78. ජීවිතින්‍ද්‍රිය කථා
දැන් ජීවිතේන්‍ද්‍රිය කථා නම් වේ. එහි යමෙකුගේ ජීවිතේන්‍ද්‍රිය නම් සිතෙන් වෙන් වූ අරූප ධර්මයකි. එහෙයින් රූප ජීවිතේන්‍ද්‍රියක් නැතැයි ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙන්ම සම්මිතියන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. නත්‍ථි රූපීනං ධම්මානං ආයු යන ප්‍රශ්නයෙහි උපාදින්න රූපයගේ ද තෘණ කාෂ්ටාදියේ ද සන්තාන වශයෙන් පැවතීමම ආයු, ඨිතිය, යැපීම, ක්‍රියා පැවැත්වීම, පැවැත්ම, පාලනය කැමති වේ. එහෙයින් ප්‍රතික්‍ෂේප කරයි. අත්‍ථි යන ප්‍රශ්නයෙහි මේ කාරණයෙන් පිළිගනී. අත්‍ථි අරූප ජීවිතින්‍ද්‍රියං යන ප්‍රශ්නයෙහි සත්ත්ව සන්තානයෙහි රූපී හෝ අරූපී හෝ සියල්ල සිතෙන් වෙන්ව අරූප ජීවිතේන්‍ද්‍රියම කැමති වේ. එහෙයින් පිළිගනී.
නිරෝධ සමාපත්ති ප්‍රශ්නයෙහි ද සිතෙන් වෙන්වූ අරූප ජීවිතයම සඳහා ප්‍රතික්‍ෂේප ද කරයි. පිළිගනියි ද වේ. සකවාදියා එය පිළිනොගන්නේ යමක් අරූප පැවැත්මක් නැති කරහි රූප පැවැත්මක් ඇතැයි චෝදනා කිරීමට හඤ්චි යනාදිය කීය. සංස්කාර ස්කන්‍ධ ප්‍රශ්නයෙහි ඵස්ස ආදි සංස්කාර ස්කන්‍ධයන් සඳහා ප්‍රතික්‍ෂේප කරයි. කාය කර්ම ආදි සංස්කාර ස්කන්ධයන් සඳහා පිළිගනී. කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති සම්මා වාචා සම්මා කම්මන්තො ජීවිතින්‍ද්‍රියං යන මේ ආදි ධර්ම ද සංස්කාර ස්කන්‍ධයෙහි ඇතුළත් වේය යනු ඔහුගේ ලබ්ධියයි. සකවාදියා වනාහි එය නො පිළිගන්නේ ඉදින් නිරුද්ධ වූයේද අරූප පවතින කල්හි සංස්කාර ස්කන්ධ ඇත්ද සතර ස්කන්‍ධයන්ගේ ඇති බව වේයයි චෝදනා කිරීමට අත්‍ථි වෙදනාක්‍ඛන්‍ධො යනාදිය කීය. අනෙකා සමාපත්ති ඇතුළත සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සමවදින්නාට ද නැගී සිටින්නාට ද පෙර අපර භාගයක් සඳහා පිළිගනී.
අසංඥ සත්ත්ව වාරයෙහි ද මෙම නයයි. අසංඥ සත්ත්වයන්ගේ ප්‍රතිසන්ධි කාලයෙහි සිත ඉපදී නිරුද්ධ වේ යනු ඔහුගේ ලබ්ධියයි. එය සමග සිතෙන් වෙන් වූ අරූප ජීවිතේන්‍ද්‍රිය ඉපදී දිවිතෙක් පවතී. එහෙයින් ඔවුන්ට ජීවිතේන්‍ද්‍රියක් නැද්දැයි විචාරණ ලද්දේ ප්‍රතික්‍ෂේප කරයි. ඇත්දැයි විචාරණ ලද්දේ පිළිගනී. වේදනා ස්කන්‍ධ ආදිය ඒවායේ පැවැත්ම වශයෙන් ප්‍රතික්‍ෂේප කරයි. චුති ප්‍රතිසන්ධි වශයෙන් පිළිගනී. සකවාදියා වනාහි එය කැමති නො වන්නේ ඉදින් එහි එක් සැණයෙහි වේදනාදිය ඇති පංච වෝකාර පැවතීමට පැමිණේ යයි චෝදනා කිරීමට පංච වොකාර භවො යයි කීය. අනෙකා සූත්‍ර විරෝධී බියෙන් ප්‍රතික්‍ෂේප කරයි.
එකදෙසං භිජ්ජති ප්‍රශ්නයෙහි සම්ප්‍රයුක්ත වූයේ බිඳේ. විප්‍රයුක්ත වූයේ නොබිඳී යයි ඔහුගේ ලබ්ධියයි. එනිසා පිළිගනී. ද්වෙ ජීවිතින්‍ද්‍රියානි යයි විචාරීම පරවාදියාගේය. ප්‍රතිඥාව සකවාදියාගේය. රූප අරූප වශයෙන් ජීවිතේන්‍ද්‍රිය දෙකකි. ඒවායින් සත්ත්වයෝ ජීවත් වෙති. ඒවායේ බිඳී යෑමෙන් මැරේ යයි කියනු ලැබේ. චුති ඤාණයෙහි ජීවිතේන්‍ද්‍රිය දෙකම එකවිට බිඳේ.
79. කම්මහේතු කථා
දැන් කර්ම හේතු කථා නම් වේ. එහි යම් රහත් කෙනකුන් පෙර භවයෙහි රහතන් වහන්සේ නමකට අසත්‍ය දෝෂාරෝපන කළ වීරිය හේ එම කර්ම හේතුවෙන් රහත්බවින් පිරිහේය යන යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන් ගෙනා සම්මිතියන්ගේ මෙනි. ඔවුන් සඳහා කම්මහෙතු යන විචාරීම සකවාදියාගේය. ප්‍රතිඥාව අනෙකාගේය. සෙස්ස පරිහානි කථාවේ කී නයින්ම වේ.
හන්‍ද හි අරහන්තානං අබ්භාචික්‍ඛති යන මෙය යමෙකුගේ කර්මයේ හේතු පිරිහෙළයි. එය පිළිගැනීමට කියයි. ඉක්බිති සකවාදියා ඔහුට ඒ පක්‍ෂය පිළිගන්වා ඉදින් මෙසේ යම් රහතන් වහන්සේ නමක් අසත්‍ය දෝෂාරෝපන නොකළ විරීනම් ඒ සියල්ල රහත්බවට පැමිණෙන්නේ දැයි චෝදනා කිරීමට යෙ කෙචි යනාදිය කීය. අනිකා ඒ කර්මයේ අරහත් බවට පැමිණෙන නිසාම නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි.
අටවෙනි වර්ගය නිමියේය.
9. නවවෙනි වර්ගය
80. ආනිසංස කථා
දැන් ආනිසංස කථා නම් වේ. එහි ස්ව සමයෙහි සංස්කාර ආදීනවයෙන් නිවන ද ආනිසංස වශයෙන් බලන්නහුට සංයෝජන ප්‍රහාන වේය යනු නිගමය වේ. යමෙකුගේ වනාහි ඒ දෙකෙහිම එක් වාදයක් කොටගෙන ආනිසංස දැකීමෙන්ම සංයෝජන ප්‍රහාන වේයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඔබ විසින් එකංසිවාදය ගන්නා ලදී. ආදීනවය ද දැකිය යුතු වයස් එහි විභාග දැක්වීම සඳහා සකවාදියා සංඛාරෙ යනාදිය කීය.
සංඛාරෙ ච අනිච්චතො මනසිකරොති නිබ්බානෙව ආනිසංස දස්සාවි හොති යන ප්‍රශ්නයෙහි අදහස මෙසේය. ආනිසංස දකින්නහුට සංයෝජන ප්‍රහාන වේ යනු ඔවුන්ගේ ලබ්ධිය වේ. නනු සංඛාරො අනිච්චතො මනසිකරො සංයොජනා පහීයන්ති යයි විචාරණ ලද්දේ ආමන්තා යයි පිළිගනී. එයින් ඒ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරයි. නිවනෙහි ද ආනිසංස දකින්නේ වේයයි මෙයට පැමිණේ. කිම එය පිළිගන්නෙහි ද? ඉන් පරවාදියා ඒක චිත්තක්‍ෂණය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ නොයෙක් සිත් වශයෙන් පිළිගනියි. සකවාදියා ඔහුගේ අදහස් මැඩ අනිත්‍ය වශයෙන් පිළිගනියි. සකවාදියා ඔහුන්ගේ අදහස මැඩ අනිත්‍ය මෙනෙහි කරන්නාට ආනිසංස දැකීමද එකට ප්‍රතිඥාන නිසා ස්පර්ශ දෙකේ සිත් දෙක එක් වේදැයි අසයි. අනෙකා දෙකේ එකතුව නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. දුක්‍ඛතො යනාදි ප්‍රශ්නයෙහිද මෙම නයම වේ. මෙහි නිශ්චය පිළිබඳ කිම? කිම අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරන්නාට සංයෝජන ප්‍රහීන වේද? නැතහොත් නිවණෙහි ආනිසංස දක්නහුටද, නැතහොත් දෙකම එකට කරන්නහුටද? ඉදින් අනිත්‍යාදියෙන් මෙනෙහි කරන්නාට ප්‍රහීන වන්නේ නම් විදර්ශනා සිතින්ම වන්නේය. ඉක්බිති ආනිසංස දක්නහුට අනුසස් වශයෙන් නිවනෙහි ආනිසංස දකින්නාට විදර්ශනා සිතින්ම වන්නේය. ඉක්බිති දෙකම එකට කරන්නහුට වන්නේ නම් ඵස්සාදි දෙකේ එක්කිරීමෙන් වන්නේය. නිෂ්පත්තියට පැමිණෙන්ද නැවත නිත්‍යයෙන් යයි ආදි ග්‍රහණයේ අනුත්පත්ති ධර්ම භාවයෙන් නිවනෙහි ද ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ආනිසංස දැකීම කැමති වේ. එහෙයින් පැවතීම් වශයෙන් ද නිවනෙහි ආනිසංස දකින්නට සංයෝජනයන්ගේ ප්‍රහීනවීම සුවදැකීමට සාධනය කරයි. ආනිසංස දැකීම් මාත්‍රයෙන්ම සංයෝජන ප්‍රහාන නොවේ. එහෙයින් නොගෙනෙන ලද සමාන වේමය.