11. කෙවට්ට සූත්ර වර්ණනාව
එවං මෙ සුතං -පෙ- නාලන්දාය යනු කේවට්ට සූත්රයයි. මේ එහි ගැඹුරුපද වර්ණනාවයි. පාවාරිකම්බවනෙ පාවාරිකගේ අඹවනයෙහි. කෙවට්ටො මෙය ඒ ගෘහපති පුත්රයාගේ නමයි. ඔහු සතළිස් සතර කෝටියක් ධන ඇති අතිශයින් ශ්රද්ධාසම්පන්න ගෘහපති මහා සාලයෙක් විය. ඔහු ශ්රද්ධාව අධික බැවින්ම ඉදින් එක් භික්ෂුවක් අඩමසකට වරක් හෝ මාසයකට වරක් හෝ අවුරුද්දකට වරක් අහසට පැන නැගී විවිධ ප්රාතිහාර්ය දක්වන්නේ නම්, සියලු ජනයා අතිශයින් පැහැදෙනු ඇත. මම භාග්යවතුන් වහන්සේගෙන් ඉල්ලා ප්රාතිහාර්ය දැක්වීම සඳහා එක් භික්ෂුවක් අනුදන්වා ගන්නෙමි නම් මැනවැයි සිතා භාග්යවතුන් වහන්සේ කරා එළඹ මෙසේ කීය.
එහි ඉද්ධා යනු සමෘද්ධිමත්. ඵීතා නොයෙක් භාණ්ඩ බෙහෙවින් ඇති බැවින් අභිවෘද්ධියට පත්. ආකිණ්ණ මනුස්සා උරෙනුර පැහැර හැසිරෙන්නාක් මෙන් මිනිසුන්ගෙන් ආකීර්ණ වූ. සමාදියතු අණකරනු මැනවි. තනතුරෙහි තබනු මැනවි. උත්තරිමනුස්ස ධම්මා උසස් මනුෂ්යයන්ගේ ස්වභාවයෙන් හෝ දශකුශල සංඛ්යාතයෙන් හෝ මනුෂ්ය ධර්මයෙන් උසස්. භිය්යොසොමත්තාය ප්රකෘතියෙන්ම දැල්වෙන පහන තෙල් වත් කිරීමක් ලැබ මෙන් අතිරේක ප්රමාණයෙන් අතිශයින් පැහැදෙන්නේය. නඛො අහං භාග්යවතුන් වහන්සේ රජගහ සිටුවරයාගේ කථාවෙහි ශික්ෂාපදයක් පැනවූ සේක.
ධංසෙමි ගුණ වනසන විනාශයෙන් විනාශ කරමි. ශීලභේදයට පමුණුවා පිළිවෙලින් උස්තැන සිට බස්සවා පහත් තැනක තබමි. බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධිය අපේක්ෂා කරන්නේ කියමියි දක්වයි. තතියම්පි ඛො තෙවරක් බුදුවරුන්ගේ කථාව බැහැරකොට කියන්ට උත්සාහ කරන්නෙක් නම් නැත. මොහු භාග්යවතුන් වහන්සේ සමග විශ්වාසවන්තයෙකි. විශ්වාසය වර්ධනය කොට වල්ලභයෙක්ව යහපත කැමැත්තෙක්මියි තෙවරක් කීය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ උපාසකයා මා බැහැරකරන කල්හිත් නැවත නැවත ඉල්ලා සිටින්නේමය. ඔහුට ප්රාතිහාර්ය කිරීමෙහි ආදීනවය පෙන්වන්නෙමියි සිතා තීණිකො ආදිය කී සේක. එහි අමාහං භික්ඛුං මම අසුවල් භික්ෂුව. ගන්ධාරී ගන්ධාර නම් සෘෂිවරයා විසින් කරන ලද. ගන්ධාර රටෙහි උපන් විද්යාව. එහි බොහෝ සෘෂිවරු විසූහ. ඔවුන්ගෙන් එක් අයකු කළ විද්යාව යන අදහසයි. අට්ටියාමි. වේදනාවෙන් පෙළුණේ මෙන් වෙමි. හරායාමි ලජ්ජා වෙමි. ජිගුච්ඡාමි අසූචි දැක මෙන් පිළිකුල උපදවමි.
පරසන්තානං අන්යයන්ගේ සන්තානය. දෙවැන්න එයටම සමාන වචනයකි. ආදිසති කියයි. චෙතසිකං දොම්නස සොම්නස අදහස් කරන ලදි. එවම්පිතෙ මනො මෙසේ ඔබගේ සිත සොම්නස් වූයේද දොම්නස් වූයේද හෝ කාම විතර්ක ආදියෙන් යුක්ත වූයේද. දෙවැන්න එයටම සමාන වචනයකි. ඉතිපි චෙ චිත්තං මෙසේ ඔබගේ සිත මේ මේ අර්ථය ගැන සිතමින් පවතී යන අර්ථයි. මණිකා නාම විජ්ජා චින්තාමණි යනුවෙන් මෙසේ ලද නම් ඇති එක් විද්යාවක් ලෝකයෙහි ඇත. එයින් අනුන්ගේ සිත් දනී යයි දක්වයි. එවං විතක්කෙථ මෙසේ නෛෂ්ක්රම්ය විතර්ක ආදිය පවත්වමින් විතර්ක කරන්නහු.
එවං විතක්කෙයිත්ථ මෙසේ කාමවිතර්ක ආදිය පවත්වමින් විතර්ක නොකරන්නාහු. එවං මනසිකරොථ මෙසේ අනිත්ය සංඥාවම දුක්ඛ සඤ්ඤා ආදීන් අතරින් එකක් මෙනෙහි කරහු. මාඑවං නිත්යය ආදී ක්රමයෙන් මෙනෙහි නොකරනු. මෙයැයි මේ පංචගුණ රාගය අත්හරිනු. ඉදං උපසම්පජ්ජ මේ චතුර්මාර්ගඵල භේද ඇති ලෝකෝත්තර ධර්මයටම එළඹ පැමිණ, එයම නිපදවා වසනු. මෙසේ භාග්යවතුන් වහන්සේ ඉද්ධිවිධ ප්රාතිහාර්ය යයි දක්වන සේක. අනුන් සිත දැන කීම ආදේසනා ප්රාතිහාර්ය යැයි ද ශ්රාවකයන්ගේද බුදුවරුන්ගේ ද නිරතුරු ධර්මදේශනාව අනුසාසනී ප්රාතිහාර්යයැයි ද