89. න යථා චිත්තස්ස කායකම්මන්ති කථා
දැන් න යථා චිත්තස්ස කාය කම්මන්ති කථා නම් වේ. එහි යම්හෙයකින් කිසිවෙක් අන්තැනක යන්නෙමියි අන්තැනක යයි. එහෙයින් සිත අනුව කාය කර්මය චිත්තානුරූපය චිත්තානුගතිකව නොවේ. සිතෙන් බැහැරව ක්‍රියාව පවතී යනු යමෙකුගේ ලබ්ධිය වේ. පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.
90. අතීතානාගතෙහි සමන්නාගත කථා
දැන් අතීත අනාගතවලින් යුක්ත කථා නම් වේ. එහි සමන්නාගත පඤ්ඤත්ති පටිලාභ පඤ්ඤත්ති යයි පඤ්ඤත්ති දෙකක් දතයුතුය. ඒවායින් වර්තමාන ධර්ම යුක්ත වූයේ සමන්නාගත යයි කියනු ලැබේ. අෂ්ට සමාපත්තිලාභියාට වනාහි කිසි සමාපත්තියක් ඒකක්‍ෂණයෙහි නොපවතී. අනිකක් අතීත වේ. අනිකක් අනාගත වේ. අනිකක් වර්තමාන වේ. පිළිවිද අපරිහීබවින් ලාභී යයි කියනු ලැබේ. එහි මේ විභාගය නොගෙන යම්හෙයකින් ධ්‍යානලාභීන්ගේ අතීත අනාගත ධ්‍යාන ද ඇත. එහෙයින් ඔව්හු අතීතයේ ද අනාගතයෙන් ද යුක්තයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. මෙහි සෙස්ස පැහැදිලිය. අට්ඨවිමොක්‍ඛඣායී යනාදිය වනාහි ලාභී බවට සාධක වේ. සමන්නාගත බවට (යුක්ත බවම) නොවේ.
නවවෙනි වර්ගය සමාප්තයි.
10. දසවෙනි වර්ගය
91. නිරොධ කථා
දැන් නිරෝධ කථා නම් වේ. එහි යමෙකුගේ උප්පත්තෙය්‍ය සංඛ්‍යාත භවංග සිතේ භංග ක්‍ෂණය සමග ක්‍රියා සංඛ්‍යාවට ගිය කුසල හෝ අකුසල හෝ ස්කන්‍ධ සතර චිත්ත සමුට්ඨාන (හටගත්) රූපය යයි පංචස්කන්‍ධය උපදී. ඒ නූපන් කල්හි භවංගය නිරුද්ධ වූ විට සත්තතිය කැඩෙන්නේය යනු ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා උප්පත්තෙසියෙ උප්පත්තෙසියෙ යන සතරපදයෙහි බහුවචනය ආධාර අර්ථයෙහි ඒකවචන වූ ආධාර විභක්තියයි. උපන් ස්කන්‍ධ පහ නිරුද්ධ නොවූ කල්හි යනු මෙහි අර්ථය වේ. දසන්නං යනු උප්පත්ත්‍යෙය ඛන්‍ධ වශයෙන් සහ කිරිය ඛන්‍ධ වශයෙන් ද කියන ලදී. එහි පළමු ප්‍රශ්නයෙහි ස්කන්‍ධ ලක්‍ෂණ වශයෙන් ක්‍රියා ලක්‍ෂණ වශයෙන් ද ඒ ස්කන්‍ධ පහක්ම යයි ප්‍රතික්‍ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි පෙර පසු වශයෙන් උප්පත්තෙය්‍ය කිරිය වශයෙන් ද නානත්‍වය සඳහා පිළිගනී. ස්පර්ශ සිත් දෙකේ එක්කිරීම විචාරණ ලද්දේ සූත්‍ර ලේශ භාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි.
කිරියා චත්තාරො යයි රූපය හැර කුසල හෝ අකුසල හෝ ගන්නා ලදී. කිරියා ඤාණං යනු පරවාදියා විසින් චක්‍ඛු විඤ්ඤාණයෙන් යුක්ත වූ ක්‍ෂණයෙහි රහතන් වහන්සේගේ අනුඥාත වූ අනාරම්මණ ඤාණය යයි කියන ලදී. නිරුද්ධෙ මග්ගො උප්පජ්ජතී යයි විචාරීම පරවාදියාටය. නිරුද්ධ නොවූ කල්හි නො ඉපදීමෙන් ප්‍රතිඥාව සකවාදියාටය. මතො මග්ගං භාවෙති යන ඡලයෙන් විචාරීම පරවාදියාගේය. යම්හෙයකින් ප්‍රතිසන්ධියේ සිට චුති සිත දක්වා සත්ත්වයා ජීවත් වේ නමි. එහෙයින් සකවාදියා න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි.
92. රූප මග්ගොති කථා
දැන් රූපං මග්ගොති කථා නම් වේ. එහි යමෙකුගේ සම්මා වාචා කම්මන්ත ආජීව රූපයයි ලබ්ධිය වේ. යම්සේ මහිංසාසක, සම්මිතිය මහා සංඝික යන මොවුන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ සම්මා වාචාදිය රූප වේ. විරති නොවේ. සම්මා දිට්ඨි ආදි මාර්ගයේ සාරම්මණාදි ස්වභාවය වේ. මෙසේ ඒවාද රූප වන්නේ යයි චෝදනා කිරීමට සාරම්මණං යනාදිය කීය. එහි ප්‍රතික්‍ෂේපය ද ප්‍රතිඥාව ද පරවාදියාගේ ලබ්ධි අනුරූපයෙන් දතයුතුය. මෙහි සෙස්ස අරුත් පැහැදිලිය.
93. පංච විඤ්ඤාණ සමංගිස්ස මග්ග කථා
දැන් පංච විඤ්ඤාණ සමංගි වූ මග්ග කථා නම් වේ. එහි යමෙකුගේ ‘භිකඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති’ යන සූත්‍රය නිසා පංච විඤ්ඤාණ යුක්ත වූ පුද්ගලයාගේ මාර්ග භාවනා ඇතැයි ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔහුට මාර්ග භාවනා ඇත්නම් පංචවිඤ්ඤාණ ගතිකයෙන් මාර්ගය හෝ මාර්ග ගතිකයෙන් පංච විඤ්ඤාණයන් හෝ විය යුතුය. ඒවා මාර්ග ගතික නොවේ. නිවන අරමුණු නොවන බවද ලෝකෝත්තරය නොවන බව ද පංච විඤ්ඤාණ ගතික මාර්ගය නොවේ. ඒවායේ ලක්‍ෂණයෙන් සංගිත නොවේ යයි චෝදනා කිරීමට නනු පඤ්චවිඤ්ඤාණා උප්පන්නවත්‍ථුකා යනාදිය කීය. එහි අදහස මෙසේය. ඉදින් පංච විඤ්ඤාණ සමංගියාව මාර්ග භාවනා වන්නේ නම් යම් මනෝවිඤ්ඤාණයකින් මාර්ගය සම්ප්‍රයුක්ත වේ නම් එයද පංච විඤ්ඤාණ යුක්ත වූවහුට වන්නේය. මෙසේ ඇති කල්හි යම් මේ පංච විඤ්ඤාණ උපන් වස්තු යයි ආදි ලක්‍ෂණය කියන ලදී. මෙසේ නොකියා විඤ්ඤාණ හයකැයි කිවයුතු වන්නේය. එසේ නොකියා පඤ්ච විඤ්ඤාණයම කියන ලදී. එනිසා පංච විඤ්ඤාණ සමංගියාට මාර්ග භාවනා ඇතැයි නොකිව යුතුය. යම්සේ මෙහි අදහස මෙසේය. එහෙයින් සකවාදියා ඒ ලක්‍ෂණය පරවාදියාට පිළිගන්නවා නො වත රෙ වත්තබ්බෙ පඤ්ච විඤ්ඤාණ සමංගිස්ස අත්‍ථි මග්ගභාවනා යයි කීය. (පංච විඤ්ඤාණ සමංගියාව මාර්ග භාවනා ඇතැයි නොකිවයුතුය යන අදහස වේ.)