දෙවැනි වාදයෙහි සිදුවී නැතිවන අර්ථයෙන් අනිච්චා නැවත පෙළන බැවින් දුක්ඛා. ප්රකෘතිය අත්හරින බැවින් විපරිණාම ධම්මා යයි දතයුතුය. තෙසං විපරිණාමඤ්ඤථභාවා යනු ඒ කාමයන්ගේ විපරිණාම සංඛ්යාත වෙනස් බවට පැමිණීම. යමක් මට තිබුණේද එයද මට නැතැ’යි කියූ පරිදි. උප්පජ්ජන්ති සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා යනු එහි ඇතුළත දැවෙන ලක්ෂණය ශෝකයයි. ඒ ආශ්රිතව දොඩවන ලක්ෂණය පරිදේව නමි. සිරුර නැවත පෙළන ලක්ෂණය දුකයි. මනස ව්යාකුල කරන ලක්ෂණය දෝමනස්සයි. විෂාද ලක්ෂණය උපායාසයි. විවිච්චෙව කාමෙහි ආදීන්ගේ අර්ථය විශුද්ධි මාර්ගයෙහි කියන ලදී.
විතක්කිතං ආරෝපණ වශයෙන් පැවති විතර්කය. විචාරිතං මර්දනය කිරීම් වශයෙන් පැවති විචාරය. එතෙනෙතං යනු මේ විතර්කයෙන්, මර්දනයෙන් ද මේ ප්රථමධ්යානය ඔළාරිකං කටුවක් ඇති කල්හි මෙන් තැවෙයි.
පීතිගතං යනු ප්රීතියයි. චෙතසො උබ්බිල්ලාවිතත්තං යනු සිතෙහි ප්රමෝදය ඇතිකරන. චෙතසො ආභාගො යනු ධ්යානයෙන් නැගිට එම සැපයෙහි නැවත නැවත සිත වෙළාගැනීම, මනසිකාරය. එක්තැන් කිරීම මෙහි ඉතිරිය දිට්ඨධම්ම නිබ්බාණවාදයෙහි මෙන් නොගැඹුරු අර්ථ ඇත්තේය.
මෙපමණකින් සියලු දෙසැට මිසදිටු කියන ලද්දේ වෙයි. ඔවුන්ගෙන් සතක් උච්ඡේද දෘෂ්ටීහුය. සෙස්ස ශාස්වත දෘෂ්ටීහුය.
දැන් ඉමෙ ඛො තෙ භික්ඛවෙ යනු මේ වාරයෙන් ඒ සියලු අපරන්ත කප්පිකයන් එක්තැනකට පමුණුවා සර්වඥතාඥානය විසඳන සේක. නැවත ඉමෙ ඛො තෙ භික්ඛවෙ ආදී වශයෙන් වාරයෙන් ඒ සියලු පුබ්බන්ත අපරන්ත කප්පිකයන් පමුණුවා එම ඥානයම විසඳන සේක. මෙසේ කතමෙචතෙ භික්ඛවෙ ධම්මා යන ආදියෙහි විමසනු ලබන්නේ සර්වඥතා ඥානයම අසා විසඳනු ලබන්නේද සතුන්ගේ අදහස් තුලාවෙන් කිරන්නාක් මෙන් මහමෙර පතුලෙන් වැලි මතු කරන්නාක් මෙන් දෙසැටක් මිසදිටු උඩට ගෙන සර්වඥතා ඥානයම විසඳු සේක. මෙසේ මෙය යථානුසන්ධි පළමු දේශනාවේ හා පසුව කළ දේශනාවේ යන දෙකෙහි කාරණා ගැලපීම අනුව දේශනාවෙහි ආයේය.
අනුසන්ධි තුනෙකි. පුච්ඡානුසන්ධි, අජ්ඣානු සන්ධි, යථානුසන්ධි යනුවෙන්. එහි මෙසේ කීකල්හි නන්ද ගෝපාලයා භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි, මෙතෙර යනු කුමක්ද? එතෙර කුමක්ද? මැද කවරෙක් ගිලී සිටීද? ගොඩබිම කුමක් පාවේද? මනුෂ්යභාගය කුමක්ද? අමනුෂ්යභාගය කුමක්ද? ආවර්තභාගය කුමක්ද? ඇතුළත කුණු බව කුමක්දැ’යි මෙසේ විමසන්නවුන්ට භාග්යවතුන් වහන්සේ විසින් විසඳන ලද සූත්ර වශයෙන් පුච්ඡානුසන්ධිය දතයුතුය.
ඉක්බිති එක්තරා භික්ෂුවකගේ සිතෙහි මෙබඳු විතර්කයක් පහළවිය. පින්වත, මෙසේ රූපය අනාත්මය. වේදනා-සංඥා-සංඛාර-විඤ්ඤාණ අනාත්මය. කර්මයෝ අනාත්මයෙන් කරන ලද්දෝය. මොවුන්ගෙන් කවරක් ආත්මය ස්පර්ශ කරන්නේද? ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ භික්ෂුවගේ සිතෙහි විතර්කය දැන භික්ෂූන් ආමන්ත්රණය කළ සේක. මහණෙනි, ඔබ කුමක් සිතන්නහුද? මෙහි එක් හිස් පුරුෂයෙක් නොදැන අවිද්යාවට පැමිණියේ තෘෂ්ණාධිපති සිතින් ශාස්තෲ ශාසනය ඉක්මවා යා යුතුයයි සිතන්නේය. මෙසේ පින්වත්නි, රූපය අනාත්මය. -පෙ- ස්පර්ශ කරන්නෙක්ද? මහණෙනි, ඔබ කුමක් සිතන්නාහුද? රූපය නිත්යද? අනිත්යද? මෙසේ අන්යයන්ගේ අදහස දැන භාග්යවතුන් වහන්සේ විසින් කියන ලද සූත්ර වශයෙන් අජ්ඣාසායානුසන්ධිය දතයුතුය.
යම් ධර්මයකින් ආදියෙහි දේශනාව පැන නැගුණේද, ඒ ධර්මයට අනුරූප ධර්ම වශයෙන් හෝ ප්රතිපක්ෂ ධර්ම වශයෙන් හෝ යම් සූත්රයන්හි මත්තෙහි දේශනාවක් පැමිණේද, ඔවුන්ගේ වශයෙන් අනුසන්ධිය අනුව දතයුතුය. ඒ කෙසේද යත්, ආකංඛෙය්ය සූත්රයෙහි යට සීලයෙන් දේශනාව පැන නැගිණ. මත්තෙහි අභිඥාසය පැමිණියේය. වත්ථ සූත්රයෙහි යට ක්ලේශයෙන් දේශනාව පැන නැගිණ. මත්තෙහි බ්රහ්මවිහාර ආයේය. කොසම්බක සූත්රයෙහි යට කලහයෙන් පැන නැගිණ. මත්තෙහි සාරාණීය ධර්ම ආයේය. කකචූපම සූත්රයෙහි යට නොඉවසීමෙන් පැන නැගිණ. මත්තෙහි කකචූපමය (කතුරෙහි උපමාව) ආයේය. මේ බ්රහ්මජාල සූත්රයෙහි යට දෘෂ්ටි වශයෙන් දේශනාව පැන නැගිණ. මත්තෙහි ශුන්යතා ප්රකාශනය පැමිණියේය. එහෙයින් කියන ලදී. මෙසේ මෙය අනුසන්ධි පිළිවෙළ වශයෙන් දේශනාව පැමිණියේය.
දැන් සීමා විභාග දක්වනු පිණිස තත්ර භික්ඛවෙ ආදිකොට දේශනාව අරඹන ලදී. තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතසිත විප්ඵන්දිත මෙව යනු යම් දෘෂ්ටි ආස්වාදයකින් දෘෂ්ටි සැපයකින් දෘෂ්ටි වෙදයිතයකින් යමෙක් සොම්නස් ඇත්තාහු ආත්මයද ලෝකයද ශාස්වතයයි කරුණු හතරකින් පනවත්ද, එයද ඒ පින්වත් වූ යථා පරිදි ධර්මයන්ගේ ස්වභාවය නොදන්නා වූ නොබලන්නා වූ වේදයිතයට තෘෂ්ණාවෙන් පැමිණියා වූ ශ්රමණ බ්රාහ්මණයන්ට හුදෙක් එහ වේදයිතයක් වන්නේ තෘෂ්ණාවෙන් පැමිණියවුන්ට පමණි. එයද බියට පත්ව අසහනයට පත්වීමක්මය. දෘෂ්ටි සංඛ්යාතයෙන්, තෘෂ්ණා සංඛ්යාතයෙන් බියට පත්ව අසහනයට පත්වීමකි. සැලීමක්මය. කම්පනයක්මය. දහයියා ගොඩක සිටවූ කණුවක් මෙන්. සෝවාන් පුද්ගලයාගේ දර්ශනය මෙන් නිශ්චලයයි දක්වයි. එකච්ච සස්සත ආදියෙහිද මේ ක්රමයයි.