74. අරූප ධාතු කථා
අරූප කථාවේද මේ උපායෙන් අර්ථය දතයුතුය. අරූප ධර්මවල වනාහි වේදනා ස්කන්ධයට ගෙන වෙදනා භවො යයි මෙහි යනාදි නයින් දේශනා කරන ලදී. එහි ඔබගේ අරූපී ධර්ම සංඛ්යාවට ගියේ වේදනාවලින් එක්තරා එකක් වේ යයි මෙසේ අර්ථය දතයුතුය. සෙස්ස යට කියන ලද නයින්ම දැනගත යුතුය.
75. රූප ධාතුවේ ආයතන කථා
දැන් රූපධාතුවේ ආයතන කථා නම් වේ. එහි යමෙකුගේ ‘සියළු අඟපසඟ අභිනන්දිය මනෝමය රූපී වේ’ යන සූත්රය නිසා බ්රහ්මයින්ගේ ඝාන ආදි නිමිති ද ආයතනම වේ යයි කල්පනය කොට ඔවුන්ගේ ආත්මභාවය සළායතනිකයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ ද සම්මිතිකයන්ගේ ද වැඩි වේ. ඔවුන් සඳහා සළායතනිකො යයි විචාරීම සකවාදියාටය. ලබ්ධි වශයෙන් ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට එහි ආයතන නැත යනුවෙන් චෝදනා කිරීමට අත්ථි තත්ථ ඝානායතනං යනාදිය ආරම්භ කරන ලදී. එයින් පරවාදියා එහි අධ්යාත්මික ඝානාදි ආයතන තුනේ සටහන් නිමිති, ඒවාම ආයතනයයි ලබ්ධියෙන් පිළිගනී. බාහිර වූ ගන්ධාදි ආයතන වශයෙන් විචාරණ ලද්දේ ඝාන ප්රසාද ආදිය එහි කැමති නොවේ. එහෙයින් ඒ ගෝවරය ඉවත් කරන්නේ ප්රතික්ෂේප කරයි. ප්රතිලෝම ප්රශ්න සංසන්දන ප්රශ්නයෙහි දී මේ උපායෙන් අර්ථය දතයුතුය.
අත්ථි ඝානායතනං අත්ථි ගන්ධායතනං තෙන ඝානෙන ගන්ධං ඝායති යයි ඒ පරසමයෙහි ඇතැම් ආචාර්යයන් සඳහා කියන ලදී. ඔහු වනාහි එහි අධ්යාත්මික ආයතන සම්පූර්ණ යයි කැමති වෙති. ආයතන කෘත්ය සහිත විය යුතු යයි ඒ ඝානාදියෙන් ඒ ගන්ධාදිය ඝානය කරති සාධනය කරති ස්පර්ශ කරති යයිද කැමති වෙති. ඒ ලබ්ධිය සඳහා පරවාදියා ආමන්තා යයි පිළිගනී.
අත්ථි තත්ථ මූලගන්ධො යනාදිය විචාරණ ලද්දේ ඇති බව සාධනය කිරිමට නොහැකි වන්නේ ප්රතික්ෂේප කරයි. නනු අත්ථි තත්ථ ඝාන නිමිත්තං ආදි සටහන් මාත්රයටම සාධකය. ආයතනයට නොවේ. එනිසා සාධක වශයෙන් ගෙනෙන ලද නො ගෙනෙන ලද්දට සමාන වේ.
76. ආරුප්පෙ රූපකථා
දැන් ආරුප්පයෙහි රූපකථා නම් වේ. එහි යමෙකුගේ ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ යන වචනයෙන් අරූප භවයෙහි ද ඕලාරික රූප හැර සියුම් රූප ඇතැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා අත්ථිරූපං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පැහැදිලි අරුත් වේ.
77. රූපං කම්මන්ති කථා
දැන් රූපය කර්මය යයි කථා වේ. එහි යමෙකුගේ කාය වචී විඤ්ඤත්ති සංඛ්යාත රූපයම කාය කම්ම වචී කම්ම නම් වේ. එයද කුසල හටගැනීම කුසල ද අකුසල හටගැනීම අකුසලද යයි ලබ්ධි වේ. යම්සේ මහිංසාසක, සම්මිතියන්ගේ මෙනි. ඔවුන් සඳහා කුසලෙන චිත්තෙන සමුට්ඨිතං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහු ඉදින් ඒ කුසලය. මේ අරමුණු සහිත භේදය කුසලයේ ලැබේ. එය එහිද ඇද්දැයි චෝදනා කිරිමට සාරම්මණං යනාදිය අරඹන ලදී. එහි පත්ථනා පණිධි යයි චේතනාවටම සමාන වචනයකි. කුසල චේතනාම කල්පනා කිරීම පත්ථනා යයි ද කල්පනා කරමින් සිටි නිසා පණිධි යයි ද කියනු ලැබේ. පර සමයෙන් වනාහි කුසල් සිතින් හටගත් වෙදනා සඤ්ඤා චේතනා සද්ධා යනාදියෙහි වේදනාදියම එහි පත්ථනා පණිධියයි ලබයි. චේතනාවෙන් නොවේ. කුමක් හෙයින්ද? චේතනා දෙකක් එකවිට නොමැති නිසාය. කනට වැටුණු බව වනාහි පෙළ අනුවදැයි දතයුතුය. රූපායතනං ආදිය පෙර වාරයෙහි සබ්බං තං කුසලං යන සංක්ෂේපයේ ප්රභේද දැක්වීම සඳහා කියන ලදී. සෙස්ස සැසඳීමෙන් වචී කම්මන්ති කථා දතයුතුය. අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං යනාදි විධාන ද පෙළ ඇසුරෙන් දතයුතුය. අසූචි යයි මෙහි ශුක්ර අදහස් කෙරේ. සූත්ර සාධනය පැහැදිලිය.