6. සංඛාර යමක වර්ණනාව
පණ්ණත්තිවාර වර්ණනාව
දැන් ඒ මූල යමකයෙහි ම දේශිත කුසලාදි ධර්මයන්ගේ ලැබීම් වශයෙන් ඒක දේශයක් සංග්රහකොට සච්ච යමකට අනතුරුව දේශනා කළ සංඛාර යමක වර්ණනාව වේ. එහි ද යට කියන ලද නයින්ම පණ්ණත්තිවාරාදි මහාවාර තුණ ද අන්තර වාරාදිය ද අවසේස ප්රභේද ද දතයුතුය. මෙය එහි විශේෂයකි. පණ්ණත්තිවාරයෙහි පළමුව යට යම්සේ ඛන්ධාදි ධර්ම උද්දේස කොට, රූපං රූපක්ඛන්ධො, චක්ඛු චක්ඛායතනං, චක්ඛු චක්ඛුධාතු, දුක්ඛං දුක්ඛසච්චං යයි පදසෝධන වාරය ආරම්භ කරන ලදි. එසේ ආරම්භ නොකොට අස්සාසපස්සායා කාය සංඛාරො යයි පළමුව සංඛාර තුනම බෙදා දක්වන ලදි.
එහි කයේ සංඛාර කාය සංඛාර වේ. ආශ්වාස ප්රශ්වාස කායිකය. මේ ධර්ම කාය හා ප්රතිබද්ධ යයි වචන හෙයින් හේතු වූ කරජකායේ ඵල වූයේ සංඛාර යයි කාය සංඛාර වේ. තවද ක්රමයක්:- රැස් කෙරේය යනු සංඛාර වේ. කුමකින් රැස් කෙරේද? කයින්. මෙය භස්ත්රාවෙන් වායුව මෙන් කරජකයින් සංචේරීයති. මෙසේද කයේ සංඛාර කාය සංඛාර වේ. කයින් කළ ආශ්වාස ප්රශ්වාස වාතය යන අර්ථයයි. ඇවැත්නි විසාඛ, පෙරම විතර්ක කොට විචාරා පසුව වචනය බිඳී. එහෙයින් විතක්ක විචාර වචී සංඛාර යයි වචන හෙයින් සංඛාර යයි සංඛාර වේ. කුමක් පිළියෙල කරයිද? වචනය. වචනයෙන් පිළියෙල කෙරේ යනු වචීසංඛාර වේ. වචීභේදයෙන් හටගත් විතක්ක විචාර දෙකට මෙය නමකි. සඤ්ඤාවච චේතනාවද තෛසික වේ. මේ ධර්ම චිත්ත ප්රතිබද්ධ වේයයි වචනයෙන්ම වනාහි තුන්වන පදයෙහිද සංස්කරණය කෙරේනුයි සංඛාර වේ. කුමකින් සංස්කරණය කෙරේද? සිතින්. කරණාර්ථයෙනි. සාමි (ඡට්ඨි) වචනය කොට සිතේ සංඛාර චිත්ත සංඛාර වේ. සිතෙන් හටගන්නා සියළුම චෛතසික ධර්මවලට මෙය පර්යාය වචනයකි. විතක්ක විචාර වනාහි වචීසංඛාර භාවයෙන් වෙනම ගත් බැවින් විතර්කය හැර විචාරයෙහි යයි කියන ලදි.
දැන් කායො කායසංඛාරො යයි පදසොධනවාරය අරඹන ලදි. එහි අනුලෝම නයෙහි තුනකි. පටිලෝම නයෙහි තුනක් යයි යමක සයකි. පදසෝධන මූලචක්ක වාරයෙහි එක එක සංඛාර මූලකවල දෙක දෙක කොට අනුලෝම නයෙහි සයකි. පටිලෝම නයෙහි සය යයි යමක දොළොසක් වේ. සුද්ධ සංඛාර වාරයෙහි වනාහි සුද්ධ ඛන්ධවාරාදියෙහි මෙන් ‘රූපං ඛන්ධො ඛන්ධා රූපං චක්ඛු ආයතනං ආයතනා චක්ඛු’ යනාදි නයින් යමක කියන ලදි. මෙසේ කායො සංඛාරො, සංඛාරො කායො යයි නොකියා කාය සංඛාරො වචී සංඛාරො වචී සංඛාරො කාය සංඛාරො යනාදි නයින් කාය සංඛාර මූලක දෙකකි. වචීසංඛාර මූලක එකක් යයි අනුලෝමයේ තුනකි. පටිලෝමයේ තුනක් යයි සුද්ධික වාරයෙහි සියල්ල යමක හයක් කියන ලදි. කුමක් නිසාද? සුද්ධික එක් එක් පද වශයෙන් අර්ථ අභාවයෙන් ඛන්ධ යමකාදියෙහි මෙන් රූපාදි විශිෂ්ඨ ස්කන්ධයන්ගේ චක්ඛු ආදි විශිෂ්ඨ ආයතන ආදීන්ගේ අභිප්රේත බැවින් රූපං ඛන්ධො ඛන්ධා රූපං චක්ඛු ආයතනං ආයතනා චක්ඛු යයි සුද්ධික එක් එක් පද වශයෙන් අර්ථ ඇත. එසේම මෙහි කායො සංඛාරො, සංඛාරො කායො නැත. කාය සංඛාරො යයි පද දෙකම එක් අර්ථයක් ලබයි. ආශ්වාස හෝ ප්රශ්වාසය හෝ යයි සුද්ධික එක එක පද වශයෙන් අර්ථය අභාවයෙන් කායො සංඛාරො සංඛාරො කායො යයි නොකියන ලදි. කායො කායො සංඛාරො යයි ආදිය වනාහි කිවයුතු වන්නේ ය. එය ද කාය වචී චිත්ත පදවලින් මෙහි අදහස් වන සංඛාරයන්ගේ නො ගන්නා ලද බැවින් නොයෙදේ. මෙය සුද්ධ සංඛාරවාරය වේ. පදසෝධනයෙහි වනාහි අර්ථය හැර වචන යෙදේ යයි එහි ඒ නය ගන්නා ලදි. මෙහි වනාහි කාය සංඛාරයට වචී සංඛාරාදියෙන් වචී සංඛාරයට චිත්ත සංඛාරාදියෙන් චිත්ත සංඛාරයට කාය සංඛාරාදියෙන් අනිකක් බැවින් කාය සංඛාර වචී සංඛාර, වචී සංඛාර කාය සංඛාර යයි එක් එක් සංඛාර මූලකවල දෙක බැගින් යමක හයක් යෙදේ. ඒවායේ අගහිත ගහණයෙන් තුනක්ම ලැබේ. එහෙයින් ඒවාම දැක්වීමට අනුලෝම නයෙහි තුනක් ද පටිලෝම නයෙහි තුනක්දැයි යමක හයක් කියන ලදි. සුද්ධ සංඛාර මූලචක්කවාරය වනාහි නොගන්නා ලදි. මෙසේ පණ්ණත්ති වාරයේ උද්දේසවාරය දතයුතුය.
මෙහි නිද්දේස වාරයෙහි වනාහි පළමුව අනුලෝමයෙහි යම්හෙයකින් කායාදිය කාය සංඛාරාදිය නම් නොවේ. එහෙයින් නො යයි ප්රතිසේධ කරන ලදි. පටිලෝමයෙහි න කායො න කාය සංඛාරො යයි යමක් කාය නොවේද, එය කාය සංඛාර නොවේදැයි අසයි. කාය සංඛාරො න කායො කාය සංඛාරො යයි කාය සංඛාර කාය නොවේ. එය කාය සංඛාරම වේයයි අර්ථය වේ. අවසෙසං හුදෙක් සෙසු සංඛාර දෙක නොවේ. කාය සංඛාර විනිර්මුක්තය වනාහි සෙසු සියළු සංඛත සංඛත පණ්ණත්ති භේද ධර්මජාතය කාය නොවේ. කාය සංඛාර නොවේ යයි මේ උපායෙන් සියළු විසඳුම්වල අර්ථය දතයුතුය.