හෙතුචතුක්කං
එහි යමෙක් මෙහි කියන ලද නය එය හැමතැනම ප්‍රකටය. විසේසය මෙසේ දතයුතුය. හේතු චතුක්කයෙහි අවිජ්ජාව එහි ඇති නිසා අවිජ්ජා හේතුක වේ. අවිජ්ජා මෙයම ස්වභාව පවතින බැවින් භංගය දක්වා පවතින්න ගමිකා යයි කියන ලද්දේ වෙයි. අවිජ්ජා පච්චය මෙපමණකින් සහජාතාදි පච්චය වශයෙන් සාධාරණ බැවින් සංඛාරයට අවිජ්ජා ප්‍රත්‍යය යයි දක්වා නැවත අවිජ්ජා හේතුක යයි මෙයින්ම විශේෂයේ අවිගත ප්‍රත්‍යය දක්වන ලදි. සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර හේතුක යන ආදියෙහිද මෙම නයයි.
කුමක් හෙයින් භවාදියෙහි හේතුගැනීම නොකරන ලදද අවිගත ප්‍රත්‍යයේ නියමයක් නොවීමෙනි. අවිගත ප්‍රත්‍යය අභාවයෙන් එහි උපාදාන ප්‍රත්‍යයෙන් භවය වන්නේ කෙසේද? උපාදානය හැර වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන මේ උපාදාන ප්‍රත්‍යය භවය වේ යන වචන බැවින් උපාදාන ප්‍රත්‍යයන් සතර ස්කන්ධ මෙහි භවය නම් වේ. සංඛාර ඛන්‍ධයෙහිම “ජාති ද්වීහි ඛන්ධෙහි සංගහිතා” ති ආදි වචනයෙන් ජාති ජරා මරණ ඇතුළත් වේ.
එහි උපාදානය පවතිනතුරු ජාති ජරා මරණවල ලැබීම පවතින බැවින් උපාදානය. භවයේ නියමයක් නැති අවිගත පච්චය වේ. “යා තෙසං තෙසං ධම්මානං ජාති” යන ආදි වචනයෙන් සංඛත ලක්‍ෂණවල ජාතියෙන් ජරාමරණ සංඛ්‍යාත භවයට ජාතික්‍ෂණ මාත්‍රයෙහි අභාවයෙන් අවිගත පච්චයභාවය නොඋපදී. එසේම ජාතියෙන් ජරාමරණ ක්‍ෂණයේ අභාවයෙන් උපනිස්සය ප්‍රත්‍යයෙන්ම ජාතියෙන් භවය වේ. ජාති මරණයට ප්‍රත්‍යයයි සියළු ආකාරයෙන්ම අවිගත පච්චය නියමය අභාවයෙන් අභාවයෙන්ද අවිගත ප්‍රත්‍යයට ප්‍රත්‍ය වේ. භවාදියෙහි හේතු ගැනීම නොකළේ යයි දතයුතුය.
කිසිවෙක් කීහ:- භවය දෙයාකාර යයි වචනයේ උත්පත්ති මිශ්‍ර භවය උත්පත්ති භවයට උපාදානය අවිගත නොවේ. “උපාදාන පච්චයා භවො උපාදාන හේතුකො” යයි නොකියා උපාදාන පච්චයා භවො යයි කියන ලදි. මෙහි සිඳදමන ලද බැවින් පරතො න වුත්තන්ති. එය මෙහි උත්පත්ති මිශ්‍රවූ භවය අදහස් නොකළ බැවින් අයුතුය. අරූප ස්කන්ධ මෙහි භවයයි ආවේය.
භව ප්‍රත්‍යයෙන් ජාති යයි මෙහිද හැර ජාති ජරාමරණාදි අවසේස භවය ජාතියෙන් ප්‍රත්‍ය වේයයි දතයුතුය. කුමක් හෙයින්ද? ජාති ආදියට ජාතියෙන් ප්‍රත්‍ය නොවන බැවිනි. මෙසේ හැර ජාති ජරා මරණ භවය ජාතියෙන් ප්‍රත්‍ය වේ යයි කිවයුතුද? එසේය, කිව යුතුය. කිවයුතු ප්‍රදේශයක් නැති හෙයින් නොකියන ලදි. දසමංග නිද්දේසයෙහි උපාදාන ප්‍රත්‍යයෙන් හටගත් භවය කිවයුතුය. ඒකාදස අංග නිද්දේසයෙහි ජාතිය කිවයුතුය. යම්හෙයකින් ජාතියෙන් ප්‍රත්‍ය වේ. එහි කිවයුතු ප්‍රදේශයක් නැතැයි කිවයුතු ප්‍රදේශයක් නැති බැවින් නොකියන ලදි. නොකියන ලද්ද යුත්ති වශයෙන් ගතයුතුය. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ආදියෙහි විඤ්ඤාණාදීන්ගේ අවිගත පච්චය භවයෙන් උපන් හෙයින් විඤ්ඤාණ හේතුකාදි වචන කියන ලදි. මෙය හේතු චතුක්කයෙහි විශේෂයයි.
සම්පයුත්තචතුක්කං
සම්පයුත්ත චතුක්කයේද අවිජ්ජා පච්චයා යන මෙපමණකින් සහජාතාදි ප්‍රත්‍යය වශයෙන් සංඛාරයේ අවිජ්ජා පච්චය බව දක්වා නැවත අවිජ්ජා සම්පයුත්ත යයි සම්පයුත්ත පච්චය බව දක්වන ලදි. සෙසු පදවලද මෙම නයයි. අරූපී ධර්මවල රූප ධර්මවලින් සම්බන්ධයක් නැත. එහෙයින් විඤ්ඤාණ පච්චයා නාමරූපං ආදියෙහි තුන්වන සතරවන වාර පදවල විඤ්ඤාණ සම්පයුත්ත නාමං ආදි නයින් යමක් ලැබේද එයම ගන්නා ලදි. මෙය සම්පයුත්ත චතුක්කයෙහි විශේෂයයි.
අඤ්ඤමඤ්ඤචතුක්කං
අඤ්ඤමඤ්ඤ චතුක්කයෙහිද අවිජ්ජා පච්චයා යන සහජාතාදි පච්චය වශයෙන් සංඛාරයට අවිජ්ජා පච්චය බව දක්වා සංඛාර පච්චයද අවිජ්ජා යයි අඤ්ඤමඤ්ඤ පච්චය බව දක්වන ලදි. සෙසු පදවලද මෙම නයයි. යම් හෙයකින් භවය නිප්පදේශද උපාදානය සප්පදේශද වේ. සප්පදේශ ධර්මද නිප්පදේශ ධර්මයට ප්‍රත්‍ය වේ. නිප්පදේශ ධර්ම සප්පදේශ ධර්මවලට ප්‍රත්‍ය නොවේ. එහෙයින් මෙහි භව පච්චය ද උපාදානය යයි නොකියන ලදි. යට කී දේශනාව සිඳින බැවින් නොකියන ලදි. යම්සේ නාමරූප ප්‍රත්‍යයෙන් සළායතන ඇත. සළායතන ප්‍රත්‍යයෙන් ඒකචිත්ත ක්‍ෂණයෙහි නාමරූප නැත. යමකට සළායතන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වන්නේද එහෙයින් සතරවන වාරයෙහි ඡට්ඨායතන පච්චයා නාමරූපං යයි යමක් ලබයිද එයම ගන්නා ලදි. මෙය අඤ්ඤමඤ්ඤ චතුක්කයෙහි විශේෂයයි.
අවිජ්ජා මූලක නය මාතිකවය.
සඞ්ඛාරාදිමූලකනයමාතිකා
දැන් සංඛාර පච්චයා අවිජ්ජා යයි සංඛාර මූලක නය අරඹන ලදි. එහිද අවිජ්ජා මූලකයෙහි මෙනි. මෙසේ චතුක්ක සතරද වාර දහසයද දතයුතුය. පළමු චතුක්කයෙහි පළමුවන වාරය දක්වා දේශනාව සංක්‍ෂෙප කරන ලදි. මෙහි මෙන් විඤ්ඤාණ මූලකාදියෙහිද එසේය. එහි සියළුම ඒ සංඛාර මූලකාදි නය අටෙහි සංඛාර පච්චයා අවිජ්ජා යන ආදි නයින් සහජාතාදි පච්චය වශයෙන් අවිජ්ජාවෙහි සංඛාරාදි ප්‍රත්‍යභාවය දක්වා නැවත අවිජ්ජා පච්චයා සංඛාරා යන ආදි නයින් ඒක චිත්තක්‍ෂණයෙහි ද පච්චයාකාර චක්‍රයාගේ පැවැත්ම දක්වන ලදි.
භවමූලක හෝ ජාති ජරා මරණ මූලක හෝ නය කුමක් හෙයින් නොකියන ලදද? කිම භව ප්‍රත්‍යයෙන් අවිජ්ජා නොවේද? නොවන්නේ නොවේ. සංඛාර පච්චයා අවිජ්ජා යන මේ ආදිය කියන කල්හි භවයට ඇතුළත් කිසිම ධර්මයක් අවිජ්ජාවෙන් ප්‍රත්‍යය වේයයි නොකියන ලදි. එනිසා පෙර නොවූ අන්‍ය වූ අවිජ්ජා ප්‍රත්‍යයෙන් කිවයුතු වූවකගේ අභාවයෙන් භවමූලක නය නොකියන ලදි. භවය ගැනීමෙන් අවිජ්ජාවද සංග්‍රහ වේ. එහෙයින් භව පච්චයා අවිජ්ජා යයි කියන කල්හි අවිජ්ජා පච්චයා අවිජ්ජාවද කියන ලද වන්නේය. ඒක චිත්තක්‍ෂණයෙහි අවිජ්ජාව අවිජ්ජාවෙන් පච්චය නම් නොවේ. එහි සිඳින ලද බැවින් ජාති ජරා මරණ මූලක නයද නොගන්නා ලදි. තවද භවයෙහි ජාති ජරා මරණ ඇතුළත්ය. මේවා ඒක චිත්ත ක්‍ෂණයෙහි අවිජ්ජාවෙන් පච්ච නොවේ යයි භව මූලක ජාති ජරා මරණ මූලක හෝ නය නොකියන ලදි.