සූත්රාන්ත භාජනීය වර්ණනාව
ඊට අනතුරුව දැන් අප්පමඤ්ඤා විභංගයෙහි චතස්සො යනු ගණන නියම කිරීමය. අප්පමඤ්ඤායො අප්රමාණ වශයෙන් පැතිරීමය. මේවායෙහි අරමුණු වශයෙන් අප්රමාණ සත්ත්වයන් කෙරෙහි පතුරුවන නිසා හෝ එක් සත්ත්වයකු කෙරෙහි නොඅඩුව සම්පූර්ණයෙන් පතුරුවන නිසා හෝ අප්රමාණ වශයෙන් පැතිරවීම අප්පමඤ්ඤා වේයයි කියනු ලැබේ. ඉධ භික්ඛු යන මෙම ශාසනයෙහි භික්ෂුව, මෙත්තාසහගතෙන යනු මෛත්රියෙන් සමන්නාගත වූ චෙතසා සිතින් එකංදිසං එක් දිසාවක. පළමුවෙන් අරමුණු කරන ලද සත්ත්වයා අරබයා එක් දිසාවක් ඇතුළත පැතිරවීම් වශයෙන් කියන ලදි. ඵරිත්වා ස්පර්ශ කොට අරමුණු කර, විහරති බ්රහ්මවිහාරය අධිෂ්ඨාන කරන ලද ඉරියව් විහරණය පවත්වයි. තථා දුතියං පෙරදිග ආදියෙහි එක්දිසාව පතුරුවා වාසය කරයි. ඊටපසුව එසේම දෙවන තුන්වන සතරවන යන අර්ථයි.
ඉති උද්ධං මේ නයින්ම උඩ දිසාව කියන ලද්දේ වේ. අධෝ තිරියං යට දිසාවද හරස් දිසාවද එසේමය. මෙහි අධො යනු යටය. තිරියං යනු අනුදිසාය. මෙසේ සියළු දිසාවන්හි ස්තාලයෙහි අසකු මෙන් මෛත්රී සහගත සිත යවයි. නැවත යවයි යන මෙපමණකින් එක් එක් දිසාව ගෙන සීමා වශයෙන් මෛත්රිය පැතිරවීම දක්වන ලදි. සබ්බධී යනු සියළු තන්හි. සබ්බත්තාය හීන මධ්යම උත්කෘෂ්ඨ මිතුරු සතුරු මැදහත් ආදි බෙදීම් ඇති සියළුදෙනා කෙරෙහි තමා සේ සිතා මෙය පර සත්ත්වය යයි බෙදීමක් නොකොට තමා ස්ථානකර ඇතැයි කියන ලදි. නොහොත් සබ්බත්තතාය සියළු චිත්ත භාවයෙන් ටිකක්වත් පිටත නොවිසිරෙන නය කියන ලදි. සබ්බවන්තං සියළු සතුන් ඇතුළත්. සියළු සතුන්ගෙන් යුක්තය යන අර්ථයය. ලොකං සත්ත්වලෝකය.
විපුලෙන මේ ආදි ක්රම දැක්වීමෙන් නැවත මෛත්රී සහගත සිතෙන් යයි කියන ලදි. මෙහි සීමා සහිත පැතිරවීමෙහි මෙන් නැති ඉති ශබ්දය හා තථා ශබ්දය නොකියන ලදි. ඒ නිසා නැවත මෙත්තා සහගතෙන චේතනා යයි කියන ලදි. නිගමන වශයෙන් හෝ මෙය කියන ලදි. විපුලෙන යන මෙහිද පැතිරවීම් වශයෙන් මහත් බව දතයුතුය. එය භූමි වශයෙන් මහග්ගතං මහග්ගත වේ. ප්රගුණ වශයෙන් අප්පමාණං අප්රමාණ වේ. සත්ත්වයින් අරමුණු කිරීම් වශයෙන්ද අප්පමාණ වේ. ව්යාපාද සංඛ්යාත විරුද්ධ ධර්ම ප්රහාණයෙන් අවෙරං වේ. දොම්නස් ප්රහාණය කරන බැවින් අබ්යාපජ්ඣ වේ. දුකක් නැතැයි කියන ලද්දේ වේ. මෙය මෙත්තා සහගතෙන චෙතසාති ආදි නයින් තබන ලද මාතෘකාවේ අර්ථය.
දැන් මෙය කථඤ්ච භික්ඛවෙ, මෙත්තා සහගතෙන චෙතසා යනාදී නයින් කියන ලද පද භාජනිය වේ. එහි යම් හෙයකින් මෙම කමටහන දෝස චරිතයාට සප්පාය වේ. එහෙයින් යම්බඳු වූ මේ පුද්ගලයා මෛත්රී අර්පණාවට පැමිණේ. මෛත්රියට වස්තු වූ පුද්ගලයා දැක්වීමට සෙය්යථාපි නාමං ඒකං පුග්ගලං ආදිය කියන ලදි. එහි සෙය්යථාපි නාම යනු උපමා අර්ථයෙහි නිපාතයකි. එක් පුද්ගලයෙක් යන අර්ථයයි. පියං පේමනීය වූ මනාපං හෘදය වර්ධනය කරන. පෙර එක්ව විසීමෙන් වර්තමාන දියුණුව කැමතියෙන් පියො නම් වේ. සීලාදී ගුණ ඇතිවීමෙන් මනාප නම් වේ. දානමානාදි ආත්මය හෝ ප්රියභාවය ප්රිය වචන අර්ථ චර්යාවලින් මනාප බව දතයුතුය. ප්රියභාවයෙන් මේ ව්යාපාදයාගේ ප්රහාණය වේ. එනිසා මෛත්රිය සැප පතුරයි. මනාප භාවයෙන් උදාසීන භාවය නොපිහිටයි. ලජ්ජා භයද එළඹෙයි. එයින් ලජ්ජා භය පාලනය වූ මෛත්රිය නොපිරිහෙයි. එනිසා එය උපමාකොට මෙය කියන ලදි. පියං මනාපං යන්න. මෙත්තෙය්යා මෛත්රියෙන් පතුරුවන්නේය. ඒ පුද්ගලය්න කෙරෙහි මෛත්රිය කරන්නේ පවත්වන්නේය යන අර්ථයයි. එවමෙව සබ්බෙ සත්තා යම්සේ ප්රිය පුද්ගලයෙකුට මෛත්රිය කරන්නේද මෙසේ ඒ පුද්ගලයන් කෙරෙහි අප්රමාණයට පැමිණ වසීභවයට උපගත මෛත්රියෙන් මැදහත් වෛරී සංඛ්යාත සියළු සතුන් කෙරෙහි අනුක්රමයෙන් සිත පතුරුවයි යන අර්ථයයි. මෙත්ති මෙත්තායනා යනාදිය පැහැදිලිමය.
විදිංසච යන පදය හරහා හෝ යන අර්ථ දැක්වීම සඳහා කියන ලදි.
ඵරිත්වා අරමුණු කිරීම් වශයෙන් ස්පර්ශකොට අධිමුඤ්චිත්වා අධික බැවින් මුදා යන අර්ථයයි. මුදන ලද මනාව මුදන ලද යවන ලද පළල් කරන ලද එසේ මුදා යන අර්ථය.
සබ්බධි ආදි නිද්දේසයෙහි මේ තුන් පද සර්ව සංග්රාහික වේ. එහෙයින් ඒවායේ එකතුවෙන් අර්ථ දැක්වීමට සබ්බෙන සබ්බං ආදිය කියන ලදි. එහි අර්ථය යට කියන ලද්දේමය.
විපුලාදි නිද්දේසයෙහි යමකින් යං අර්පණාවට පැමිණ අනන්ත සත්ත්වයින් කෙරෙහි පැතිරවීම් වශයෙන් විපුලං තං වන්නේය. නියම වූ භූමි වශයෙන් මහග්ගත වේ. යමක් ද මහග්ගතං තං මහග්ගත වූයේ එය අප්පමාණං අප්රමාණ වේ. යං අප්පමාණං සතුරා විනාශ කිරීම් වශයෙන් වෙරං වේ. යඤ්ච අවෙරං තං. යමෙක් අවෛර වූයේද එය පහවූ ව්යාපාද ඇති බැවින් අබ්යාපජ්ඣං වේ. එහෙයින් යං විපුලං තං මහග්ගතං යනාදිය කියන ලදි. අවෙරො අබ්යාපජ්ඣෙති මෙහි ලිංග විපර්යාසයෙන් කියන ලදි. මනස සමග හෝ යෙදීම කළයුතුය. අප්රමාණ වූ යම් සිතක් සො අවොරො එය අවෛරී මනසයි. යො අවෙරො සො අබ්යාපජ්ඣො අවෛරී වූ යමක් වේනම් එය අව්යාපාදයයි. මෙහි යට පද උපරි වශයෙන් හා උපරියද යට වශයෙන් අර්ථ දතයුතුය.