විඥානස්කන්ධ නිර්දේශය
විඥානස්කන්ධ නිර්දේශයෙහි යංකිඤ්චි විඤ්ඤාණං චතුභූමක විඤ්ඤාණය ගනු ලැබේ. විඤ්ඤාණ ආදිය අතීතාදි වශයෙන් දක්වන ලද විඤ්ඤාණය ස්වභාව වශයෙන් දැක්වීමට කියන ලදි. එහි චක්ඛු විඤ්ඤාණාදි පස චක්ෂු ප්රසාද වස්තුමය. මනෝ විඤ්ඤාණය හෘදය වස්තුව ඇතිවද නැතිවද මේ සියල්ල චතුභූමක විඤ්ඤාණය වේ.
මේ විඥානස්කන්ධ නිර්දේශයයි.
ප්රකීර්ණක කථා
දැන් පඤ්චස්කන්ධයෙහි ප්රභවය වහයෙන් පෙරපර වශයෙන් මාර්ගය පිරිසිඳීමෙන් එකට ඉපදී නොයෙක් නිරුද්ධවීම් වශයෙන් නොයෙක් ඉපදීම් එකට නිරුද්ධවීම් වශයෙන් එකට ඉපදී එකට නිරුද්ධවීම් වශයෙන් වෙනම ඉපදී වෙනම නිරුද්ධවීම් වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් අධ්යාත්ම බාහිර වශයෙන් ඕලාරික සුඛුම වශයෙන් හීන ප්රණීත වශයෙන් දුර සමීප වශයෙන් ප්රත්ය හටගැනීම් වශයෙන් ඉපදීම් වශයෙන් සංඛත වශයෙන් දහසය ආකාරය වශයෙන් ප්රකීර්ණකය දතයුතුය.
එහි පහළවීම් දෙයාකාරය. මව්කුසින් හා ඕපපාතික වශයෙනි. එහි මව්ගැබින් ඉපදීම මෙසේ දතයුතුය. මව්කුසින් බිහිවන සත්ත්වයින්ගේ පිළිසිඳගත් ක්ෂණයෙහි පෙරපසු නොවී පඤ්චස්කන්ධය එකට පහළ වේ. ඒ ක්ෂණයෙහි පහළ වූ කළල සංඛ්යාත රූප පරම්පරාව ඉතා සියුම් ඉඳිකටුවක් තෙලෙහි බහා ඔසවනවිට වැගිරීඅග රැඳුනු බිංදුව පමණයයි කියන ලදි. එයද අත්හැර කෙස්ගසක් තෙලෙහි බහා ඔසවා වැගිරී අග පිහිටි බිංදු මාත්රයයි කියන ලදි. එයද හැර මේ ජනපදයේ මිනිසුන්ගේ කෙස්ගසක් අටට පළා එයින් එක් කොටසක් පමණක් උතුරුකුරු දිවයින් වැසියන්ගේ කෙස්ගසක් පමණ වේ. එය ප්රසන්න තෙලෙහි බහා එසවූ විට අග රැඳුණු බිංදු මාත්රායයි කියන ලදි. එයද හැරදමා සියළු ලෝමයෙන් අංශුවක් තලතෙලෙහි බහා ඔසවා වැගිරී අග රැඳුණු බිංදු මාත්රයයි කියන ලදි. එය ඉතා පිරිසිදුය. ප්රසන්නය. නොකැළඹුනේය. පිරිසිදු ප්රසන්න තලතෙල් බිඳුවල වර්ණයට සමානයයි කියන ලද්දේය.
තල තෙලෙහි බිඳු ලෙස - ගිතෙල් පිඬුවෙන් පිරිසිදු
පාට මෙයයුරු වන - කලල යයි කියැවෙන්නේ
පාට මෙයයුරු වන - කලල යයි කියැවෙන්නේ
මෙසේ ඉතා අල්ප වූ රූප පරම්පරාවේ වස්තු දසකය කාය දසකය ස්ත්රියගේ ස්ත්රීඉන්ද්රිය පුරුෂයාගේ පුරුෂ ඉන්ද්රිය වශයෙන් භාව දසකයයි පරම්පරා ශීර්ෂ තුනක් වේ. එහි වස්තු රූපය එය ඇසුරුකරන මහාභූත සතර එය ඇසුරු කරන වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්රිය යයි යන දසය වස්තු දසක වේ. කාය ප්රසාදය එය ඇසුරුකරන මහාභූත සතර එය ඇසුරු කරන වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්රිය යන දහය කාය දසක වේ. ස්ත්රියගේ ස්ත්රීභාව ඉන්ද්රිය පුරුෂයාගේ පුරුෂභාව ඉන්ද්රිය එය ඇසුරු කරන මහාභූත සතර ඒවා ඇසුරු කරන වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්රිය යන දහය භාවදසක නම් වේ.
මෙසේ මව්කුසින් උපදින්නවුන්ගේ ප්රතිසන්ධියෙහි උත්කෘෂ්ඨ වශයෙන් සමතිස් කර්මජ රූපයන් රූපස්කන්ධ නම් වේ. ප්රතිසන්ධි සිත සමග එකට උපන් වේදනාව වේදනාස්කන්ධ නම් වේ. සංඥාව සංඥාස්කන්ධ නම් වේ. සංස්කාරය සංස්කාරස්කන්ධ නම් වේ. විඥානය විඤ්ඤාණස්කන්ධය නම් වේ. මෙසේ මව්කුසින් බිහිවන්නවුන්ගේ ප්රතිසන්ධි ක්ෂණයෙහි පඤ්චස්කන්ධය සම්පූර්ණ වෙයි. නපුංසක ප්රතිසන්ධියක් වෙන්ම් භාවදසකය පිරිහේ. දසක දෙකක් වශයෙන් සමවිසි කර්මජරූප රූපස්කන්ධය නම් වේ. වේදනාදිය කියන ලද ආකාරයෙන්මය. මෙසේ මව්කුසින් බිහිවන්නහුගේ ප්රතිසන්ධි ක්ෂණයෙහි පඤ්චස්කන්ධය සම්පූර්ණ වේ.
මේ ස්ථානයේ සුදුසු සේ සම්බන්ධ ඇති ගැලපීම් තුන්ආකාර හටගැන්ම කිවයුතු වන්නේය. එය නොකියා ඕපපාතික හටගැන්ම දක්වන ලදි. පිරිපුන් ආයතන ඇතිව ඕපපාතිකව උපදින්නවුන්ගේ යටකියන ලද දසක තුන සහ චක්ඛු ශෝත ඝාන ජිව්හා දසකද සමග රූප පරම්පරා හතක් පහළ වේ. එහි වත්ථු දශක ආදිය කාය දශකය හා සමානය. නපුංසකයින්ට භාවදසකය නැත. මෙසේ පිරිපුන් ආයතන ඇති ඕපපාතිකයන්ට හැත්තෑවක් හෝ හැටක් වූ කර්මජරූප රූපස්කන්ධය නම් වේ. වේදනාස්කන්ධය ආදිය කියන ලද ආකාරයෙනි. ඕපපාතිකයන්ගේ ප්රතිසන්ධි ක්ෂණයෙහි පඤ්චස්කන්ධය සම්පූර්ණ වේ. මේ ඔපපාතික පහළවීම නම් වේ. මෙසේ මෙපමණකින් පඤ්චස්කන්ධ පහළවීම දතයුතුය.
පුබ්බාපරතො මෙසේ මව්කුසින් බිහිවන අයගේ පෙරපසු නොවී පඤ්චස්කන්ධය පහළවන කල්හි කුමන රූපයක් පළමුවන රූපය වශයෙන් හටගනීද නැතහොත් අරූපවේද? රූපය රූපයෙන්ම හටගනියි. අරූප නොවේ. කුමක් හෙයින්ද? පටිසන්ධි සිතට රූප ඉපදවිය නොහැක. සියළු සතුන්ගේ ප්රතිසන්ධි සිත, ක්ෂීණාශ්රවයාගේ චුති සිත, දෙපස් විඤ්ඤාණය, සතර ආරුප්ප විපාක සොළොස් සිත් රූප නූපදවයි. එහි පටිසන්ධි සිත එපමණකින් වස්තුවල දුර්වල බැවින් නොපිහිටි බැවින් ප්රත්ය අඩු බැවින්ද ආගන්තුක බැවින්ද රූප නූපදවයි. එහි සහජාත වස්තු උපදින ක්ෂණයෙහි දුබල වේයයි වස්තුවල දුබල බැවින් රූප නූපදවයි. පර්වතයෙන් වැටෙන මිනිසෙකුට වෙන කෙනෙකුට පිහිටවීමට නොහැකි වන්නා සේ මෙයද කර්මජ වේගයෙන් දවන ලද බැවින් පර්වතයෙන් වැටෙන්නාක් මෙන් පිහිටක් නැත.