පහීනවාරවණ්ණනා
ප්රහීන වාරයෙහි ඵලස්ථ වශයෙන් ම දේශනාව අරඹන ලදි. අනාගාමියාට මේ අනුශය දෙකම ප්රහීනය. එහෙයින් ආමන්තා යයි කියන ලදි.
ඕකාස වාරයෙහි යත්ථ කාමරාගානුසයො පහීනො තත්ථ පටිඝානුසයො පහීනොති පුච්ඡිත්වා න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා යයි කියන ලදි. එය කුමක් නිසාද? උපන් ස්ථානයේ අසාධාරණ බැවිනි. කාමරාගානුසයේ උපන් තැන අන් තැනකය. පටිඝානුසයේ අන්තැනකය. අභාවිත මාර්ගයේ ද යම්තැන අනුසය උපදී. එහිම භාවිත මාර්ගයෙහි එය ප්රහීන නම් වේ. එහි යම්හෙයකින් කාමරාග අනුසය ස්ථානයෙහි පටිඝානුසය නො උපදී. පටිඝ අනුසය ස්ථානයෙහි කාමරාගානුසය නූපදී. එහෙයින් එහි එය ප්රහීන හෝ අප්රහීන හෝ යයි නොකිව යුතුය. එය තමාගේ උපන් ස්ථානයෙහි කාමරාග අනුසය ප්රහීන වේ. එහි අප්රහීන බැවින් එහි ප්රහීන යයි නොකිව යුතුය.
කාමරාගානුසයේ උපන් ස්ථානය යම්තැනක ද එහි සිටි බැවින් එහි අප්රහීන යයි නොකිව යුතුය. යත්ථ කාමරාගානුසයො පහීනො තත්ථ මානානුසයො පහීනොති මෙහි වනාහි සාධාරණ ස්ථානයන් සඳහා ආමන්තා යයි කියන ලදි. කාමරාගානුසය වනාහි කාම ධාතුවේ වේදනා දෙකක පවතී. මානානුසය ඒවායෙහි මෙන්ම රූපාරූප ධාතුවල (රූප අරූප ලෝක) ද පවතී. එය අසාධාරණ ස්ථාන හැර සාධාරණ ස්ථානයේ එය සමග ප්රහීන වේ. එහෙයින් ආමන්තා යයි කියන ලදි. මෙම නයින් සියළු ඕකාස වාරයෙහි ප්රහීන බවද නොකිව යුතු බවද දතයුතුය. නත්ථි යයි ආ තැන්වල වනාහි යට කියන ලද සමානව විනිශ්චය වේ. පුග්ගලොකාසවාරය ඔකාසවාර ගතිකම වේ.
පටිලෝම නයෙහි යස්ස කාමරාගානුසයො අප්පහීනො පුථුජ්ජන, සෝතාපන්න, සකදාගාමි වශයෙන් අසයි. මේ අනුසය දෙකම පෘථග්ජනයාගේ සිට අනාගාමි මාර්ගස්ථයා දක්වා පුද්ගලයන් සදෙනාගේ අප්රහීනය. මෙහි වනාහි අන්ය වූ ‘පුද්ගලයන් තිදෙනාගේ, පුද්ගලයන් දෙදෙනාගේ’ යන ආදි වචනයෙන් මාර්ගස්ථයා අදහස් නො කෙරේ. එහෙයින් පෘථග්ජන සෝවාන් සකදාගාමින් සඳහා ආමන්තා යයි කියන ලදි. ද්වින්නං පුග්ගලානං සෝවාන් සකදාගාමි දෙදෙනාගේ මෙම නයින් පුද්ගල වාරයෙහි විනිශ්චය දතයුතුය.
ඔකාසවාර පුග්ගලොකාසවාර වනාහි යට කියන ලද නයින්ම දතයුතුය.
පහීන වාර කථා නිමි.
උප්පජ්ජනවාරවණ්ණනා
උප්පජ්ජනවාරය අනුසය වාරය හා සමාන වේමය.
ධාතුපුච්ඡාවාරවණ්ණනා
ධාතුවාරයේ පුච්ඡාවාරයෙහි කති අනුසයා අනුසෙන්ති අනුසය කීයක් සත්ත්වයින්ට අනුගතව පවතීද කති අනුසයා නානුසෙන්ති අනුසය කීයක් සත්ත්වයින්ට අනුගත නැතිව නොපවතීද, කති අනුසයා භංගාති අනුසය කීයක් පවතීද, නොපවතීදැයි මෙසේ බෙදිය යුතුය යන අර්ථය වේ. මෙහි කිවයුතු සෙසු යමක් වේ නම් එය යට පෙළ නියමයෙහි කියන ලදමය.
ධාතුවිස්සජ්ජනාවාරවණ්ණනා
නිද්දේස වාරයේ වනාහි කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති යයි පෘථග්ජන වශයෙන් කියන ලදි. කස්සචි පඤ්චාති යයි සොතාපන්න සකදාගාමි වශයෙන් කියන ලදි. ඔවුන්ගේ වනාහි දිට්ඨ අනුසය සහ විචිකිච්ඡා අනුසය ප්රහීන යයි පහක්ම පවතී. එහි යම්සේ අනුසය වාරයෙහි පවතී යයි යන පදයේ උපදී යයි යන අර්ථය ගන්නා ලදි. මෙසේ මෙහි නොගත යුතුය. කුමක් හෙයින්ද? ඒ ක්ෂණයෙහි නූපදීම් වශයෙනි. කාමධාතුවේ උපදින්නාට විපාක සිත මෙන්ම කම්ම සමුට්ඨාන රූපද උපදී. අකුසල සිත නැත. අනුසය ද අකුසල චිත්ත ක්ෂණයෙහි උපදී. විපාක චිත්තක්ෂණයෙහි නොවේ යයි ඒ ක්ෂණයෙහි නො ඉපදීම් වශයෙන් එසේ අර්ථ නොගත යුතුය. කෙසේ නම් ගතයුතුද? යම්සේ ලබයිද එසේ ගතයුතුය. කෙසේ ලබයිද? අප්රහීනාර්ථයෙන්. යම්සේ ලබයිද එසේ ගතයුතුය. කෙසේ ලබයිද? අප්රහීනාර්ථයෙන්. යම්සේ රාග දෝස මෝහ අප්රහීන බව. කුසල අබ්යාකත චිත්ත සමංගි පුද්ගලයා රාග සහිත දෝස සහිත මෝහ සහිත යයි කියනු ලැබේ. මෙසේ මාර්ග භාවනාවෙන් අප්රහීන වූ බැවින් ප්රතිසන්ධි ක්ෂණයෙහි ඒ ඒ පුද්ගලයන්ට ඒ ඒ අනුසයෝ පවතිත් යයි කියති. කේවලව නො කියති. අප්රහීන බැවින් ඒවා පවතී යයි දතයුතුය.