86. විතඤ්ඤානුපත්ති කථා
දැන් විතක්ක අනුපතිත කථා නම් වේ. එහි අරමුණින් සහ සම්ප්‍රයෝගයෙන් දැයි විතක්කානුපතිත කථා දෙයාකාරය. එහි අසවල් සිතේ විතක්කයේ අනුපතිත වන්නේය. විතර් විප්‍රයුක්ත චිත්ත ස්වභාවයෙන් සියළු සිත් විතක්කානුපත්ත නොවේ. මෙසේ මේ විභාගය නොකොට අවිශේෂයෙන් සියළු සිත් විතක්කානුපත්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ වශයෙන් පැමිණවිය යුතු.
87. විතක්ක විප්ඵාර සද්ද කථා
දැන් විතක්ක විප්ඵාර සද්ද කථා නම් වේ. එහි යම්හෙයකින් විතක්ක විචාර වචී සංඛාර යයි කියන ලදී. එහෙයින් සියළු විතර්කයෙන් විචාරයෙන් අඩු තරමින් මනෝධාතු පවතින කාලයේ ද විතර්ක විප්ඵාර ශබ්දය යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා සබ්බසො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් විතක්ක විප්ඵාරය පමණක් ශබ්දය වේ නම් ඵස්සාදි විප්ඵාරය ද ශබ්දය වියයුතු වන්නේ යයි චෝදනා කිරීමට සබ්බසො ඵුසතො යනාදිය කීය. අනිකා එබඳු සූත්‍ර දේශයක් නො දක්නේ ප්‍රතික්‍ෂේප කරයි. විතක්ක විප්ඵාරො සද්දො සොත විඤ්ඤෙය්‍යො යයි විතර්කයේ විප්ඵාරය (රාවය) පමණක් ශබ්දය කොට විචාරයි. විතර්ක විප්ඵාරයෙන් හටගත් සූත්‍ර ප්‍රමාණය ශබ්දය වේ. ඉතිරිවා ප්‍රතික්‍ෂේප කරයි. තනු විතක්ක විප්ඵාර සද්දො න සොත විඤ්ඤෙය්‍යො යයි මෙය ඔහුගේම ලබ්ධිය දක්වයි. හේ විතක්ක විප්ඵාරය පමණක් ශබ්ද යයි කියයි. හෙ සොතවිඤ්ඤෙය්‍ය නො කියයි. අනෙකා වනාහි ‘විතක්ක විප්ඵාර ශබ්දය අසා’ යන වචනයෙන් සොත විඤ්ඤෙය්‍ය ද ශබ්ද යයි කියයි.
88. න යථා චිත්තස්ස වාචාති කථා
දැන් යථා චිත්තස්ස වාචාති කථා නම් වේ. එහි යම්හෙයකින් කිසිවෙක් අනිකක් කියන්නෙමියි අනිකක් කියයි. එහෙයින් සිත අනුව වචනය නැත. චිත්තානුරූපව චිත්තානුගතික නැත. සිත නැතිවද වචන පවතී යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් එය උපදවන සිත නොවන්නේය. ඵස්සාදිය ද ඒ ක්‍ෂණයෙහි නොවන්නේ යයි චෝදනා කිරීමට අඵස්සකස්ස යනාදිය කීය. න භණ්හිතු කාමො යනාදියෙහි යම්හෙයකින් අනිකක් කියන්නෙමියි අනිකක් කියන්නේ කියනු කැමතිවීමම නම් වේ. එහෙයින් න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.
නනු අත්‍ථි කොචි අඤ්ඤං භණිස්සාමි යනාදියෙහි සිව්රු යයි කියනු කැමැත්තේ චිර යයි කියන්නේය. එහි අනිකක් කියනු කැමති සිත අනිකක් කියන සිත, මෙසේ පූර්වභාගයෙන් සිතේ අසමාන බව අපථා චිත්ත නම් වේ. එයින් ඔහුගේ හුදෙක් අනාපත්ති නම් වේ. චිර යන වචනය උපදවන සිතක් නැත. මෙසේ ඒ වචනය අචිත්තක යයි අර්ථය සඳහා මේ උදාහරණයෙන් යථා චිත්තයේ වචන නොවේ යයි පිහිටුවන ලද්දේ ද නොපිහිටන ලද්දේ වේ.
89. න යථා චිත්තස්ස කායකම්මන්ති කථා
දැන් න යථා චිත්තස්ස කාය කම්මන්ති කථා නම් වේ. එහි යම්හෙයකින් කිසිවෙක් අන්තැනක යන්නෙමියි අන්තැනක යයි. එහෙයින් සිත අනුව කාය කර්මය චිත්තානුරූපය චිත්තානුගතිකව නොවේ. සිතෙන් බැහැරව ක්‍රියාව පවතී යනු යමෙකුගේ ලබ්ධිය වේ. පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.
90. අතීතානාගතෙහි සමන්නාගත කථා
දැන් අතීත අනාගතවලින් යුක්ත කථා නම් වේ. එහි සමන්නාගත පඤ්ඤත්ති පටිලාභ පඤ්ඤත්ති යයි පඤ්ඤත්ති දෙකක් දතයුතුය. ඒවායින් වර්තමාන ධර්ම යුක්ත වූයේ සමන්නාගත යයි කියනු ලැබේ. අෂ්ට සමාපත්තිලාභියාට වනාහි කිසි සමාපත්තියක් ඒකක්‍ෂණයෙහි නොපවතී. අනිකක් අතීත වේ. අනිකක් අනාගත වේ. අනිකක් වර්තමාන වේ. පිළිවිද අපරිහීබවින් ලාභී යයි කියනු ලැබේ. එහි මේ විභාගය නොගෙන යම්හෙයකින් ධ්‍යානලාභීන්ගේ අතීත අනාගත ධ්‍යාන ද ඇත. එහෙයින් ඔව්හු අතීතයේ ද අනාගතයෙන් ද යුක්තයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. මෙහි සෙස්ස පැහැදිලිය. අට්ඨවිමොක්‍ඛඣායී යනාදිය වනාහි ලාභී බවට සාධක වේ. සමන්නාගත බවට (යුක්ත බවම) නොවේ.