මෙසේ කියන්නේද? ඉරහඳ දෙකේ ආනුභාවය නොදකින්නෙහිද? මොවුන්ගේ තැන මෙයට වඩා රමණීයතර නොවන්නේ ද? රජු චක්‍රරත්නය පෙරටුකොට එහි ගියේය. සතරවරම් මහ රජවරු මන්ධාතු මහරජතුමා ආවේ යැයි අසාම රජු මහානුභාව සම්පන්නය. මහා සෘද්ධි ඇත්තේය. මේ රජු යුද්ධයෙන් පරාජය කළනොහැක. තමන්ගේ රාජ්‍යය පවරා දුන්හ. ඔහු එයද ගෙන නැවත විචාළේය. මීට වඩා රමණීය තැනක් තිබේද?
ඉක්බිති ඔහුට තාවතිංස භවනය ගැන කීහ. දේවයන් වහන්ස, තව්තිසා දෙව්ලොව රමණීයයි. සතරවරම් රජදරුවෝ එහි ශක්‍ර දේවේන්ද්‍රයාගේ පරිචාරකයෝ වෙති. දොරටුව ළඟ සිටිත්. සක්දෙව් රජු මහා සෘද්ධි ඇත්තේය. මහානුභාව ඇත්තේය. මේ ඔහුගේ උපභෝග ස්ථානයන්ය. වෛජයන්ත ප්‍රාසාදය ස්ථානයන්ය. වෛජයන්ත ප්‍රාසාදය යොදුන් දහසක් උසය. සුධර්මා දේව සභාව යොදුන් පන්සියයක් උසය. වෛජයන්ත රථය යොදුන් එකසිය පනහකි. එසේම ඓරාවණ හස්තියා දිව්‍යමය වෘක්‍ෂයන් දහසකින් සැරසීගත් නන්දන වනය, චිත්තලතා වනය, ඵාරුසක වනය, මිස්සක වනය, යොදුන් සියයක් උසය. පරසතු රුක යට යොදුන් සැටක් දිග යොදුන් පනහක් පළල යොදුන් පහළොවක් පළල, ජයසුමන මල්වල වර්ණයට සමාන පඬුපුල් අස්න. එහි මොළොක් බව නිසා හිඳගත්තා වූ ශක්‍රයාගේ සිරුරෙන් හරි අඩක් ගිලෙයි.