තවද ජිණ්ණො යනු පැරණි, බොහෝකල් පැවති කුල පරපුර යයි කියන ලද්දේ වෙයි. වුද්ධො යනු ශීලාචාර ආදී ගුණයෙන් වෘද්ධියට පත්. මහල්ලකො යනු සම්පත් මහත් බැවින් යුතු. අද්ධගතො යනු මාර්ගයට පිවිසි බමුණන්ගේ ව්‍රත චර්යා ආදී සීමාව නො ඉක්මවා සිටි චරණ සීලය. වයො අනුප්පත්තො ජාතියෙන් වෘද්ධ බවද, අන්තිම වයසට පැමිණි.
එවං වුත්තෙ යනු මෙසේ ඒ බමුණන් විසින් කියන ලද කල්හි සොණදණ්ඩ ‘මේ බමුණෝ ජාති ආදියෙන් මාගේ ගුණ කියති. තමාගේ ගුණයෙහි ඇලීම මට සුදුසු නැත. මම මොවුන්ගෙන් වාද බිඳ ශ්‍රමණ ගෞතමයන්ගේ මහත් බව පෙන්වා මොවුන් එහි යාම කරමි’යි සිතා, තෙනහි භො මමපි සුණාථ ආදිය කීය. එහි දෙපසින් සුජාතය ආදි ගුණයක් වේද, ඒවා තමාගේ ගුණයන්ට සමාන ගුණය. ශ්‍රමණ ගෞතමයන්ගේ ජාති සම්පත්ති ආදි ගුණයට මම කවරෙක්දැයි ඒ ගුණ තමාගේ ගුණයන්ට වඩා උත්තරීතර යයි හඟිමින්, ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ මහත් බව දැක්වීම පිණිස ප්‍රකාශ කරයි.
මයමෙව අරහාම යනු මෙසේ නියම කරන්නේ මෙහි මෙය දක්වයි. ඉදින් ගුණමහත් බව නිසා එළඹිය යුතු නම්, මහමෙර හා සසඳා අබඇටයද, මහා සමුද්‍රය හා සසඳා ගවකුර වළද, සප්ත මහා විල්හි ජලය හා සසඳා පිණිබිඳුවද, කුඩාය ලාමකය. මෙසේම ශ්‍රමණ ගෞතමයන්ගේ ජාති සම්පත්ති ආදී ගුණයන් සමග සසඳා අපගේ ගුණ අඩුය. ලාමකය. ඒ නිසා මයමෙව අරහාම තං භගවන්තං ගොතමං දස්සනාය උපසංකමිතුං යනුවෙන්.
මහන්තං ඤාති සංඝං ඔහාය යනු මව්පසින් කුල අසූ දහසක්ද, පියපසින් අසූවක්දැයි මෙසේ හැටදහසක් අධික වූ කුල සියදහසක් අත්හැර පැවිදි වූයේය.
භූමිගතංච වෙහාසට්ඨංච යනු රාජාංගනයෙහිද උයනෙහිද සුණුවලින් මට කළ පොකුණු සත්රුවනින් පුරවා බිම තැබූ ධනය භූමිගත නමි. ප්‍රාසාද කුළුණු ආදිය පුරවා තැබූ ධනය වෙහාසගත නමි. මෙය නම් කුල පිළිවෙලින් පැමිණියේය. තථාගතයන් වහන්සේ දවසෙහිම සංඛ, ඵල, උත්පල, පුණ්ඩරීක යන සතර මහනිධාන එළඹියේය. ඔවුන්ගෙන් සංඛය ගවුවක් පමණය. ඵලය අඩයොදුනක් පමණ වේ. උත්පල ගව් තුනක් පමණය. පුණ්ඩරීකය යොදුනක් පමණ වේ. ඒවා ගත් ගත් තැන පිරේමය. මෙසේ භගවා පහූතං හිරඤ්ඤ සුවණ්ණං ඔහාය පබ්බජිතො යයි දතයුතුය.
දහරොව සමානො යනු තරුණයෙක්වැ. සුසුකාල කෙසො යනු මනා කළු කෙස් ඇත්තේ, අඳුන්වන් කෙස් ඇත්තේවැ යන අර්ථයි. භද්දෙන යනු ලස්සන, පඨමෙන වයසා යනු වයස් තුනෙන් පළමු වයසෙහි අකාමකානං යනු අකමැති වන. අනාදර අර්ථයෙහි ෂෂ්ටි වචනයි. මුවෙහ් කඳුළු මොවුන්ගේ නුයි = අස්සුමුඛා. ඒ මුවෙහි කඳුළු ඇත්තා වූ, කඳුළින් කිලිටි මුහුණු ඇති යන අර්ථයි. රුදන්තානං යනු හඬා වැළපෙන අක්ඛුද්දාවකාසො යනු මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ වූ දර්ශන අවකාශයයි දතයුතුය.
එහි මේ කථාවයි. රජගහනුවර එක්තරා බමුණෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රමාණය ගන්නට නොහැකි යයි අසා භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස පිවිසෙන කල්හි හැටරියන් උණගසක් ගෙන නුවර දොර පිටත සිට භාග්‍යවතුන් වහන්සේ පැමිණි විට උණගස ගෙන සමීපයෙහි සිටියේය. උණගස භාග්‍යවතුන් වහන්සේගේ දණ පමණට පැමිණියේය. දෙවැනි දවසෙහි උණගස් දෙකක් එකට බැඳ සමීපයෙහි සිටියේය. භාග්‍යවතුන් වනහන්සේද උණගස් දෙකම උඩින් උණගස් දෙක පමණටම පෙනෙමින් ‘බමුණ, ඔබ කුමක් කෙරෙහිදැයි ඇසූ සේක. ඔබගේ ප්‍රමාණය ගනිමි. ‘බමුණ, ඔබ මුළු සක්වළ ගැබ පුරවා සිටි උණගස් එකට බැඳ පැමිණෙන්නේ වුවත්, මාගේ ප්‍රමාණය ගැනීමට නොහැක්කෙහිය. මම අසංඛෙය්‍ය සතරක් හා කල්ප සියදහසක් යම්සේ පෙරුම් පිරුවේ නොවේද, යම්සේ අනෙකෙක් මාගේ ප්‍රමාණය ගන්නේද, බමුණ තථාගතයන් වහන්සේ අතුල්‍යයය. අප්‍රමාණයයි කියා ධම්මපදයෙහි ගාථාවක් කී සේක.