අබ්යාකතනිද්දෙසවණ්ණනා
අව්යාකෘතය යට චිත්තුප්පාද කාණ්ඩයෙහි ආ පිළිවෙලින්ම බෙදන ලදි. සියළු වාරවලද අවිජ්ජාමූලක නය පරිහීනය. කුමක් නිසාද? අවිජ්ජා ස්ථානයෙහි තැබිය යුත්තක් නොමැති වීමෙනි. කුසල සිත්වල අවිජ්ජා ස්ථානයෙහි තැබිය යුතු කුසලමූල ඇත. චක්ඛු විඤ්ඤාණාදිවල නැත. සහේතුකවල කිසිවක් ඇත. මෙසේ පවතින කල්හිද මෙහි සිඳ ඇති බැවින් නොගන්නා ලදි. පඤ්ච විඤ්ඤාණ ස්රෝතයෙහි සෝතට පතිතව දේශනා කළේයයි දතයුතුය.
මෙහි ඇති විශේෂය නම් චක්ඛු විඤ්ඤාණාදියෙහි තණ්හා ස්ථානයද උපාදාන ස්ථානයද පිරිහීමය. කුමක් හෙයින්ද? තණ්හා ස්ථානයට බලවත් ධර්මයක්හුගේ අභාවය නිසාද අධිමොක්ඛ රහිතභාවය නිසාද වේ. සෙසු අහේතුකවල තණ්හා ස්ථානයම පරිහානිය වේ. සහේතුකවල පසාදය පහළවීමෙන් තණ්හා ස්ථානයෙහි පදය පසාදයෙන් පුරවන ලදි. මෙහි කුසලාකුසල විපාකවල චක්ඛු විඤ්ඤාණාදියෙහි සංඛාර විඤ්ඤාණ නම් ඡට්ඨායතනය ඵස්ස වෙදනා මූලකය සය සය වේ. සෙසු අහේතුකවල අධිමොක්ඛ මූලකය සමග සත සත වේ. සහේතුකවල පසාදය සමග නය අට අට දතයුතුය.
එහි චක්ඛු විඤ්ඤාණාදියෙහි සතරවැනි වූ චතුක්කවල මුල්වාරය පමණක් කියන ලදි. දෙවන වාරය පච්චය විශේෂාර්ථයෙන් ලබන්නේද නොකියන ලදි. තුන්වන සතරවන වාර නොහටගන්නේමය. රූප මිස්සකයෙහි චක්ඛු විඤ්ඤාණාදී රූප නූපදවයි. පළමු චතුක්කයෙහි වාර දෙක ලබන්නේ යම්සේද සෙසු චතුක්කවලද එසේය. එහෙයින් පළමු චතුක්කයෙහි වාර දෙකකි. සෙසු චතුක්කවලද වාර දෙක දෙක වේ. නොකියන ලද්ද කියන ලද්ද මෙනි. සෙසු අහේතුක අව්යාකෘතවල සියළු චතුක්කවල සියළුම වාර ලැබේ. මෙහි සිඳින ලද බැවින් පසුව නොගන්නා ලදි. සෝතය වැටුනා මෙන්ම දේශනා කරන ලද්දේය. අරූපාවචර විපාකවල මෙම ක්රමයයි. රූපාවචර විපාකය හැර අරූපාවචර විපාකයෙහිද වාර දෙකක්ම ලැබේ.
අබ්යාකත නිද්දේසයයි.
අවිජ්ජාමූලකකුසලනිද්දෙසවණ්ණනා
දැන් වෙනත් පරියායකින් එක චිත්තක්ෂණයෙහි පච්චයාකාරය දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා? යනාදිය අරඹන ලදි. එහි අවිජ්ජා පච්චයා යන උපනිස්සය ප්රත්යය උදෙසා කියන ලදි. ඒ නිද්දේස වාරයෙන්ම එහි කතමාති අවිජ්ජා යයි නොබෙදා තත්ථ කතමා අවිජ්ජා පච්චයා සංඛාරො යයි බෙදන ලදි. කුසල චේතනා සංඛ්යාත බැවින් සංඛාරයම ඒ වේලාවෙහි සිත සමග සහජාත වෙයි. අවිජ්ජා සමග නොවේ.
එහි ලෞකික කුසලය යට සූත්රාන්ත භාජනයෙහි කී පරිදිමය. අවිජ්ජා පච්චයා වෙයි. යම් අප්රහීන අවිජ්ජාවක් අවිජ්ජාවෙන් ප්රහානය කිරීමට ලෝකෝත්තරය වඩති. එහෙයින් එයද සමතික්රමණය වශයෙන් ප්රත්ය වේ. අවිජ්ජාව හෙයින්ම කුසලායූහනය වේ. වෙන විදියකින් නොවේ. එහි ත්රෛභූමික කුසලයෙහි මුළාව වශයෙන්ද සමතික්රමණ භාවනා වශයෙන්ද ආයූහනය ලබයි. ලෝකෝත්තරයෙහි සමුච්ඡේද භාවනා වශයෙනි. සෙස්ස කියන ලද නයෙනි.
මෙය විශේෂයකි. යට එක එක කුසලයෙහි සතරවන චතුක්ක වශයෙන් නව සොලස් ලැබීය. එසේම මෙහි නොලබයි. කුමක් හෙයින්ද? අවිජ්ජාවෙන් සම්පයුත්ත අඤ්ඤමඤ්ඤ පච්චය අභාවයෙනි. උපනිස්සය වශයෙන් මෙහි පළමු චතුෂ්කයම ලබයි. එය පළමු වාරයම දක්වා සංක්ෂේප කරන ලදි. අත්හැර දැක්විය යුතුය.
අවිජ්ජාමූලක කුසල නිද්දේසයයි.
කුසලමූලකවිපාකනිද්දෙසවණ්ණනා
දැන් අව්යාකෘතවලට වෙනත් නයකින් පච්චයාකරය දැක්වීමට කතමෙ ධම්මා අබ්යාකතා? යනාදිය ආරම්භ කරන ලදි. එහි කුසලමූල පච්චයා යන මෙයද උපනිස්සය පච්චය බව උදෙසා කියන ලදි. කුසල විපාකයේ කුසල මූලයටද අකුසල විපාකයේ අකුසල මූලයටද උපනිස්සය පච්චය වේ. නානා ක්ෂණික කර්ම ප්රත්යයෙහි වනාහි කිවයුත්තක් නැත. එහෙයින් මේ උපනිස්සය පච්චයෙන්ද නානා ක්ෂණික කර්ම ප්රත්යයෙන්ද ප්රත්ය වේ. ඒ නිද්දේස වාරයෙහිම තත්ථ කතමං කුසලමූලං යයි නොබෙදා තත්ථ කතමො කුසලමූල පච්චයා සංඛාරො යයි බෙදන ලදි. අකුසල විපාකයෙහිද මෙම නයයි.
අවිජ්ජාමූල කුසල නිද්දේසයෙහි මෙන්ද මෙම විපාක නිද්දේසයෙහි පළමුව පච්චය චතුක්කයම ලබයි. එයද පළමු වාරය දක්වා සංක්ෂේප කරන ලදි. එනිසා එක එක විපාක සිතෙහි එක එක චතුක්ක වශයෙන් කුසල මූලකයෙහි අකුසල මූලකයෙහිද නයෙහි වාරප්රභේද දතයුතුය. කිරිය ධර්මවල අවිජ්ජාවද කුසල අකුසල මූලද උපනිස්සය පච්චයභාවය නොලබයි. එනිසා කිරියා වශයෙන් පච්චයා කාරය නොකියන ලදි.