අකුසලනිද්දෙසවණ්ණනා
දැන් යට චිත්තුප්පාද කාණ්ඩයෙහි කුසලත්රිකය ආදි කොට තබන ලද මාතෘකාවේ පිළිවෙලින් පළමුව කුසලය බෙදන ලදි. එසේ මෙහි මාතෘකාව නොතබන ලද බැවින් පළමුව කුසලය අනාමර්ශනය කොට අවිජ්ජා පච්චයා සංඛාරො යයි අකුසල ධර්ම වශයෙන් මාතෘකාව තබන ලද බැවින් බහා තැබූ පිළිවෙලින්ම අවිජ්ජාදි පටිච්ච සමුප්පාද අංග බෙදා දැක්වීමට කතමෙ ධම්මා කුසලා? යන ආදිය කීහ. එහි අර්ථය යට චිත්තුප්පාද කාණ්ඩයෙහි කියන ලද නයින්ම දතයුතුය. යම්සේ ඒක චිත්තක්ෂණයෙහි තණ්හාවද කාම උපාදානයද හටගැනීමක් නැත. එහෙයින් මෙහි යමක් තණ්හා පච්චයා උපාදානය ලබයිද එයම දැක්වීමට දිට්ඨි දිට්ඨිගතං යන ආදිය කියන ලදි.
භව නිද්දේශයෙහිද උපාදානය සංඛාර ස්කන්ධයෙහි සංග්රහ වේ. එහෙයින් ඨපෙත්වා උපාදානං වේදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සංඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො යයි කියන ලදි. මෙසේ කියන කල්හි උපාදානයට උපාදාන පච්චයා බව පැමිණේ. එයම ඊට ප්රත්ය නොවේ. ජාති ආදි නිද්දේශයෙහි මේ ජාති ආදියෙහි අරූප ධර්මයන්ගේ ජාති ආදියයි. එහෙයින් ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා චුති වචන්තා යයි කියන ලදි.
මෙසේ පළමු වාරය නිමවා නැවත දෙවන වාරයෙහි ප්රථම වාරයෙහි පච්චයාකාරය දැක්වූ කාලයෙහිම වෙනත් ක්රමයකින් පච්චයාකාරය දැක්වීමට වෙනත් කාල නියමයකින් වාරය නොකියා තස්මිං සමයෙ අවිජ්ජා පච්චයා සංඛාරො යනාදි නයින් දේශනා කරන ලදි. එහි ඨපෙත්වා ඵස්සං යන යම් ස්පර්ශයකින් නම ඇතුළත් වූයේ නම් ඒ ස්පර්ශයේ නම බැහැර කිරීම සඳහා කියන ලදි.
තුන්වන වාරයෙහි යම් චිත්ත සමුට්ඨාන රූපයකට විඤ්ඤාණය ප්රත්ය වීනම් එය පවතින කාලයෙහි එයින් උපස්ථම්භක වූ චක්ඛායතනාදියේ රැස්කළ බව පෙනී යයි. එහෙයින් චක්ඛායතනස්ස උපචයො යනාදිය කියන ලදි. කම්මජ රූපයටද ඒ අවස්ථා පවතින විඤ්ඤාණයේ පච්චාජාත පච්චයෙන් ප්රත්ය වේද? එහෙයින්ද මෙසේ කියන ලදි. එහි කිසි කර්මජ සහ චිත්ත සමුට්ඨාන යයි සන්තති දෙකක් ගන්නා ලදි. ඉතිරි සන්තති දෙකද ගතයුතුය. ඒවායෙහිද විඤ්ඤාණය ප්රත්ය වේමය.
සතරවන වාරයෙහි එක චිත්තක්ෂණයෙහිද මහාභූත රූප පච්චයෙන්ද චක්ඛායතනාදිය හදය රූප පච්චයෙන්ද ඡට්ඨායතන නාම පච්චයෙන් ද පච්ඡාජාත සහජාතාදි වශයෙන් යථානුරූපව සියල්ලම පවතී. එහෙයින් කත්ථ කතමං නාමරූප පච්චයා සළායතනං චක්ඛායතනං ආදිය කියන ලදි.
පඨම චතුක්ක නිද්දේසයයි.
දෙවන චතුක්කයෙහි සියල්ල කියන ලද්දේමය.
තුන්වන චතුක්කයෙහි සම්පයුත්ත පච්චයභාවය යමකට නැත. යමකට ඇත. එය වෙන්කොට දැක්වීමට ඉදං වුච්චති විඤ්ඤාණ පච්චයා නාම රූපං විඤ්ඤාණ සම්පයුත්තං නාමං යනාදිය කීහ.
තෘතීය චතුක්ක නිද්දේසයයි.
සතරවන චතුක්කයෙහි ඵස්ස පච්චය නාම නිද්දේසයෙහි කිසිවක් හැර ස්පර්ශය වේදනා ස්කන්ධය - විඤ්ඤාණ ස්කන්ධය යයි මෙය කියන ලදි. ස්පර්ශ ප්රත්යයෙන් නාමය යයි නොකියන ලදි. එසේ වුවද අනන්තර අතීත පද නිද්දේසයෙහි ඨපෙත්වා ඵස්සං වේදනාක්ඛන්ධො...... විඤ්ඤාණක්ඛන්ධො යයි කියන ලද බැවින් නොකියන ලද්දද කියන ලද්දේම වෙයි. මෙසේ නාමය ස්පර්ශයට ප්රත්ය වේ. ස්පර්ශය ද නාමයට ප්රත්ය වේ.
චතුත්ථ චතුක්ක නිද්දේසයයි.
මේ චතුක්කය සොළොස් වාරයකින් ප්රභේද වූ අවිජ්ජා මූලක ප්රථම නය මේ පළමු අකුසල සිතේ ප්රකාශිතය. මෙසේ සංඛාර මූලකාදි නය අටද දතයුතුය. පෙළෙහි වනාහි සංක්ෂේප කරන ලදි. එසේම ඒ පළමුවන අකුසල් සිතෙහිම නව නවයද චතුක්ක තිස් හයද වාර එකසිය හතලිස් හතරද වේ යයි දතයුතුය.
දැන් මේ නයින්ම සෙසු අකුසල සිත්වල ද පච්චයාකාරය දැක්වීමට කතමෙ ධම්මා අකුසලා යනාදිය අරඹන ලදි. එහි යම් දිට්ඨි විප්පයුත්තවලද තණ්හා ප්රත්යයෙන් උපාදාන නැත. එනිසා උපාදාන ස්ථානයේ උපාදානය මෙන් දැඩි සේ වැටුණු අධිමොක්ඛයෙන් පදය පුරවන ලදි. දෝමනස්ස සහගතවල ද වේදනා ප්රත්යයෙන් තණ්හාව ද නැත. එනිසා තණ්හා ස්ථානයේ තණ්හාවෙන් බලවත් ක්ලේශ පටිඝයෙන් පදය පුරවන ලදි. උපාදාන ස්ථානයෙහි අධිමොක්ඛයෙන් ද විචිකිච්ඡා සම්පයුත්තයෙහි වනාහි යම් සනිටුහන් බවකින් අධිමොක්ඛයයි නැත. එනිසා තණ්හා ස්ථානයෙහි බලවත් කෙලෙස් වූ විචිකිච්ඡාවෙන් පදය පුරවන ලදි. උපාදාන ස්ථානය පිරිහුනේමය. උද්ධච්ච සම්පයුත්තය වනාහි යම් අධිමොක්ඛයක් ඇත. එනිසා තණ්හා ස්ථානයෙහි බලවත් කෙලෙස් වූ උද්ධච්චයෙන් පදය පුරවන ලදි. උපාදාන ස්ථානයෙහි අධිමොක්ඛයෙන් පදය පුරවන ලදි. සියළු තන්හිම විශේෂතා පමණක් දක්වා පෙලෙහි සංක්ෂේප කරන ලදි. යම්තැනක විශේෂයක් දක්නව ලද නම් එහි කේවල වූ අධිමොක්ඛ නිද්දේසයයි.
අධි මිදීම් වශයෙන් අධිමොක්ඛො ඒ අරමුණෙන් සිත අධික සේ මිදේ. නිර්විචිකිච්ඡාවේ තීරණයට යයි යනු අධිමොක්ඛ යයි අධිකව මිදෙන ආකාරය අධිමුච්චනා ය. ඒ සිතේ ඒ අරමුණෙහි හෝ මිදුණු බව තදධිමුත්තා වේ. සියළු සිත්වලද පළමුවන සිතෙහි කියන ලද නයින්ම නය චතුක්ක වාර ප්රභේදය දතයුතුය. කේවල වූ විචිකිච්ඡා සම්පයුත්තයෙහි උපාදාන මූල වූ නයක් අභාවයෙන් අට නය දෙතිස් චතුක්ක ද වාර එක්සිය විසි අටක් ද වේ.