80. ආනිසංස කථා
දැන් ආනිසංස කථා නම් වේ. එහි ස්ව සමයෙහි සංස්කාර ආදීනවයෙන් නිවන ද ආනිසංස වශයෙන් බලන්නහුට සංයෝජන ප්රහාන වේය යනු නිගමය වේ. යමෙකුගේ වනාහි ඒ දෙකෙහිම එක් වාදයක් කොටගෙන ආනිසංස දැකීමෙන්ම සංයෝජන ප්රහාන වේයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඔබ විසින් එකංසිවාදය ගන්නා ලදී. ආදීනවය ද දැකිය යුතු වයස් එහි විභාග දැක්වීම සඳහා සකවාදියා සංඛාරෙ යනාදිය කීය.
සංඛාරෙ ච අනිච්චතො මනසිකරොති නිබ්බානෙව ආනිසංස දස්සාවි හොති යන ප්රශ්නයෙහි අදහස මෙසේය. ආනිසංස දකින්නහුට සංයෝජන ප්රහාන වේ යනු ඔවුන්ගේ ලබ්ධිය වේ. නනු සංඛාරො අනිච්චතො මනසිකරො සංයොජනා පහීයන්ති යයි විචාරණ ලද්දේ ආමන්තා යයි පිළිගනී. එයින් ඒ සංස්කාරයන් අනිත්ය වශයෙන් මෙනෙහි කරයි. නිවනෙහි ද ආනිසංස දකින්නේ වේයයි මෙයට පැමිණේ. කිම එය පිළිගන්නෙහි ද? ඉන් පරවාදියා ඒක චිත්තක්ෂණය සඳහා ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ නොයෙක් සිත් වශයෙන් පිළිගනියි. සකවාදියා ඔහුගේ අදහස් මැඩ අනිත්ය වශයෙන් පිළිගනියි. සකවාදියා ඔහුන්ගේ අදහස මැඩ අනිත්ය මෙනෙහි කරන්නාට ආනිසංස දැකීමද එකට ප්රතිඥාන නිසා ස්පර්ශ දෙකේ සිත් දෙක එක් වේදැයි අසයි. අනෙකා දෙකේ එකතුව නොදක්නේ ප්රතික්ෂේප කරයි. දුක්ඛතො යනාදි ප්රශ්නයෙහිද මෙම නයම වේ. මෙහි නිශ්චය පිළිබඳ කිම? කිම අනිත්යාදි වශයෙන් මෙනෙහි කරන්නාට සංයෝජන ප්රහීන වේද? නැතහොත් නිවණෙහි ආනිසංස දක්නහුටද, නැතහොත් දෙකම එකට කරන්නහුටද? ඉදින් අනිත්යාදියෙන් මෙනෙහි කරන්නාට ප්රහීන වන්නේ නම් විදර්ශනා සිතින්ම වන්නේය. ඉක්බිති ආනිසංස දක්නහුට අනුසස් වශයෙන් නිවනෙහි ආනිසංස දකින්නාට විදර්ශනා සිතින්ම වන්නේය. ඉක්බිති දෙකම එකට කරන්නහුට වන්නේ නම් ඵස්සාදි දෙකේ එක්කිරීමෙන් වන්නේය. නිෂ්පත්තියට පැමිණෙන්ද නැවත නිත්යයෙන් යයි ආදි ග්රහණයේ අනුත්පත්ති ධර්ම භාවයෙන් නිවනෙහි ද ප්රත්යක්ෂ වශයෙන් ආනිසංස දැකීම කැමති වේ. එහෙයින් පැවතීම් වශයෙන් ද නිවනෙහි ආනිසංස දකින්නට සංයෝජනයන්ගේ ප්රහීනවීම සුවදැකීමට සාධනය කරයි. ආනිසංස දැකීම් මාත්රයෙන්ම සංයෝජන ප්රහාන නොවේ. එහෙයින් නොගෙනෙන ලද සමාන වේමය.
81. අමතාරම්මණ කථා
දැන් අමතාරම්මණ කථා නම් වේ. එහි යමෙකුගේ නිබ්බානං මඤ්ඤති ආදියේ නුනුවණින් අරුත් ගෙන අමතාරම්මණය (නිවන් අරමුණ) සංයෝජන වේයි ලබ්ධි වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් අමතාරම්මණය සංයෝජනයක් නම්, අමෘතයට සංයෝජනාදිභාවය පැමිණේ යයි චෝදනා කිරීමට අමතං සංයොජනියං යනාදිය කීය. අනෙකා සූත්ර විරෝධ බියෙන් සියල්ල ප්රතික්ෂේප කරයි. මේ උපායෙන් සියළු වාරවල අර්ථය දතයුතුය. නිබ්බානං නිබ්බානො යයි ගෙනෙන ලද සූත්රය වනාහි දිට්ඨධම්ම නිබ්බානය සඳහා කියන ලද්දකි. එහෙයින් එය සාධකයක් නොවේ.
82. රූපං සාරම්මණන්ති කථා
දැන් රූපය සාරම්මණයයි කථා වේ. එහි රූපය ප්රත්ය සහිත අර්ථයෙන් සාරම්මණ නම් වේ. ආරම්මණ ප්රත්ය වශයෙන් වෙනත් අරමුණක් නොකෙරේ. යමෙකුගේ වනාහි අවිශේෂයෙන් රූපය සාරම්මණ යයි ලබ්ධි වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අරමුණු දෙකේ විභාග දැක්වීම සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ ඇසුරෙන්ම දතයුතුය. න වත්තබ්බං යන ප්රශ්නයෙහි ආධාරක අරමුණ සඳහා ප්රතිඥාව සකවාදියාටය. දෙවන ප්රශ්නයෙහි ද ප්රත්ය අරමුණ සඳහා ප්රතිඥාව ඔහුටම වේ. මෙසේ මෙහි සප්රත්යාර්ථයෙන්ම සාරම්මණ බව සිද්ධ වේ.
83. අනුසයා අනාරම්මණාති කථා
දැන් අනුසයා අනාරම්මණාති කථා වේ. එහි යමෙකුගේ අනුසය නම් චිත්ත විප්රයුක්ත අහේතුක අව්යාකෘත වේ. එයින්ම අනාරම්මණ වේයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ ද ඇතැම් උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා අනුසයා යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට අනාරම්මණයෙන් නම් මෙසේ විය යුතු යයි චෝදනා කිරීමට රූපං යනාදිය කීය. කාමරාගො යනාදිය කාමරාග අනුසයෙන් අනන්යතාව දක්වන ලදී. සංඛාරක්ඛන්ධො අනාරම්මණා යන ප්රශ්නයෙහි චිත්ත සම්ප්රයුක්ත සංස්කාර ස්කන්ධය සඳහා ප්රතික්ෂේප කරයි. අනුසය, ජීවිතේන්ද්රිය, කායකර්මාදි ශූන්ය ද සංස්කාර ස්කන්ධයට ඇතුළත්ය. ඒ සඳහා පිළිගනී. මේ උපායෙන් සංස්කාරවල අර්ථය දතයුතුය. සානුසයො යන ප්රශ්නයෙහි අප්රහීන අනුසය බැවින් සානුසය බව අනුදනී. අනුසයන්ගේ පැවතීම් ස්වභාවයෙන් නොවේ. යමක් අප්රහීන වේ නම් එය අතීත නොවේ. අනාගත නොවේ. වර්තමාන නොවේ. මාර්ග වද්ය කෙලෙස් අප්රහීනවම ඇතැයි කියනු ලැබේ. එබඳු වූ ද මේ නම අරමුණු යයි නොකිව යුතුය. එහෙයින් එය ප්රතික්ෂේප කරන ලදී. එය වනාහි මෙය හුදකලා අනුසය නොවේ. රාගාදියද එබඳුම වේ. එහෙයින් අනුසය වල අනාරම්මණ බවට සාධක නැත.