පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා
දැන් ඒ මූල යමකයෙහිම දේශනා කරන ලද කුසලාදි ධර්මවල මාතෘකා තබා චිත්ත යමකයට අනතුරුව දේශනා කරන ලද ධම්ම යමකයෙහි වර්ණනාව වේ. එහි ඛන්‍ධ යමකයෙහි කියන ලද නයින්ම පෙළෙහි නියම දතයුතුය. යම්සේ එහි පණ්ණත්තිවාරාදි මහාවාර තුනකි. අවශේෂ වූ අන්තර වාරද වේ. එසේම මෙහිද වේ. ‘යමෙක් කුසල් දහම් වඩාද හේ අකුසල දහම් දුරුකරයි’ යයි ආ බැවින් වනාහි මෙහි පරිඤ්ඤා වාරය භාවනා වාර නමැයි දතයුතුය. එහි යම්සේ නොකියන ලද ධර්මය නොවැඩිය යුතුය. ප්‍රහාණය නොකළ යුතුය. එහෙයින් ඒ පදයම නොඋදුරන ලදි. මෙහි පණ්ණත්තිවාරයෙහි වනාහි තුන් කුසලාදි ධර්ම වශයෙන් පදශෝධන වාරය පදසොධන මූල චක්කවාරය, සුද්ධ ධම්මවාරය, සුද්ධ ධම්ම මූල චක්කවාරය යයි මේ සතර වාරයෙහි යමක ගණන දතයුතුය.
පණ්ණත්තිනිද්දෙසවාරවණ්ණනා
පණ්ණත්ති වාර නිද්දේසය වනාහි ‘කුසලාකුසල ධම්මා’ යයි කුසලයන්ගේ ඒකාන්තයෙන් කුසල ධම්ම බව වේ. ආමත්තා යයි කියන ලදි. සෙසු විසඳුම්වල ද මෙම නයම වේ. අවසෙසො ධම්මා න අකුසලා ධම්මා යයි අවශේෂ ධර්ම අකුසල නොවේ. ධර්ම වේයයි අර්ථය වේ. මෙම නයින් සියළු විසඳීම් දතයුතුය.
පවත්තිවාරවණ්ණනා
මෙහි පවත්තිවාරයෙහි වනාහි වර්තමාන කාල පුග්ගල වාරයේ අනුලෝම නයෙහි උපදිති. ඔහුගේ අකුසල ධර්ම උපදී. ‘යමෙකුගේ වනාහි අකුසල ධර්ම උපදීද ඔහුගේ කුසල ධර්ම උපදී’ යයි කුසල ධර්ම මූලකවල යමක දෙකකි. අකුසල ධම්ම මූලක එකකැයි යමක තුනක් වේ. එහි පටිලෝම නයේ ද ඕකාසවාරාදියෙහි ද මෙම නයම වේ. මෙසේ මෙහි සියළු වාරවල යමක තුන තුන වශයෙන් යමක ගණන දතයුතුය. මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ ලක්‍ෂණ වේ. මේ ධර්ම යමකයේ පවත්ති මහාවාරයෙහි උප්පජ්ජන්ති නිරුජ්ඣන්ති මේ උප්පාද නිරෝධවල කුසලාකුසල ධර්ම ඒකාන්තයෙන් පැවතීමෙහිම ලැබේ. චුතිපටිසන්ධිවල නොවේ. අබ්‍යාකත ධර්ම වනාහි පැවතීමෙහි ද චුති පටිසන්ධිවලදැයි කාල තුනෙහිම ලැබේ. මෙසේ මෙහි යමක් ඒ ඒ තැන ලබයිද ඒ අනුව ඒ ඒ තැන විනිශ්චය දතයුතුය.
එහි නයමුඛය මෙසේය. කුසල අකුසල ඒකක්‍ෂණයෙහි නොඉපදෙන බැවින් නො යයි ප්‍රතිසෙධ කරන ලදි. අබ්‍යාකතාච චිත්ත සමුට්ඨාන රූප වශයෙන් කියන ලදි.
යත්‍ථ කුසලා ධම්මා නූප්පජ්ජන්ති අසඤ්ඤ භාවය සඳහා කියන ලදි. එහෙයින් එහි ආමන්තා යයි විසඳීම කරන ලදි. උප්පජ්ජන්ති මෙය ද අසඤ්ඤ භවයම සඳහා කියන ලදි. අබ්‍යාකතවල වනාහි නූපන් ස්ථානයේ අභාවයෙන් නැතැයි ප්‍රතික්‍ෂේප කරන ලදි.
දුතියෙ අකුසලෙ දෙවන අකුසල යයි භවය ආශ්වාදකොට උපන් ආශා ජවනයන්හි දෙවන ජවන සිතෙහි, දුතියෙ චිත්තෙ වත්තමානෙ ප්‍රතිසන්ධියෙන් දෙවන භවාංග සිතෙහි පවතින පටිසන්ධිය සමග භවංගය විපාක වශයෙන් එකක්ම කොට භව ආශාව ආවර්ජන සිතෙහි. එයම ක්‍රියා සිත බව අබ්‍යාකත ජාති විපාකයෙන් දෙවැන්න නම් වේ.
යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං ගොත්‍රභූ සිත සඳහා කියන ලදි. කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති ඒවා අග්‍ර මාර්ග ධර්මයම සඳහා කියන ලදි.
යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ මේ සිත ජාති වශයෙන් කියන ලදි. ඒ ජාතියේ එක් ආවර්ජනයෙන් උපන් එයින් මේ හැම සිතේ උත්පාද ක්‍ෂණයෙහි ද මේ ලක්‍ෂණය ලැබේමය.
නිරෝධ වාරයෙහි ද කුසල අකුසල එකට නිරුද්ධ නොවන හෙයින් නො යයි කියන ලදි. මෙම නය මුඛයෙන් සියලු විනිශ්චයන් දතයුතුය.
ධම්ම යමක වර්ණනාව නිමි.
10. ඉන්‍ද්‍රිය යමක වර්ණනාව
දැන් මූල යමකයෙහි ම දේශනා කරන ලද කුසලාදි ධර්මවල ලැබීම් වශයෙන් එක් දේශයක් සංග්‍රහකොට ධම්ම යමකට අනතුරුව දේශනා කළ ඉන්‍ද්‍රිය යමකයේ වර්ණනාව වේ. එහි ඛන්‍ධ යමකාදියෙහි කියන ලද නයින්ම පෙළ නියමය දතයුතුය. මෙහි ද පණ්ණත්තිවාර ආදි මහාවාර තුනකි. අවශේෂ අන්තරවාර ද කාලභේදාදිය සමග ඛන්‍ධ යමකාදියෙහි පැමිණි ලෙසට සමානය. ඉන්‍ද්‍රියන්ගේ බොහෝ බැවින් ධාතුයමකයට වඩා බොහෝ යමක වේ. යම්සේ යට පුග්ගල වාරාදියෙහි චක්ඛායතන චක්ඛුධාතු මූලක නයෙහි චක්ඛායතන චක්ඛුධාතු සමග ජිව්හායතන කායායතන නොයොදන ලදි. ජිව්හායතන කායායතන මූලක ද යමක යයි නො ගන්නා ලදි. එසේම මෙහි ද චක්ඛුන්‍ද්‍රිය මූලක නයෙහි ජිව්හින්‍ද්‍රිය කායින්‍ද්‍රිය මූලක යමක යයි නොගන්නා ලදි. ඒවා නොගන්නා කරුණ එහි කියන ලදයින්ම දතයුතුය. මනින්‍ද්‍රිය වනාහි චක්ඛුන්‍ද්‍රිය මූලකය මෙන් එසේම ඉත්‍ථින්‍ද්‍රිය මූලකය සමග යම්සේ යෙදීමට යයිද එහෙයින් තබන ලද පිළිවෙලින් නොයොදා සියළු චක්ඛුන්‍ද්‍රිය මූලක සමග අවසානයෙහි යොදන ලදැයි දතයුතුය. චක්ඛුඉන්‍ද්‍රිය සමග ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්‍ද්‍රිය යොදන ලදි. සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය දොම්නස් ඉන්‍ද්‍රිය ප්‍රතිසන්ධියක් නැතැයි නොගන්නා ලදි. සොම්නස් ඉන්‍ද්‍රිය උපෙක්ඛා ඉන්‍ද්‍රිය ප්‍රතිසන්ධිය උපත් ස්වභාවයෙන් ගන්නා ලදි. එසේම සද්ධා ඉන්‍ද්‍රියාදි පහද ලෝකෝත්තර තුන ප්‍රතිසන්ධියෙහි අභාවයෙන් ම නොගන්නා ලදි. මෙසේ යමක් ගන්නා ලදද මෙහි ඒවා අනුව චක්ඛුන්‍ද්‍රිය මූලක නයෙහි යමක ගණන දතයුතුය. යම්සේ මෙහි ද සියළු තැන එසේය. යමක් වනාහි නො ගන්නා ලදද ඒවායේ වශයෙන් යමක නොගත යුතුය. ගණන් ගන්නේ නම් මොඝ පුච්ඡා වශයෙන් ගණන් ගතයුතුය. මෙසේ සියළු වාරවල පෙළෙහි නියමය දතයුතුය.