පවත්තිවාරවණ්ණනා
මෙහි පවත්ති වාරයෙහි වනාහි වර්තමාන කාල පුග්ගල වාර අනුලෝම නයෙහි යමෙකුට දුක්ඛ සත්යය ඇතිවේද, ඔහුට සමුදය සත්යය උපදී. යමෙකුට වනාහි සමුදය සත්යය උපදීද ඔහුට දුක්ඛ සත්යය උපදී. දුක්ඛ සච්ච මූලකයෙහි තුනකින් සමුදය සත්යය මූලකයන් දෙකකින් නිරෝධ සත්ය මූලකයෙන් එකකින් ලැබෙන ඒවාද නොලැබෙන ඒවාද ගෙන පෙළ වශයෙන් යමක හයකින් විය යුතුය. ඒවායෙහි නිරෝධයට උප්පාදාය නැත. නිරෝධය නොයෙදේ. එහෙයින් දුක්ඛ සත්යමූලක, සමුදය සත්ය මාර්ග සත්ය සමගින් දෙකක් ද සමුදය සත්ය මූලක මාර්ග සත්ය සමග එකකැයි යමක තුනක් ආයේය. එහි පටිලෝම නයෙහි ඕකාස වාරාදියෙහි ද මෙම නයම වේ. මෙසේ මෙහි සියළු වාරවල යමක තුන තුන වශයෙන් යමක ගණන දතයුතුය. මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ ලක්ෂණය සච්ච යමකයේ පවත්ති වාරයෙහි නිරෝධ සත්ය තවම නොලැබේ. සෙසු ඒවායේ වනාහි සමුදය සච්ච මග්ග සච්චවල එ්කාන්තයෙන් ම පැවතීමම ලබයි. දුක්ඛ සත්යය චුතිපටිසන්ධිවල ද පැවතීමේ ද ලබයි. වර්තමානාදි තුන් කාල චුතිපටිසන්ධිවල ද පැවතීම් වශයෙන් ලබයි. මෙසේ මෙහි යමක් ලබයිද ඒ අනුව අර්ථ විනිශ්චය දතයුතුය.
එහි නයමුඛය මෙසේය. සබ්බෙසං උපපජ්ජන්තානං යටත් පිරිසෙයින් සුද්ධාවාසවල ද ඔව්හු ද දුක්ඛ සත්යයෙන් ම උපදිති. තණ්හා විප්පයුත්ත චිත්තස්ස මෙය දුක්ඛ සත්යය සමුදය සත්යවල එක් කොටසක උත්පත්ති දැක්වීම සඳහා කියන ලදි. එහෙයින් පංචවෝකාර වශයෙන් ගතයුතුය. සතර වෝකාරයෙහි වනාහි තෘෂ්ණා විප්රයුක්ත ඵලසමාපත්ති සිතේ උපන් කෙණෙහි එකම සත්යකුදු නූපදී. මෙය මෙහි නොගත යුතුය. තෙසං දුක්ඛසච්චං එකෙණෙහි තෘෂ්ණාව හැර සෙසු දුක්ඛ සත්යය නම් වේයයි සඳහා කියන ලදි. මාර්ගයට ද උපන් කෙණෙහි මෙම නය වේ. එහි වනාහි රූපයම දුක්ඛ සත්ය වේ. සෙසු මාර්ග සම්ප්රයුක්ත ධර්ම සත්යය විනිර්මුක්තය. ඒ කාරණයෙන්ම ආරුප්පෙ මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං උප්පජ්ජති, නො ච තෙසං දුක්ඛ සච්චං උප්පජ්ජතීති වුත්තං, සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ තණ්හා විප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ ඔවුන්ගේ උපන් ක්ෂණයෙහි තෘෂ්ණා විප්රයුක්ත සිත උපන් කෙණෙහිම මෙසේ මෙහි ක්ෂණ වශයෙන් දතයුතුය. මෙබඳු ස්වරූප වූ වෙන තැන්වලද මෙම නයම වේ. අනභිසමෙතාවීනං චතුස්සත්ය ප්රතිවෙධ සංඛ්යාත අභිසමයට නොපත් සත්ත්වයන්ගේ. අභිසමෙතාවීනං අවබෝධ කළ සත්යය. මෙම නය මුඛයෙන් සියළු තැන අර්ථ විනිශ්චය දතයුතුය.
පරිඤ්ඤාවාරවණ්ණනා
පරිඤ්ඤා වාරයෙහි වනාහි ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා යයි මෙහි පරිඤ්ඤා තුනක් ලබයි. ලෝකෝත්තර ධර්මවල පරිඤ්ඤා නම් නැත. එහෙයින් මෙහි සත්ය දෙකක් ගන්නා ලදි. එහි දුක්ඛ සච්චං පරිජානාති ඤාත තීරණ පරිඤ්ඤා වශයෙන් කියන ලදි. සමුදය සච්චං පජහති ඤාත පහාන පරිඤ්ඤා වශයෙනි. මෙසේ මේ පරිඤ්ඤා වශයෙන් සියළු පදවල අර්ථය දතයුතුය.
සච්ච යමක වර්ණනාව නිමි.
6. සංඛාර යමක වර්ණනාව
පණ්ණත්තිවාර වර්ණනාව
දැන් ඒ මූල යමකයෙහි ම දේශිත කුසලාදි ධර්මයන්ගේ ලැබීම් වශයෙන් ඒක දේශයක් සංග්රහකොට සච්ච යමකට අනතුරුව දේශනා කළ සංඛාර යමක වර්ණනාව වේ. එහි ද යට කියන ලද නයින්ම පණ්ණත්තිවාරාදි මහාවාර තුණ ද අන්තර වාරාදිය ද අවසේස ප්රභේද ද දතයුතුය. මෙය එහි විශේෂයකි. පණ්ණත්තිවාරයෙහි පළමුව යට යම්සේ ඛන්ධාදි ධර්ම උද්දේස කොට, රූපං රූපක්ඛන්ධො, චක්ඛු චක්ඛායතනං, චක්ඛු චක්ඛුධාතු, දුක්ඛං දුක්ඛසච්චං යයි පදසෝධන වාරය ආරම්භ කරන ලදි. එසේ ආරම්භ නොකොට අස්සාසපස්සායා කාය සංඛාරො යයි පළමුව සංඛාර තුනම බෙදා දක්වන ලදි.
එහි කයේ සංඛාර කාය සංඛාර වේ. ආශ්වාස ප්රශ්වාස කායිකය. මේ ධර්ම කාය හා ප්රතිබද්ධ යයි වචන හෙයින් හේතු වූ කරජකායේ ඵල වූයේ සංඛාර යයි කාය සංඛාර වේ. තවද ක්රමයක්:- රැස් කෙරේය යනු සංඛාර වේ. කුමකින් රැස් කෙරේද? කයින්. මෙය භස්ත්රාවෙන් වායුව මෙන් කරජකයින් සංචේරීයති. මෙසේද කයේ සංඛාර කාය සංඛාර වේ. කයින් කළ ආශ්වාස ප්රශ්වාස වාතය යන අර්ථයයි. ඇවැත්නි විසාඛ, පෙරම විතර්ක කොට විචාරා පසුව වචනය බිඳී. එහෙයින් විතක්ක විචාර වචී සංඛාර යයි වචන හෙයින් සංඛාර යයි සංඛාර වේ. කුමක් පිළියෙල කරයිද? වචනය. වචනයෙන් පිළියෙල කෙරේ යනු වචීසංඛාර වේ. වචීභේදයෙන් හටගත් විතක්ක විචාර දෙකට මෙය නමකි. සඤ්ඤාවච චේතනාවද තෛසික වේ. මේ ධර්ම චිත්ත ප්රතිබද්ධ වේයයි වචනයෙන්ම වනාහි තුන්වන පදයෙහිද සංස්කරණය කෙරේනුයි සංඛාර වේ. කුමකින් සංස්කරණය කෙරේද? සිතින්. කරණාර්ථයෙනි. සාමි (ඡට්ඨි) වචනය කොට සිතේ සංඛාර චිත්ත සංඛාර වේ. සිතෙන් හටගන්නා සියළුම චෛතසික ධර්මවලට මෙය පර්යාය වචනයකි. විතක්ක විචාර වනාහි වචීසංඛාර භාවයෙන් වෙනම ගත් බැවින් විතර්කය හැර විචාරයෙහි යයි කියන ලදි.