තයිදං භික්ඛවෙ තථාගතො පජානාති යනු මහණෙනි, ඒ මේ සිව් වැදෑරුම් දෘෂ්ටිගතයම තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දනිති. ඉන්පසු එය දන්නා ආකාරය දක්වන සේක් ඉමෙ දිට්ඨිට්ඨානා ආදිය කී සේක. එහි දෘෂ්ටීහුම දිට්ඨිට්ඨානා නම් වෙති. තවද දෘෂ්ටීන්ගේ කාරණයද දිට්ඨිට්ඨාන වෙයි. යම්සේ කී සේක්ද? දිට්ඨිට්ඨාන අට කවරේද? ස්කන්ධයෝද දිට්ඨිට්ඨානයකි. අවිද්‍යාවද -පෙ- ස්පර්ශය, සංඥාව, විතර්කය, අයෝනිසෝ මනසිකාරය, පාපමිත්රයා, පරතො ඝෝෂාවද දිට්ඨිට්ඨානයකි. ස්කන්ධ හේතු ස්කන්ධ ප්‍රත්‍යය දෘෂ්ටීන් නිසා හටගන්නා අර්ථයෙන්, ස්කන්ධද දිට්ඨිට්ඨානයකි. අවිද්‍යා හේතු -පෙ- පාපමිත්රයා -පෙ- පරතෝ ඝෝෂ හේතු, පරතො ඝෝෂ ප්‍රත්‍යය දෘෂ්ටීන් නිසා හටගන්නා අර්ථයෙන්, මෙසේ පරතො ඝෝෂයද දිට්ඨිට්ඨානයකි. එවංගහිතා යනු දෘෂ්ටි සංඛ්‍යාතයෝ නම් දිට්ඨිට්ඨානයකි. ආත්මය ශාස්වතය. ලෝකයද ශාස්වතයයි මෙසේ ගන්නා ලද්දේ නොදෙන ලද්දේ පැවැතියේ යන අර්ථයි. එවං පරාමට්ඨා නිරාසංක (සැක නැති) සිත් ඇති බැවින් නැවත නැවත ස්පර්ශ කරන ලද්දේ = පරාමට්ඨා. ‘මෙයම සත්‍යය, අන් සියල්ල හිස්ය.’ අවසන් කරන ලද කාරණ සංඛ්‍යාත වූ දිට්ඨිට්ඨාන ගනු ලබන දෘෂ්ටීහු හට ගන්වත්ද, මෙසේ අරමුණු වශයෙන්ද පැවතීම් වශයෙන් ද සේවනය කිරීම් වශයෙන් ද ගන්නා ලදී. ආදීනව නොදක්නා බැවින් නැවත නැවත ගැනීම් වශයෙන් පරාමර්ශනය කරන ලද්දේය. එවං ගතිකා යනු මෙසේ නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය ගතීන් අතුරින් එකකට යන්නෝ : එවං අභිසම්පරායො යනු මෙය පෙර පදයටම වෙනත් වචනයකි. පරලෝක මෙබඳු යයි කියන ලද්දේ වෙයි.
තඤ්ච තථාගතො පජානාති හුදෙක් තථාගත තෙමේ කරුණු සහිත, ගති සහිත දෘෂ්ටිගතයට පමණත් නැත්තේ නොවේ. ඒ සියල්ලම දනී. තතොච උත්තරීතරං ශීලයද, සමාධියද සර්වඥතා ඥානයද දනී. තඤ්ච පොත්නං නපරාවසති යනු මෙබඳුව, අනුත්තර වූ විශේෂයක් දන්නේද මම දනිමියි තෘෂ්ණා දෘෂ්ටිමාන පරාමාස වශයෙන් ස්පර්ශ නොකරයි. අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා යනු මෙසේ පරාමර්ශනය නොකරන්නහුට අපර ප්‍රත්‍යයෝ තමාම තමා විසින්ම ඒ පරාමාස ක්ලේශයන්ගේ නිවීම අවබෝධ කරන ලද්දාහුය. ‘මහණෙනි, තථාගතයන්ගේ නිර්වාණය ප්රකටය’යි දක්වයි.
දැන් යම් ප්රතිපත්තියකින් පිළිපන් තථාගතයන් විසින් යම් නිවීමක් අවබෝධ කරන ලද්දේ ද ඒ ඒ ප්‍රතිපත්තිය දක්වන්ට යම් වේදනාවන්හි ඇලුණු තීර්ථකයෝ ‘මෙහි සැප ඇත්තෝ වන්නෙමු. මෙහි සැප ඇත්තෝ වන්නෙමුයි දෘෂ්ටි ග්‍රහණයට පිවිසෙත්. ඒ වේදනාවන්ගේ වශයෙන්ම කමටහන් අසන්නේ වෙදනානං සමුදයංච ආදිය කීහ. එහි යථාභූතං විදිත්වා යනු අවිද්‍යා සමුදයෙන් වේදනා සමුදය වෙයි. තෘෂ්ණා සමුදයෙන් -පෙ- කර්ම සමුදය වෙයි. ස්පර්ශ සමුදයෙන් වේදනා සමුදය වෙයි යනුවෙන් ප්‍රත්‍ය සමුදය අර්ථයෙන් වේදනා ස්කන්ධයෙහි හටගැනීම දකී. උත්පත්ති ලක්ෂණය දකින්නේද වේදනා ස්කන්ධයෙහි හටගැනීම දන්නේ යයි මේ පංච ලක්ෂණයන්ගේ වශයෙන් වේදනාවන්ගේ සමුදය වූ පරිදි දැන, අවිද්‍යා නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් -පෙ- කර්ම නිරෝධයෙන්, ස්පර්ශ නිරෝධයෙන්, වේදනා නිරෝධය වෙයි යනුවෙන් ප්‍රත්‍ය නිරෝධ අර්ථයෙන් වේදනා ස්කන්ධයෙහි ව්‍යය දකී. ලක්ෂණය දකින්නේ වේදනා ස්කන්ධයෙහි ව්‍යය දකී. මේ පංච ලක්ෂණයන්ගේ වශයෙන් වේදනාවන්ගේ අස්තංගමය වූ පරිදි දැන ‘යම් වේදනාවක් නිසා සුඛ සෝමනස්ස උපදීද, මේ වේදනාවේ ආස්වාදයයි. මෙසේ අස්සාදය වූ පරිදි දැන, යම් වේදනාවක් අනිත්‍යය ඉක්මවීද, විපරිණාම ස්වභාවය ඇත්තෙන්ද මේ වේදනාවෙහි ආදීනවයයි. මෙසේ ආදීනවං වූ පරිදි දැන යම් වේදනාවෙහි ඡන්දරාග විනයක් වේද, ඡන්දරාග ප්රහාණයක් වේද, මෙය වේදනාවෙහි ඉවත් වීමයයි මෙසේ නිස්සරණංච වූ පරිදි දැන, පහ වූ ඡන්දරාග ඇති බැවින් නො ඇලෙන්නේ අනුපාදාභික්ඛවෙ තථාගතො යම් උපාදානයක් ඇතිකල්හි කිසිවක් අල්ලාගන්නේ ද, උපදින බැවින්ම බැඳුණේ වන්නේය. එය අභාවයෙන් කිසියම් ධර්මයක් අල්ලා නොගෙනම මහණෙනි, තථාගතයන් වහන්සේ මිදුණු සේක.