12. ලොහිච්ච සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං -පෙ- කොසලෙසු යනු ලොහිච්ච සූත්‍රයයි. මේ එහි ගැඹුරුපද වර්ණනාවයි. සාලවතිකා ඒ ගමෙහි නම. එය වැටක් මෙන් හාත්පසින් සල්ගස් පෙලකින් වටකරන ලද්දේය. ඒ නිසා සාලවතිකා යයි කියනු ලැබේ. ලොහිච්චො බමුණාගේ නම.
පාපකො පරානුකම්පාවෙන් විරහිත බැවින් ලාමකය. උච්ඡේද ශාස්වතයන්ගෙන් එකෙක් නොවේ. උපන්නංහොති උපන්නේ වෙයි. හුදෙක් සිතෙහි උපන් මාත්‍රයක්ම නොවේ. ඔහු ඒ අනුව පිරිස මැද වුවද මෙසේ කියයි. කිංහි පරො පරස්ස යමෙක් අන්‍යයාට අනුශාසනා කරනු ලබයිද ඒ අනුශාසකයාට කුමක් කරන්නේද, තමා ලබාගත් කුසල ධර්මය තමාම සත්කාරකොට ගරුකාර කොට විහාතබ්බන්ති අතහැර දැමිය යුතුයයි කියයි.
හෙසිකං නහාපිතං ආමන්තෙසි හෙසිකා යනු ස්ත්‍රීලිංග වශයෙන් ලද නම් ඇති කරණවෑමියා ඇමතීය. හේ භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම අසා මෙසේ සිතීය. විහාරයට ගොස් දතයුත්තක් නම් බැරෑරුම්ය. ගෙට කැඳවා බලන්නෙමියි ද ඇති අයුරින් ආගන්තුක භික්‍ෂාවක් දෙන්නෙමි. ඒ නිසා ඒ කරණවෑමියාට ඇමතීය.
පිට්ඨිතො පිට්ඨිතො කථා කිරීමේ පහසුව පිණිස පසුපසින් ලුහුබඳනා ලද්දේ වෙයි. විවෙචතු මුදවන්න. ඒ දෘෂ්ටිගතය නැතිකරනු මැනවැයි කියයි. මේ උපාසකයා ලොහිච්ච බමුණාගේ ප්‍රිය සහායකයාය. ඒ නිසා යහපත කැමැත්තෙන් මෙසේ කීය. අප්පෙවනාමසියා මෙහි ප්‍රථම වචනයෙන්ම භාග්‍යවතුන් වහන්සේ ගර්ජනය කරන සේක. දෙවැනි වචනයෙන් අනුගර්ජනය කරන සේක. මේ මෙහි අභිප්‍රායයි. හේසිකා මේ අර්ථය පිණිසම මා විසින් සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් විවිධ දුෂ්කර දේ කරමින් පාරමී පුරන ලදි. ඒ සඳහා සර්වඥතා ඥානය අවබෝධ කරන ලදි. ලොහිච්ච බමුණාගේ දෘෂ්ටිගතය බිඳීම මට බරක් නොවේ යයි මේ අර්ථය දක්වන සේක් ප්‍රථම වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගර්ජනය කරන සේක. හේසිකා, හුදෙක් ලොහිච්චගේ මා සමීපයට පැමිණීම හෝ හිඳීම හෝ අල්ලාප සල්ලාපයක් හෝ වේවා, ලොහිච්ච වැනි සියදහසකට සැක ඇතිවෙයි. මම එය නැති කිරීමට ශක්තිය ඇත්තෙම් වෙමි. ලොහිච්චගේ එකම දෘෂ්ටිය නැතිකිරීමේලා මට කවර බරක්ද, මේ අර්ථය දක්වන සේක් දෙවැනි වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ අනුගර්ජනය කරනසේකැයි දතයුතුය.
සමුදය සජාති සමුදයෙහි සජාතික වූ භෝග උත්පාදය එයින් ගොඩනගාගත් ධන ධාන්‍ය යන අර්ථයි. යෙතං උපජීවන්ති යම් ඥාති පිරිවර දාස කම්කරු ආදි ජනයා ඔහු නිසා ජීවත්වෙත්ද, අන්තරාය කරො ලාභයට අන්තරාය කරන, හිතානුකම්පී මෙහි හිතං යනු දියුණුවයි. අනුකම්පා කෙරේනුයි අනුකම්පී. කැමති වේ යන අර්ථයි. වෘද්ධිය කැමති වේ හෝ නොවේ යයි කියන ලද්දේ වෙයි. නිරයං වා තිරච්ඡාන යොනිංවා ඉදින් ඒ මිථ්‍යාදෘෂ්ටිය උපදීද නියත වේද ඒකාන්තයෙන් නරකයෙහි උපදී. නැතහොත් තිරිසන් යෝනියෙහි උපදී යන අර්ථයි.
දැන් යම්හෙයකින් යම්සේ තමාගේ ලාභය නැතිවීමෙන් සන්ත්‍රාසය විද්‍යමාන වේද අනුන්ට එසේ නොවේ. ඒ නිසා වැඩි වශයෙන් බ්‍රාහ්මණයා සංවේගයට පත්කරනු කැමති සේක් ‘ඔබ කුමක් සිතන්නෙහිද’ යන දෙවැනි උත්පත්තිය කී සේක. යෙචිමෙ තථාගතයන් වහන්සේගේ ධර්මදේශනාව අසා ආර්යභූමියට බැසගැනීමට නොහැකිවන කුලපුත්‍රයෝ දිබ්බා ගබ්භා ද්විතියාර්ථයෙහි පඤ්චමී වචනයි. දිව්‍ය ගර්භයෙහි යන අර්ථයි. දිබ්බා ගබ්භා සැඟවුණු දිව්‍යලෝකයන්ට තවත් වචනයකි. පරිපාචෙන්ති දිව්‍යලෝකයට යන ප්‍රතිපදාව පුරන, දානය දෙන, සිල් රකින, ගඳමල් ආදියෙන් පූජාකරන, භාවනා වඩන අය ඉදිරියට යති. පල දරත්. මුහුකුරා යත්. පරිණාමයට යත්. දිබ්බානං භවානං අභිනිබ්බත්තියා දිබ්බාභවා නම් දෙවියන්ගේ විමාන, එහි ඉපදීම පිණිස යන අර්ථයි. නැතහොත් දිබ්බාගබ්භා යනු දානාදී පුණ්‍ය විශේෂ දිබ්බා ගබ්භා යනු දෙව්ලොව විපාකස්කන්ධ, එහි ඉපදීම පිණිස පින් කරත් යන අර්ථයි. තෙසං අන්තරායකරො ඒ මාර්ග සම්පත්ති, ඵල සමාපත්ති දිව්‍ය භව විශේෂයන්ට අන්තරායකර යයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙපමණකින් අනියාමිත උපමා විධියකින් භවාග්‍රය තෙක් උඩට නැගුණු බමුණාගේ මානය බිඳ දැන් චෝදනාවන්ට සුදුසු ශාස්තෲන් තිදෙන දැක්වීමට තයො ඛො මෙ ලොහිච්චා යනාදිය කී සේක.
එහි සා චොදනා ඒ ශාස්තෲන්ට චෝදනා කෙරෙන ඒ චෝදනාව. න අඤ්ඤ චිත්තං උපට්ඨපෙන්ති අනිකක් නොදැනගනු පිණිස සිත නොඑළවත්. වොක්කම්මා නිරතුරුව ඔහුගේ අනුශාසනය නොකොට එයින් ඉවත්වී පවතී යන අර්ථයි. ඔසක්කන්ති යාවා උස්සුක්කෙය්‍ය ඉවත් වන්නහු වෙත යන්නේය. අකමැති වන්නහුට කැමති වන්නේය. එකක හමුවීම අකමැති වන්නහුගෙන් එකෙක් කැමති වන්නේ යයි කියන ලද්දේ වෙයි. පරම්මුඛිං වා ආලිංගෙය්‍ය දක්නට පවා අකමැතිවන පරාම්මුඛව සිටියහු පසුපසින් ගොස් වැළඳ ගන්නේය. එවං සම්පදං මාගේ මේ ශාස්තෲවරයාගේ ශ්‍රාවකයෝ යැයි ශාසනයෙන් ඉවත්ව පවත්නා කල්හිද මෝහයෙන් අනුශාසනා කරන්නහුගේ මේ ලෝභී ස්වභාවය මෙසේ පැමිණියේ යයිද ඒහා සමාන යයිද කියමි. මෙසේ ඒ මෙබඳු ඔබගේ ලෝභ ස්වභාවය පසුපසට යන්නකු උත්සාහ කරන්නාක් මෙන් පරාංමුඛ වූවකු වැළඳගන්නාක් මෙන් විය යන චෝදනාවට සුදුසුය. කිංහි පරො පරස්ස කරිස්සති යම් ධර්මයකින් අනුන්ට අනුශාසනා කරහිද, තමාම සම්පාදනය කරව සෘජු කරව අන්‍යයාට කුමක් කරන්නේද යන චෝදනාවට සුදුසුය.