යෙන පුථුජ්ජනො යනු මෙහි,
සූර්යබන්ධු බුදුන් විසින් පුහුදුන්හු දෙදෙනෙක් කියන ලදහ. අන්ධ පුහුදුන් ජනයා එකෙකි. කළණ පුහුදුන් ජනයා එකෙකි.
එහි යමකුට ඛන්ධ ධාතු ආයතන ආදීන්හි උග්ගහ, පරිපුච්ඡා සවණ, ධාරණ පච්චවෙක්ඛණ නැත්ද, මේ අන්ධ පෘථග්ජනයාය. යමකුට ඒවා ඇත්ද, හේ කල්යාණ පෘථග්ජනයාය. ඒ දෙවදෑරුම් බව -
ජනන ආදී මහා කරුණින් පුථුජ්ජන වෙයි.
පුථුජ්ජනයන් අතරට ගිය හෙයින් පුථු සහ ජන වෙයි.
පුථුජ්ජනයන් අතරට ගිය හෙයින් පුථු සහ ජන වෙයි.
ඔහු වනාහි මහත් වූ නානාප්රකාර ක්ලේශයන් ඇතිකරන කරුණුවලින් පෘථග්ජන වේ. යම්සේ කීයේද? -
මහාකෙලෙස් උපදවතියි = පුථුජ්ජනො. නොනසන ලද සක්කාය දෘෂ්ටි ඇත්තෝ = පුථුජ්ජනා, ශාස්තෲවරුන්ගේ මුව දෙස බලා සිටින්නෝ = පුථුජ්ජනා, සියලු ගතීන් විසින් නොනැගිටින ලද්දෝ = පුථුජ්ජනා, නානා අභිසංඛාරයන් රැස් කරන්නෝ = පුථුජ්ජනා, නොයෙක්, සැඩදිය පහරින් ගසාගෙන යත්නුයි = පුථුජ්ජනා, නොයෙක් සන්තාපයන්ගෙන් තැවෙත්නුයි = පුථුජ්ජනා, නොයෙක් දාහයන්ගෙන් දහනය කරනු ලබත්නුයි = පුථුජ්ජනා, පස්කම් ගුණයන්හි ගිජු ගැලුණු මුළා වූ බැසගත් ලැගි ඇලුණු පටලැවුණු බැවින් = පුථුජ්ජනා, පංච නීවරණයන්ගෙන් වටවුණු, දැවටුණු, බාධාකරන ලද වැසුණු යටිකුරු වුණු බැවින් = පුථුජ්ජනා, මහත් වූ බොහෝ වූ ගණන පථය ඉක්මවා ගිය ආර්ය ධර්මයන්ට පිටුපෑ නීච වූ ස්වභාව හා සමවාර ඇති ජනයා අතරට ගිය බැවින් = පුථුජ්ජනා. මහත් වූ හෝ මෙය වෙන්වම, සීලසුත ආදී ගුණ ඇති ආර්ය ජනයන්ගෙන් වෙන් වූ යයි ප්රකටව ගිය බැවින් = පුථුජ්ජනො.
‘තථාගතස්ස’යනු කරුණු අටකින් භාග්යවතුන් වහන්සේ තථාගත නම් වෙති. එසේ පැමිණියේ නුයි තථාගතො. එසේ ගියේනුයි තථාගතො. තථ ලක්ෂණයට ගියේ, තථ දක්නා බැවින් තථාගතො, තථාවාදී බැවින් තථාගතො, එසේ කළ බැවින් තථාගතො. අභිභවන අර්ථයෙන් තථාගතො.
භාග්යවතුන් වහන්සේ එසේ පැමිණිසේකැයි තථාගත වන්නේ කෙසේද? යම්සේ සියලු ලොවට හිතපිණිස උත්සුක බවට පත් පෙර බුදුවරු පැමිණියෝද, යම්සේ විපස්සී භාග්යවතුන් වහන්සේ පැමිණි සේක්ද, සිඛී භාග්යවතුන් වහන්සේ පැමිණිසේක්ද, -පෙ- යම්සේ වෙස්සභූ භාග්යවතුන් වහන්සේ පැමිණි සේක්ද, කකුසන්ධ භාග්යවතුන් වහන්සේ පැමිණි සේක්ද, යම්සේ කෝණාගමන භාග්යවතුන් වහන්සේ පැමිණි සේක්ද, යම්සේ කස්සප භාග්යවතුන් වහන්සේ පැමිණි සේක්ද, කුමක් කියන ලද්දේ වේද? යම් අභිනීහාරයකින් මේ භාග්යවතුන් වහන්සේලා පැමිණි සේක්ද, ඒ අයුරින්ම අපගේ භාග්යවතුන් වහන්සේ ද පැමිණි සේක. නැතහොත් යම්සේ විපස්සී භාග්යවතුන් වහන්සේ -පෙ- යම්සේ කස්සප භාග්යවතුන් වහන්සේ දාන පාරමිතාව පුරා සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා පාරමී පුරා මේ දසපාරමීහු දස උප පාරමීහු දස පරමත්ථ පාරමීහු යනුවෙන් සමතිස් පෙරුම් පුරා අංග පරිත්යාග, ඇස්, ධන, රාජ්ය, අඹුදරුවන් පරිත්යාග ආදී මේ මහා පරිත්යාග පසක් සිදුකොට පුබ්බයෝග, පුබ්බාචරිය, ධම්මක්ඛාත, ඤාතත්ථචරිය ආදිය පුරා බුද්ධචරියාවෙන් කෙළවර පත්ව පැමිණි සේක. එපරිද්දෙන් අපගේ භාග්යවතුන් වහන්සේද පැමිණි සේක. යම්සේ විපස්සි භාග්යවතුන් වහන්සේ -පෙ- කස්සප භාග්යවතුන් වහන්සේ සතර සතිපට්ඨාන, සම්යක්ප්රධාන ඉද්ධිපාද පංචඉන්ද්රිය පංචබල සත්තබොජ්ඣංග ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා දියුණු කොට පැමිණි සේක. එපරිද්දෙන්ම අපගේ භාග්යවතුන් වහන්සේද පැමිණි සේක. මෙසේ එපරිද්දෙන් පැමිණි සේකැයි තථාගතො.
ලෝකයෙහි විපස්සී ආදී මුනිවරු
සර්වඥ භාවයෙන් මෙහි යම්සේ පැමිණියාහුද
එසේ මේ ශාක්ය මුනිහු ද පැමිණියහ.
ඒ නිසා බුදුන්වහන්සේද තථාගතයයි කියනු ලබති.
සර්වඥ භාවයෙන් මෙහි යම්සේ පැමිණියාහුද
එසේ මේ ශාක්ය මුනිහු ද පැමිණියහ.
ඒ නිසා බුදුන්වහන්සේද තථාගතයයි කියනු ලබති.
මෙසේ, එහි පැමිණියේනුයි තථාගතො
එසේ ගියේනුයි තථාගත වන්නේ කෙසේද? යම්සේ එකෙණෙහි උපන් විපස්සි භාග්යවතුන් වහන්සේ ගියම්සේක්ද, -පෙ- කස්සප භාග්යවතුන් වහන්සේ ගියම්සේක්ද,
උන්වහන්සේ කෙසේ ගියම්සේක්ද? උන්වහන්සේ වනාහි උපන් කෙණෙ.හි සමපාදයගෙන් පොළොවෙහි පිහිටා උතුරුදෙසට මුහුණලා පියවර සතක් ගියම්සේක. යම්සේ කීවේද, ‘ආනන්ද බෝධිසත්ත්වයෝ සමපාදයන්ගෙන් පොළොවෙහි පිහිටා උතුරුදෙසට මුහුණලා පියවර සතක් යති. උඩින් සේසත දරනු ලබන කල්හි සියලු දෙස බලති. උදන් බස් කියති. ‘ලොවට අග්ර වෙමි. ලොවට ජ්යෙෂ්ඨ වෙමි. ලොවට ශ්රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ජාතියයි. දැන් පුනරභවයක් නැත’ යනුවෙන්
උන්වහන්සේගේ ගමනද සත්ය විය. අවිතථං ‘නොයෙක් විශේෂ අධිගමයන්ට පූර්වනිමිත්ත බැවින් උන්වහන්සේ එකෙණෙහි උපන්සේක් සම පාදයන්ගෙන් පිහිටි සේක. මෙය උන්වහන්සේගේ චතුර් ඍද්ධිපාද ප්රතිලාභයෙහි පූර්ව නිමිත්තය.
උතුරුදිගට අභිමුඛ බව සියලු ලෝකෝත්තර බවට පූර්ව නිමිත්තයි.
සත්තපදවීතිහාරය වනාහි සත්ත බොජ්ඣංග නමැති රුවන් ප්රතිලාභයෙහි පූර්ව නිමිත්තය.
‘රන්මිට ඇති සෙමර පවන් සලයි.’ මෙහි කියන ලද සෙමර එසවීම සියලු තීර්ථකයන් මථනය කිරිම් පූර්ව නිමිත්තය.
සේසත් දැරීම රහත්බවින් මිදීම නමැති නිර්මල සේසත් ප්රතිලාභයෙහි පූර්ව නිමිත්තය.
සියලු දිග බැලීම සර්වඥතා අනාවරණ ඥාන ප්රතිලාභයෙහි පූර්ව නිමිත්තය.
උදාන වාක්ය කීම කිසිවෙකුට පැවැත්විය නොහැකි ධම්මචක්ක පවත්තනයෙහි පූර්ව නිමිත්තය.
මෙසේමේ භාග්යවතුන් වහන්සේද ගිය සේක. උන්වහන්සේගේ ගමනද සත්ය විය. ඒ විශේෂ අධිගමයන්ගේ පූර්වනිමිත්ත බැවින්,
පොරාණයෝ එයින් කීහ.
එමොහොත උපන් ගොනු මෙන්
සම පයින් පොළොව සිපගති
ඒ ගෞතමයන් වහන්සේ පියවර සතක්
වැඩි සේක. දෙවියෝ සේසත් දැරූහ.
සම පයින් පොළොව සිපගති
ඒ ගෞතමයන් වහන්සේ පියවර සතක්
වැඩි සේක. දෙවියෝ සේසත් දැරූහ.
ඒ ගෞතමයන් වහන්සේ සත්පියවරක් වැඩ
සමසේ හාත්පස දිසාවන් බැලූ සේක.
අටඟින් යුතු වදන් කියූ සේක
පව් මුදුන්හි සිටි සිංහයකු මෙන්.
සමසේ හාත්පස දිසාවන් බැලූ සේක.
අටඟින් යුතු වදන් කියූ සේක
පව් මුදුන්හි සිටි සිංහයකු මෙන්.
මෙසේ එසේ ගියේනුයි තථාගතො
නැතහොත් යම්සේ විපස්සී භාග්යවතුන් වහන්සේ -පෙ- යම්සේ කස්සප භාග්යවතුන් වහන්සේ මේ භාග්යවතුන් වහන්සේද ඒ අයුරින්ම නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දය හැර ගිය සේක. අව්යාපාදයෙන් ව්යාපාදයද ආලෝක සංඥාවෙන් ථීනමිද්ධයද, අවික්ෂේපයෙන් උද්ධච්ච කුක්කුච්චයද, ධර්ම ව්යවස්ථාපනයෙන් විචිකිච්ඡාවද අත්හැර ගිය සේක. ඥානයෙන් අවිද්යාව බිඳ දමා ගිය සේක. ප්රමුදිත භාවයෙන් ඇල්ම නසා, ප්රථමධ්යානයෙන් නීවරණ කවුළුව විවරකර, ද්විතීය ධ්යානයෙන් විතක්ක විචාර ධූමය සංසිඳුවා, තෘතීය ධ්යානයෙන් ප්රීති ය බබුළුවා, චතුර්ථධ්යානයෙන් සුඛදුක්ඛය හැර, ආකාසානඤචායතන සමාපත්තියෙන් රූපසඤ්ඤා, පටිඝසඤ්ඤා, නානත්ත සඤ්ඤා ඉක්මවා, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සඤ්ඤාවද, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවද.නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව ඉක්මවා ගිය සේක.