සමුදයො සමුදයොති ඛො උපත. උපත කියා හෝ අනනුස්සුතෙසු නොඇසූ, නොඇසූ විරූ, චක්ඛුං උදපාදි (ඇස පහළ විය.) ආදියෙහි මේ හටගැනීම දැකීමේ ප්‍රඥාවයි. දැකීම් අර්ථයෙන් චක්ඛු නම් වේ. නුවණ ඇතිකරන අර්ථයෙන් ඤාණ නම් වේ. වටහාගැනීමේ අර්ථයෙන් පඤ්ඤා වේ. කලකිරී, අවබෝධ කරගෙන හටගත් යන අර්ථයෙන් විජ්ජා නම් වේ. බැබලීම් යන අර්ථයෙන් ආලෝකයැයි කියන ලදි. මෙසේ කීය. චක්ඛුං උදපාදි - දැකීම් අර්ථයෙන් ඤාණං උදපාදි - නුවණ යන අර්ථයෙන්. වටහාගැනීමේ අර්ථයෙන් ප්‍රඥාවයි. විජ්ජා උදපාදි (විද්‍යාව පහළ විය) යන තැන අවබෝධ කිරීමේ අර්ථයෙන් ආලොකො උදපාදි යන තැන බැබලීම යන අර්ථයෙන් - චක්ඛුං යනු ධර්මය දකී යන අර්ථයි. ඤාණය ස්වභාවය වූයේ ඤාණයේ ප්‍රඥා ස්වභාවය දැනගන්නට යන අර්ථය. විජ්ජා යනු අවබෝධ කරගැනීමේ අර්ථය. ආලෝක ස්වභාවය බැබලීම් අර්ථයි. මෙපමණ පදවලින් කුමක් කියන ලද ද? මෙය ඇතිකල්හි මෙය වෙයි. හේතුව වටහාගැනීම් මාත්‍රය කියන ලදි. එසේ නැත්නම් මාර්ගයට පිළිපන් තරුණ විදර්ශනාව කියන ලදි.
අධිගතො ඛො ම්‍යායං යනු මා විසින් මෙය අවබෝධ කරගන්නා ලදි. මග්ගො යනු විදර්ශනා මාර්ගයයි. බොධාය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම පිණිස, නැත්නම් නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා තවද ඛුජ්ඣතී - අවබෝධ කරගන්නේනුයි බෝධි නම් වේ. මේ ආර්ය මාර්ගයට නමකි. ඒ සඳහාය කියාද කියා ඇත. මෙසේ මහා පුරුෂයා සියලු සසර දුක නැවත නූපදින නිරෝධය දුටුවේය.
නිරොධො - නිරොධොති ඛො නූපදීම නොඉපදීම කියා චක්ඛුං ආදිය කියන ලද අර්ථයමය. මෙහි වනාහි මේ සියලුම පදවලින් මෙය නැතිකල්හි මෙය නොවේ. නිරෝධය හඳුනා ගැනීම් මාත්‍රයම කියන ලදි. නැත්නම් ඉහළට යන බලවත් විදර්ශනාව කියන ලදි.
අපරෙන සමයෙන යනු මෙසේ හේතුවද හේතුවේ නිරෝධයද දැනගෙන ඊට පසුව උපාදානක්ඛන්‍ධෙසු උපාදානයට හේතුව වූ ස්කන්ධයන්හි. උදයබ්බයානුපස්සී එයට පළමුව දකින ලදි. හටගැනීමද අභාවයද යන දෙකම බලන්නේ. විහාසි යනු මුදුන්පත් ඉහළට යන විදර්ශනාව වඩමින් වාසය කරයි. කුමක් නිසා මෙය කීවේද? ආත්මභාවයේදී දරුවකු උපන් දවසේ මහාබිනික්මන් කොට පැවිදිව කෙළෙසුන් නැසීමේ උත්සාහයේ යෙදී බෝමැඩට නැග මාරබලය නසා පළමුයාමයෙහි පෙරවිසූ කඳපිළිවෙල සිහිකරත්. දෙවෙනි යාමයෙහි දිවැස පිරිසිදු කරත්. තුන්වන යාමයෙහි ප්‍රත්‍යාකාරය (පටිච්ච සමුප්පාදය) විමසා බලා ආනාපාන සිව්වන ධ්‍යානයෙන් නැගිට පංචස්කන්ධයන්හි අභ්‍යන්තරයට පිවිස හටගැනීම අභාවය වශයෙන් පනසක් ලකුණු දැක ගොත්‍රභූ ඤාණ සංඛ්‍යාත විදර්ශනා වඩා ආර්යමාර්ගයෙන් සියළු බුද්ධ ගුණයන් අවබෝධ කරගනිත්. මේ මහා පුරුෂයාණෝ ද පුරන ලද පාරමී ඇත්තේ කියන ලද පරිදි සියල්ල පිළිවෙලින් නිමවා පශ්චිම යාමයේදී ආනාපාන චතුර්ථ ධ්‍යානයෙන් නැගිට පංච ස්කන්ධයන්හි පිවිස බලා කියන ලද ආකාර ඇති හටගැනීම හා විනාශ අරමුණු කරගත් විදර්ශනාව පටන් ගත්තේය. එය දැක්වීමට මෙය කියන ලදි.
එහි ඉතිරූපං යනු මේ රූපය - මෙපමණක් රූපය - මෙයින් උඩට රූපයක් නැත යන වෙනස්වන ස්වභාවය නිසාම මහාභූත දැඩිව ගැනීම ආදී භේද මුල්කොට ලක්ඛණ - ලකුණ - රස - රසය පච්චුපට්ඨාන වැටහීම - පදට්ඨාන - ආසන්න කාරණය ආදී වශයෙන් සියලු රූපයන් ගැනීම කියන ලදි. ඉති රූපස්ස සමුදයො යනු මෙයින්, මෙසේ ගන්නා ලද රූපයේ හටගැනීම පිළිබඳ විදර්ශනාව කියන ලදි. එහි ඉති යනු මෙසේ හටගැනීම වන්නේය යන අර්ථයි. එහි විස්තරය අවිද්‍යාව හටගැනීමෙන් රූප හටගැනීමත්, තණ්හාව ඇතිවීමෙන් රූප හටගැනීමත්, කර්ම හටගැනීමෙන් රූප හටගැනීමත් ආහාර හටගැනීමෙන් රූප හටගැනීමත් යන ලෙස උපතට හේතුව දකින්නේද රූප ස්කන්ධයාගේ හටගැනීම දකීනුයි මෙසේ දතයුතුයි. විනාශයට යාමේදී අවිජ්ජාව නැතිවීමෙන් රූප නිරෝධය වේ. -පෙ- වෙනස්වන ලක්‍ෂණ දකින්නේ රූපස්කන්ධයාගේ නිරෝධය දකින්නේය. මේ විස්තරයයි.