1. බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනා
මේ ප්‍රථම මහා සංගීතිය පවත්නා කල්හි විනය සංග්‍රහය අවසානයෙහි, සූත්‍ර පිටකයෙහි පළමුවැනි නිකායයෙහි පළමුවැනි සූත්‍රය වූ බ්‍රහ්මජාලය විමසන ආයුෂ්මත් මහා කස්සප තෙරුන් විසින් ‘ඇවැත් ආනන්ද බ්‍රහ්මජාලය, කොහිදී කියන ලදද?’ මේ ආදී වචන අවසානයෙහි යම්තැනකදී කියන ලදද එයද, යමකු අරබයා කියන ලදද, ඒ සියල්ල පවසන ආයුෂ්මත් ආනන්ද තෙරහු ‘එවං මෙ සුතං’ ආදිය කීහ. එහෙයින් කියන ලදි. ‘බ්‍රහ්මජාලයෙහිද ‘එවං මෙසුතං’ ආදිය ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ප්‍රථම මහා සංගීති අවස්ථාවෙහි කියන ලද ආදි නිදානයයි.
මෙහි ‘එවං’ යනු නිපාතපදයි. ‘මෙ’ යනාදිය නාමපදය. ‘පටිපන්නො හොති’ මෙහි ‘පටි’ යනු උපසර්ග පදයි. ‘හොති’ යනු ආඛ්‍යාත පදයයි. මේ ක්‍රමයෙන් පද බෙදීම දතයුතුය.
අර්ථ වශයෙන් ‘එවං’ ශබ්දය උපමා, උපදේශ, සම්ප්‍රහර්ෂණ, ගරහන වචන, ප්‍රතිග්‍රහණ, ආකාර, නිදර්ශන, අවධාරණ ආදී වූ නොයෙක් අර්ථ ප්‍රභේද ඇත්තේය. ඒ එසේමය. ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ ආදී තැන්වල උපමාවෙහි පැමිණියේය. ‘එවං තෙ අභික්කමිතබ්බං පටික්කමි තබ්බං’ ආදී තන්හි උපදේශයෙහිය. ‘එවමෙත’ භගවා එවමෙතං සුගතො’ ආදී තන්හි සම්ප්‍රහර්ෂණයෙහි ‘එවමෙව පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණස්ස වණ්ණං භාසති’ ආදී තන්හි ගැරහීමෙහි. ‘එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං’ ආදී තන්හි වචන ප්‍රතිග්‍රහණයෙහි. ‘එවං ව්‍යා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි’ ආදී තන්හි ආකාරයෙහි ‘එවං ත්‍වං මාණවක යෙන සමණො ආනන්‍දො තෙනුපසංකමි උපසංකමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ සුභො ඛො මාණවො තොදෙය්‍ය පුත්තො භවන්තං ආනන්‍දං අප්පාබාධං -පෙ- ඵාසු විහාරං පුච්ඡතීති. එවඤ්චපන වදෙහි සාධුකාර භවං ආනන්‍දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු අනුකම්පං උපාදාය’ ආදී තන්හි නිදර්ශනයෙහි, ‘තංකිං මඤ්ඤථ කාලාමා ඉමෙ ධම්මා කුසලාවා අකුසලා වාති? අකුසලා භන්තෙ සාවජ්ජාවා අනවජ්ජා වාති? සාවජ්ජා භන්තෙ, සමත්තා සමාදින්නා, අදිතාය දුක්ඛාය, සංවත්තන්ති, නොවා කථංවා එත්‍ථ හොති? සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. එවං නො එත්‍ථ හොති’ ආදී තන්හි අවධාරණයෙහි. ඒ මෙය මෙහි ආකාර නිදර්ශන අවධාරණයන්හි යයි දතයුතුය.
එහි ආකාර අර්ථයෙන් ‘එවං’ ශබ්දයෙන් මේ අර්ථය පෙන්වයි. නානා නය නිපුණ නොයෙක් අධ්‍යාශයන්ගෙන් හටගත් අර්ථ ව්‍යංජන සහිත, නොයෙක් පෙළහර ඇති, ධර්ම අර්ථ දේශනා ප්‍රතිවේධයන්ගෙන් ගැඹුරු වූ සියලු සතුන්ට තම තම භාෂානුරූපව ශ්‍රවණ මාර්ගයට පැමිණෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය සර්වප්‍රකාරයෙන් දැනගන්ට කවරෙක් සමර්ථද? සියලු ශක්තියෙන් ඇසීමේ කැමැත්ත උපදවාගෙන ද ‘එවං මෙසුතං’ යැයි එකෙනාකාරෙන සුතං’ යනු