සංඥාස්කන්‍ධ නිර්දේශය
සංඥා ස්කන්‍ධ නිර්දේශයෙහි යා කාචි සඤ්ඤා චතුභූමක සඤ්ඤා ගනු ලැබේ. චක්ඛු සම්ඵස්සජා සඤ්ඤා යනාදියෙහි අතීතාදි වශයෙන් දක්වන ලද සංඥා ස්වභාව වශයෙන් දැක්වීමට කියන ලදි. එහි චක්‍ෂු ස්පර්ශයෙන් හෝ චක්‍ෂු ස්පර්ශයෙහි හටගන්නේ චක්ඛු සම්පස්සජා නම් වේ. සෙස්සෙහිද මෙම නයයි. මෙහි මුලින් පස චක්‍ෂු ප්‍රසාදාදි වස්තුය. මනෝසම්ඵස්ස සංඥාව හෘදය වස්තුව ඇතිව හෝ නැතිව උපදියි. සියළු චතුභූමක සංඥා
ඕලාරික දුක නිර්දේශයෙහි පටිඝසම්ඵස්ස සංඥා පටිඝ සහිත චක්‍ෂු ප්‍රසාද වස්තුකොට රූපාදිය අරමුණුකොට උපන්නාහු ස්පර්ශය පටිඝ ස්පර්ශ නම් වේ. එයින් උපන්නේ හෝ එහි උපන්නේ පට්ඝ සම්ඵස්සජා නම් වේ. චක්ඛු සම්ඵස්ස සංඥාව සහ කාය සම්ඵස්ස සංඥා එම වස්තුවලින් ඇති වේ. රූප සංඥා-ඵොට්ඨබ්බ සංඥා ද එම අරමුණුවලින්ම නම් වේ. මේ වනාහි වස්තු අරමුණුවලින් නම් වේ. පටිඝ සහිත වස්තූන් නිසා පටිඝ සහිත අරමුණු අරභයා උපන් හෙයින් මෙය පටිඝ සම්ඵස්සජා සංඥා යයි කියන ලදි. මනෝ සම්ඵස්සජා ද එයින් හටගත් ස්පර්ශය මනෝ සම්ඵස්ස නම් වේ. ඒ මනෝ ස්පර්ශයෙහි වූ ඒ ස්පර්ශයෙන් උපන්නේ මනෝ සම්ඵස්සජා නම් වේ. එසේම සෝත, ඝාන, ජිව්හා, කාය, විඤ්ඤාණ, මනෝ නම් වේ. ඒවායින් එක්ව උපන් ස්පර්ශය මනෝ සම්ඵස්ස නම් වේ. ඒ මනෝ ස්පර්ශයෙහි හෝ ඒ මනෝ ස්පර්ශයෙන් උපන්නේ මනෝ සම්ඵස්සජාය.
අධිවචන සම්ඵස්සජා සංඥාවද පර්යාය වශයෙන් මෙයටම නමකි. අරූපි ස්කන්‍ධ තුන තමා පිට තමා වැටී සමග ඉපදුනු සංඥාවෙන් අධිවචන සම්ඵස්සජා සංඥායයි නමක් කරයි. නිෂ්පර්යාය වශයෙන් පටිඝ සම්ඵපස්සජ ද සංඥා නම් පඤ්චද්වාරික සංඥා වේ. අධිවචන සම්ඵස්සජා සංඥා නම් මනෝද්වාරික සංඥාය. එහි පඤ්චද්වාරික සංඥා බලා දැනගැනීමට හැකි ඕලාරිකය. සිත අළවා නැවත සිහිකරන්නේ නැවත සිහිකරන්නේ යයිද කිපී නැවත සිහිකරන්නේ යයි දැකම දැනගනියි.
එයට නිදසුන් කථාවකි. ගැහැණු දෙදෙනෙක් හිඳගෙන නූල් කටිති. තරුණ භික්‍ෂු දෙනමක් ගමේ හැසිරෙන්නේ ඉදිරියෙන් යන්නා එක් ස්ත්‍රියක දෙස බැලුවේය. අනික් තැනැත්තා කුමක් හෙයින් ඇය බැලීදැයි විචාළේය. මම ඇය ගැහැණියක යන සිතින් නොබැලුයෙමි. කණිටු සොයුරියක යන සංඥාවෙන් බැලුවෙමි. ඔවුහුද ගමේ හැසිර අවුත් ආසන ශාලාවේ හිඳගත්විට අනික් භික්‍ෂුව ඒ භික්‍ෂුවගෙන් ඇසීය. ඔබ විසින් ඒ ස්ත්‍රිය බලනු ලැබීද? ඔව් මවිසින් බලන ලදි. කුමක් හෙයින්ද? මගේ නැගණිය සමානකොට ඇය බැලීමි යයි කීය. මෙසේ පඤ්චද්වාරික සංඥාවෙන් බලනවිට දැන ගැනීමට හැකිය. එය වනාහි ප්‍රසාද වස්තු වේ. ඇතමෙක් ජවනයෙහි පවත්නේ යයි විස්තර කරති. මනෝද්වාරික සංඥා වනාහි එක ඇඳක හෝ එක පුටුවක හුන්නේද අනිකක් සිතන්නේ ඔහු සිතුවේ කුමක්දැයි විතර්ක කොට කුමක් සිතුවේදැයි අසා ඔහුගේ වචනයෙන්ම දැනගත යුතු සේ සියුම්ය. සෙස්ස වේදනාස්කන්‍ධය හා සමානය.